සිංහල ජාතිය ප්‍රධාන ජාතිය යයි සිතීම වරදක්..- බාහු
June 1, 2018 at 11:20 am | lanka C news
සිංහල ජාතිය ප්‍රධාන ජාතිය යයි සිතීම අද අපට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් යයි නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
විධායක ජනාධිපති ධුරය තිබීම නිසා සිංහල යන ජාතික මතවාදය තහවුරු වන නිසා එම ධුරය අහෝසි කල යුතු යයිද ඔහු සදහන් කරයි.
එනිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට ගෙනැවිත් තිබෙන යෝජනාවට විරුද්ද වීමට කිසිදු හේතුවක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධනය ස්ථිරවම ජය ගන්නා බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.