සිංහල පමණයි කතා දැන් ඇති.. එකම විසදුම ඒකාබද්ද රටක්.. ෆෙඩරල් පාලනයක්..

September 27, 2016 at 2:10 pm | lanka C news
සිංහල පමණයි කතා දැන් ඇති.. එකම විසදුම ඒකාබද්ද රටක්.. ෆෙඩරල් පාලනයක්..

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව කතා කරන විට එය ජාතිවාදයක් හැටියට ඇතැමුන් විග්‍රහ කරන නමුත් සිය ජීවිත කාලය තුළ තමා කිසිම දිනක ජාතිවාදියකු නොවූ බව උතුරු පළාත් සභාවේ මහඇමති සී වී විග්නේශ්වරන් පවසයි.

‘එලුග තමිල්’ වැඩ පිළිවෙල ඉතාම සාමකාමී පාගමනක් වූ අතර එම අවස්ථාවේ තමා පැවැත්වූ කතාවේ දී මුලින් ම සඳහන් කළේ එය ‘සිංහල විරෝධී බෞද්ධ විරෝධී හෝ ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක් නොවන බව’ යයි මහඇමති සී වී විග්නේශ්වරන් සිහිපත් කළේය.

‘සිංහල පමණයි’ පිළිවෙතත් සමඟ අවුරුදු හැටකට අධික කාලයක් තුළ නොවිසඳුන ප්‍රශ්න රාශියකට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව තවමත් මුහුණ දී සිටින බව සඳහන් කල මහඇමති සී වී විග්නේශ්වරන් ‘එලගු තමිල්’ වැඩ පිළිවෙළ මගින් සිදු කෙරුණේ ඒවා පෙන්වා දීම වූ බවයි කියා සිටියේ.

‘හැබැයි, අපි දෙමළ ජනයාගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරන විට මෙය හැමදාම සිදු වූ දෙයක්. අපට ජාතිවාදීන් කියනව’ මහ ඇමතිවරයා පවසයි.

ෆෙඩරල් පාලනයක්

උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කොට ශ්‍රී ලංකාව සඳහා ෆෙඩරල් පාලනයක් ‘එලගු තමිල්’ ව්‍යාපාරය මගින් ඉල්ලා සිටීම පිළිබඳව බීබීසිය ප්‍රශ්න කළ විට මහ ඇමතිවරයාගේ පිළිතුර වූයේ ශ්‍රී ලංකාවේ අර්බුදය නිම කරමින් ඒකාබද්ධ රටක් පවත්වා ගැනීමට හොඳම විසඳුම ෆෙඩරල් ක්‍රමය වන බවයි.

‘ෆෙඩරල් ක්‍රමය කියන්නේ රට බෙදන ක්‍රමයක් කියල දැන් අවුරුදු පනහක් විතර බොරුවක් කියමින් ඉන්නවා. ෆෙඩරල් කියන කොටම සිංහල නායකයො කියන්න පටන් ගන්නවා -ඔන්න රට බෙදන්න හදනවා- කියල. ඒක වැරදියි. ෆෙඩරල් පාලනයක් යටතේ අපේ කටයුතු අපට කරන්න ඉඩ දෙනවා නම් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ජීවත් වෙන්න පසුබිම සකස් වෙනවා’ මහඇමති සී වී විග්නේශ්වරන් පවසයි.

එහෙත් අද පළාත් සභා ක්‍රමය තුළින් දී ඇති බලතල පවා භුක්ති විඳීමට අවස්ථාවක් නොදෙන බව කියා සිටි මහඇමති සී.වී.විග්නේශ්වරන් මධ්‍යම ආණ්ඩුව විසින් සියල්ල තීන්දු කර ඒවාට සහභාගී වීමට කතා කිරීම පමණක් සිදු වෙන බවයි පෙන්වා දුන්නේ.

TNA ස්ථාවරය
‘එලගු තමිල්’ ව්‍යාපාරය සම්බන්ධයෙන් දෙමළ කැබිනට් ඇමතිවරයකුගෙන් සහ දෙමළ ජාතික සන්ධානයෙන් පළ වූ ප්‍රතිචාරය පිළිබඳව බීබීසිය විමසීමක් කළ විට මහඇමති සී වී විග්නේශ්වරන් කියා සිටියේ, ‘එලගු තමිල්’ නොව ‘එලගු ඉලන්ගයි’ කියා කිව හැක්කේ සිංහල ජාතියට සමාන මට්ටමින් දෙමළ ජනයාටත් සමාන අයිතිවාසිකම් සහතික කරන ලද සමාජයක වන බවයි.

