සිංහල බෞද්ධයන් රැකගැනීමට වැඩපිලිවෙලක් නෑ.. බෞද්ධයන්ගේ නිදහස අහිමි වෙලා..- හෙල උරුමය

August 18, 2017 at 8:40 am | lanka C news
සිංහල බෞද්ධයන් රැකගැනීමට වැඩපිලිවෙලක් නෑ.. බෞද්ධයන්ගේ නිදහස අහිමි වෙලා..- හෙල උරුමය

ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව හිස නමා පිළිගන්නවා වෙනුවට රාජතාන්ත්‍රිකව ප්‍රතිචාර දැක්විය යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව හිස නමා පිළිගන්නවා වෙනුවට රාජතාන්ති‍්‍රකව ප‍්‍රතිචාර දැක්විය යුතුයි.

ශී‍්‍ර ලංකාවේ සුඵතර ආගමිකයින් සුරැකීමට වැඩපිළිවෙලක් නැතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අන්තර් ආගමික නිදහස පිළිබඳව 2016 වසරේ වාර්තාවේ සඳහන් කර ඇත. විශේෂයෙන්ම මුස්ලිම් හා කි‍්‍රස්තියානි ආගමිකයන්ට එරෙහි ප‍්‍රහාර සම්ම්බන්ධයෙන් වගකිව යුතු සංවිධාන වලට හා භික්ෂුන්වහන්සේලාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් එම වර්තාවේ සඳහන් කර ඇත. ශී‍්‍ර ලංකා රාජය ආගමික ප‍්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීම සඳහා ප‍්‍රමාණවත් පියවර නොගෙන ඇති බවට ද එම වර්තාවෙන් චෝදනා කර ඇත.

මෙම වාර්තාව දුටු විට අපට සිහිපත් වන්නේ ලෝකෝපකාරයේ දැක්වෙන ‘ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට’ යන ආප්තෝපදේශයයි. ගෙවී ගිය දෙවසරක කාලය තුළ රටතුළ බරපතල ආගමික ගැටුම් හා ආගම් වලට එරෙහි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවී නැත. සු`ඵ සිදුවීම් කිහිපයක් සිදුවුවද ඒවා පාලනය කිරීමට රජයත් ඊට අදාළව කටයුතු කරන ආයතන හා පොලිස් දෙපාර්තමේන්තුව සමත් වී ඇත. ආගමික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිසා මනුෂ්‍ය ඝාතන හෝ ජිවිත හා දේපළ විනාශවීම් සිදුවී නැත.

ඕනෑම සමාජයක සමාජයීය හා ආගමික වෙනස්කම් මත ආතතීන් ඇතිවිය හැක. එය මුඵ මහත් ලෝකය තුළම දැකගත හැකි පොදු සත්‍යයකි. ඇමරිකා එක්සත් ජනපදය, මහා බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය ඇතුඵ යුරෝපා රටවල වර්ධනය වෙමින් ඇති ආගමික ප‍්‍රචණ්ඩත්වය හා ගැටුම් ශී‍්‍ර ලංකාව තුළ මෙන් සිය දහස් ගුණයකි. සංඛ්‍යා ලේඛන ගෙන බැලූ විට ශී‍්‍ර ලංකාවේ මෙන් දහස් ගුණයක වර්ධනයකි. මුස්ලිම් පල්ලි වලට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීම, මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබීම, මුස්ලිම් ජාතිකයන්ට පහරදීම්, බුර්කා ඇඳුම් ගැලවීම, නව නීති පැනවීම, හලාල් ආහාර තහනම් කිරීම, ඉස්ලාම් ආගමට විරුද්ධව අපහාස නින්දා කිරීම්, වෙනස්කොට සැළකීම්, ආයතනය තුළ පීඩාවට පත්කිරීම මේ අතර දැකගත හැකිය.

එලෙසම මැදපෙරදිග කලාපය තුළ කි‍්‍රස්තියානි විරෝධි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දැකගත හැක. ඉපැරණි කි‍්‍රස්තියානි පල්ලි බිමට සමතලා කිරීම, කි‍්‍රස්තියානි භක්තිකයින් ඉස්ලාම් ආගමට හැරවීම, ඔවුන් කූර ලෙස මරා දැමීම්, පළවා හැරීම් මේ අතර දැකගත හැකිය. මේ කිසිවක් පිළිබඳ වාර්තා, සංඛ්‍යා ලේඛණ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් වන්නේ නැත. අන්තර් ආගමික නිදහස ගැන කතාකරන්නේ නැත. එසේ නම් ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් මෙවැනි වර්තා නිකුත් වන්නේ ඇයි? මේ පිටුපස සිටින්නේ කවුද?

පැහැදිලිවම රාජ්‍ය නොවන සංවිධාන ලබා දෙන සාවද්‍ය තොරතුරු හා වර්තා පදනම් කරගෙන කිසිදු පසුවිපරමකින් තොරව ඇමරිකන් රාජ්‍ය දෙපර්තමේන්තුව මේ වාර්තා සකස් කර ඉරිපත් කරන බව දැන් සත් සුදක් සේ පැහැදිලිය.

