සිංහල දමිල මුස්ලිම් ජනතාව එක්ව තෛපොංගල් උත්සවයක් පවත්වති… දන්සලකුත් දෙති..

January 15, 2019 at 5:30 pm | lanka C news
සිංහල දමිල මුස්ලිම් ජනතාව එක්ව තෛපොංගල් උත්සවයක් පවත්වති… දන්සලකුත් දෙති..

හැටන් මහජන වෙළදපොලේ එක්සත් වෙළද සංගමයේ සිංහල දමිල මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව එක්ව තෛපොංගල් උත්සවයක්  පවත්වනු ලැබිය.

හැටන් මහජන වෙළදපොල අසල අද (15) පැවැත් වු මෙම පොංගල් උත්සවයේදි සුර්යය රාජයා වෙනුවෙන් හින්දු චාරිත්‍රානුකුලව විශේෂ පොංගල් බතක් පිලියෙල කර විශේෂ තෛපොංගල් ආගමික වතාවන් පවත්වා එම තෛපොංගල් දින උත්සවයට පැමිණි සියළු දෙනා වෙනුවෙන් පොංගල් කඩල සහ කිරි දන්සලක්ද පවත්වනු ලැබිය.

මෙම දන්සල සදහා විශාල පිරිසක් සහභාගි වි සිටියහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

43 views

2 Comments to “සිංහල දමිල මුස්ලිම් ජනතාව එක්ව තෛපොංගල් උත්සවයක් පවත්වති… දන්සලකුත් දෙති..”

  1. Rupa says:

    ඔන්න ඕක තමයි ඕන. ඔයගොල්ල අපේ වෙසක් පොසොන් වලටත් එන්න ..දන්සැල් බත් කන්න. අපිව කොටවන ඕනෑම දේශපාලුවෙක් ප්‍රතික්ශේප කරන්න.

  2. CORBRA says:

    උතුරේ බෞද් ධාගම ඉගැන්වීම පන්සල් තිබීමත් දෙමල සන්හිදියාවට බාදාවක් නම් මොකටද තයිපොන්ගල් අපේ රටේ සෑම තැනම පවත්වන්නේ ඒවා අන්‍යාගමිකයන්ට සිංහල සන්හිදියාවට බාදාවක් නේද ?

Main News