සිංහල බෑ කියූ යාපනය ශිෂ්‍ය සංගමය සිංහල ලිපියකට අත්සන් කරයි…

October 27, 2016 at 7:05 am | lanka C news
සිංහල බෑ කියූ යාපනය ශිෂ්‍ය සංගමය සිංහල ලිපියකට අත්සන් කරයි…

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා, තම සංගමය වෙත උතුරු ආණ්ඩුකාරවරයා වන රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් එවන ලද ලිපියක් යළි ඒ මහතා වෙත ලැබීමට සලස්වා තිබුණි.

ඒ, සිංහල බසින් ලියා ඇති එම ලිපිය සහ ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇති කාරණය තමන්ට නොවැටහෙන බව සඳහන් කරමිනි.

නමුත් පසුගියදා සිදුවූ ශිෂ්‍ය ඝාතනය පිළිබඳව යාපනය විශ්වවිද්‍යාලය විසින් නිකුත් කළ වාර්තාව සිංහල බසින් ලියා ඇති අතර එයට අදාළ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා තම අත්සන යොදා තිබිණි.

පසුගියදා යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධව එම විශ්වවිද්‍යාලයේ සිසුන් ගෙනගිය විරෝධතාවය පිළිබඳවත් ඔවුන් සහ ආචාර්ය මණ්ඩලය තමාට භාරදුන් පෙත්සම් කිහිපයක් පිළිබඳවත් ජනාධිපතිවරයාට දන්වා ආණ්ඩුකාරවරයා විසින් මෙම ලිපිය යවා ඇත.

ආණ්ඩුකාරවරයා විසින් එහි පිටපත් එම විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයටත්, නීති පීඨ ශිෂ්‍ය සංගමයටත්, විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයටත් ලැබීමට සලස්වා තිබේ.

කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. රජීවන් මහතා එය යළි ආණ්ඩුකාරවරයා වෙත ලැබීමට සලස්වා ඇත්තේ, (We could not understand what you are saying here. We are trying to say that Sri Lankan official languages are Sinhalese and Tamil) ඔබ පවසන දේ පිළබඳව අපට නොවැටහෙන බවත් අප කීමට උත්සාහ දරන්නේ ශ්‍රී ලංකාවේ නිල භාෂාවන් වන්නේ සිංහල සහ දෙමළ භාෂාව බවත්ය.

– වජිර කොඩිතුවක්කු

dsc_0020-dsdf

30 views

3 Comments to “සිංහල බෑ කියූ යාපනය ශිෂ්‍ය සංගමය සිංහල ලිපියකට අත්සන් කරයි…”

  1. ඇත්ත says:

    දෙමළෙන් ලිපි ලියන්න ඕන කියන යාපන සරසවියේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාට දෙමළෙන් සිය අත්සන යොදන්න තරම් දෙමළ දැනුමක් නැද්ද?

  2. Mali says:

    මුන්ට අවශ්‍ය දෙමළ භාෂාවතක් හින්දු ආගමවත් නොවෙයි..බටහිරට ගැතිවෙන්න ඉංග්‍රීසි භාධාවයි. ඒකනේ රාජ්‍ය භාෂාව නොවෙච්ච ඉංග්‍රීසියෙන් ආණ්ඩුකාරයට ලියුම් ලියන්නෙ. ඇයි මුන් මේ ටික දෙමළෙන් ලිව්වේ නැත්තේ..
    පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. රජීවන් මහතා එය යළි ආණ්ඩුකාරවරයා වෙත ලැබීමට සලස්වා ඇත්තේ, (We could not understand what you are saying here. We are trying to say that Sri Lankan official languages are Sinhalese and Tamil)

    • boosa says:

      සුමන්තිරන් කියනව COPE වාර්තාව දෙමළෙන් ඕන කියල….ඒක ඇත්ත දෙමළෙනුයි සිංහලෙනුයි දෙනව නම් ඉංග්‍රීසියෙන් දෙන්න ඕන නෑනේ. ඒ කියන්නෙ COPE වාර්තාව ඉංග්‍රීසියෙන් ගහල නිකන් සල්ලි නාස්ති කරන්න අවශ්‍ය නෑ. දැන් ඉතින් ඉස්සරහට සුද්දන්ය තේරෙන්න අපි නීති හදන්න අවශ්‍ය නෑ.ඉංග්‍රීසියෙන් නීති සම්මත කරන්න අවශ්‍යත් නෑ. සිංහලෙන් දෙමළෙන් මුද්‍රණය කළාම ඉවරයි. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ යාපන සරසවියේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. රජීවන් වගේ දකුණේ ඉන්න කලු සුද්දන්ට ඉංග්‍රීසි නැතිව බැරි වීමයි.

Main News