ශී‍්‍ර ලංකාවේ සුඵතර ආගමිකයින් සුරැකීමට තබා ශී‍්‍ර ලංකාවේ බහුතර සිංහල බෞද්ධ ජනතාව සුරැකීමටවත් වැඩපිළිවෙලක් වගකිව යුත්තන්ට නැත. තමන් කැමති ඕනෑ ආගමක් ඇදහීමට ඇති නිදහස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත්තද, බුදුදහමට ප‍්‍රමුඛතාව ලබාදෙන බව සඳහන් කළද, රටේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල බෞද්ධයන්ට ඒ නිදහස අහිමි වී ඇත.

දෙමළ ජාතිවාදීන්ගෙන් හා බෙදුම්වාදීන්ගෙන් ඊට තර්ර්ජන එල්ලවී ඇත. නැගෙනහිර පළාතේ දෙමළ හින්දු ජනතාවට ඉස්ලාමීය ආගමික ප‍්‍රචණ්ඩත්වයෙන් බැටකෑමට සිදු වී ඇත. උතුරු පළාතේ දෙමළ හින්දු භක්තිකයන්ට කි‍්‍රස්තියානි ආගමික කණ්ඩායම් වලින් බටකෑමට සිදු වී ඇත. රටපුරාම මුස්ලිම්කරණය හා කි‍්‍රස්තියානිකරණය විවිධ මුහුණුවරින් කි‍්‍රයාත්මක වන අතර එහි ප‍්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත්තේ බහුතර සිංහල බෞද්ධ ජනතාවයි. ඒ අතර අන්‍යාගම්කරණය ප‍්‍රධාන වේ.

එකම ආගමේ විවිධ ප‍්‍රවනතාවයන් මතද ආගමික ගැටුම් හා ප‍්‍රචණ්ඩත්වයන් දැකගත හැකි අතර ඉස්ලාමීය ආගමික කණ්ඩායම් අතර ගැටුම් වර්ධනය වීමක් හා ඒවා ප‍්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වීමක් පසුගිය කාලය පුරා නිරීක්ෂණය කළ හැකි විය. මේ සියලූ සුඵතර ආගමික කණ්ඩාම් වල ඉලක්කය බවට පත්ව ඇත්තේ බහුතර මහා සමාජය වන සිංහල බෞද්ධ ජනතාවයි.

බහුතර සිංහල බෞද්ධ ජනතාව තුළ ඇතිවී ඇති අසහනකාරී තත්ත්වය හා ආතතිය ගැන මේ කිසිවෙක් සොයා බලන්නේ නැත. විමසා බලන්නේ නැත. ඒ පිළිබඳව හඩ නගන සංවිධාන වලට ඇහුම්කන් නොදෙන අතර ඔවුන් ජාතිවාදී, ආගම්වාදී උන්මන්තකයන් ලෙස හංවඩු ගැසීම ද විලාසිතාවක් බවට පත්වී ඇත. තවද ඔවුන්ගේ හැසිරීම හා කි‍්‍රයාකලාපය බහුතරයක් අනුමත කරන්නේද නැත. ඔවුන්ගේ ඉදිරිපත් කරීම් වල කරුණුමය වශයෙන් පිළිගත හැකි බොහෝ දේ ඇත. බොහෝ විට නීතිය හා අධිකරණය සුඵතර ආගමිකයන් සුරැකීමට වැඩි බරක් තබා කටයුතු කරන අතර බහුතර බෞද්ධයන් සම්බන්ධයෙන් පැන නගින ගැටඵ වල දී නීතිය අධිකරණය හා දේශපාලනය එවැනි බරකින් කටයුතු කරන්නේ නැත. එබැවින් ඇමරිකානු රාජ්‍ය දෙපර්තම්න්තුවේ අන්තර් ආගමික නිදහස පිළිබඳව මෙම ඊනියා වාර්තා රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින් ප‍්‍රතික්ෂේප කළ යුතුය. බැහැර කළ යුතුය.

පසුගිය කාලයේ මුස්ලිම් හා කි‍්‍රස්තියානි ආගමික ස්ථාන වලට පහරදීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට හා ජාත්‍යන්තර සංවිධාන වලට ඉදිරිපත් කළ වර්තා සාවද්‍ය, පදනම් විරහිත වාර්තා පමණක් නොව මෙම වාර්තා සැපයු සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන සුඵතර ආගමික සංවිධාන තම මූල්‍ය පැවැත්ම වෙනුවෙන් කරනු ලබන නිර්ලජ්ජිත කටයුත්තක් බව අවධාරණය කරන අතර ශී‍්‍ර ලංකාවේ අන්තර් ආගමික නිදහසට සැබෑ ලෙසම තර්ජනය එල්ල වී ඇත්තේ කවර පාර්ශවයන්ගෙන් ද යන්න සොයාබැලීමට විශේෂ කෙමිසමක් පත්කළ හොත් ඉන් බොහෝමයක් කරුණු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම වාර්තාව හිසනමා පිළිගන්නවා වෙනුවට රාජ්‍ය තන්ති‍්‍රක මට්ටමින් ශී‍්‍ර ලංකා රජය මෙයට ප‍්‍රතිචාර දැක්වීම කළ යුතුය.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
ජාතික සංවිධායක
ජාතික හෙළ උරුමය

241 views
Main News