‘එදාට අපි සියලු දෙනාම එක රටක පුරවැසියන් කියා කිව හැකි බවයි’ ඔහු පෙන්වා දෙන්නේ.

මෙම සාකච්ඡාවේ දී මහඇමති සී.වී.විග්නේශ්වරන් සඳහන් කළේ ‘තමාට කිසි විටක සිංහල විරෝධී දෙමළ ජාතිවාදියකු වීමට අවශ්‍ය නොකරන අතර තම දරුවන් දෙදෙනාම සිංහල ජාතිකයන් සමඟ විවාහ වී සිටින’ බවයි.

– BBC

21 views

25 Comments to “සිංහල පමණයි කතා දැන් ඇති.. එකම විසදුම ඒකාබද්ද රටක්.. ෆෙඩරල් පාලනයක්..”

  1. gadol says:

    ශ්‍රී ලංකාව කුඩා රටක් කිසිම කොටසකට වෙනම පාලනයක් නොදිය යුතුය මහා ජාතිය සමග සමගියෙන් ඉන්න බැරිනම් තමන් ඉදලා ආපු රටට

    යන්න පුළුවන් අපි මේ අයට එන්න කීවෙත් නැහැ ඉන්න කීවෙත් නැහැ ඉංග්‍රීසින් අපේ රටට වහල්ලු ගෙනාවට අපි වග නොකියමු.

  2. Micro Electrical says:

    සිංහල ජාතියට ලොව ඇති එකම රට මේ ශ්‍රී ලංකාව.පර දෙමලුන්ට ඕනෑ නම් ලබ්බෙ ෆෙඩරල් බැරිනම් ඕන මඟුලක් තියාගෙන අකුලගෙන පලයව් යන දිහාක.සිංහලේ රාජ්‍යටයි.සිංහල ජාතියට කෙලවන්ඩ ආවොත් නැවත හොයා ගන්ඩ දෙමළ පුළුටක්වත් නැති වෙයි.

  3. love nature says:

    Can Tamil Nadu be freed from Indian Rule?

  4. saradieal says:

    How many Tamils want independence for Tamil Nadu?

    The Indian government would never allow such a plebiscite voluntarily because they suspect that the outcome would be for an independent Tamil Nadu.

  5. lion says:

    හෙළ සිංහලයිනි එක් වෙයවූ අනාගත ඉතිහාසය නිර්මාණය කරන්න. සින්හයනි අනාගත ඉතිහාසය කැනහිලුන්ගෙන් වේ….ගෙන් රක ගැනීමට රොද බැඳෙමු. හෙළ දේශයේ සිංහ නාදයෙන් මුළු ලෝකයම සලිත කිරීමට හෙළ දේශයෙන් උපදින මෙත් සිසල ලොව පුරා පැතිර වීමට රොද බැදෙමු.

  6. Boo says:

    Every tamil person must exit from all districts outside north and east immediately and all hindu kovils outside north and east must be taken away with them. Just like Vigneshvaran, we are also not racists, just like Vignesvaran we are also not anti Tamil or anti Hindu, just like Vigneshvaran we are simply trying to solve problems faced by Sinhalese and trying to get back the lost rights of Sinhalese people in Sri Lanka.

    ලංකාවේ සෙසු ප්‍රදේශ වල තියෙන සියලුම හින්දු කෝවිල් සමග සියලුම දෙමල ජනතාව වහාම ඉවත්විය යුතුයි. හැබැයි විග්නේස්වරන් වගේම අපිත් ජාතිවාදී නැහැ, මේක දෙමල විරෝධී හෝ හින්දු විරෝධී අරගලයක් නෙමෙයි. විග්නේශ්වරන් වගේම අපිත් නිකම්ම සිංහල ජනතාවගේ ප්‍රශ්න සහ නැති වූ අයිතීන් දිනාගැනීම සඳහා පමණයි මේ කියන්නේ.

Main News