සිංහල බෞද්ධ අප කාන්තාවන් වහල් සේවයට රට යැවීම ගැන ලැජ්ජා විය යුතුයි..

March 7, 2017 at 5:30 pm | lanka C news
සිංහල බෞද්ධ අප කාන්තාවන් වහල් සේවයට රට යැවීම ගැන ලැජ්ජා විය යුතුයි..

රටක සැබෑ සංවර්ධනයක් ඇති කිරීමට නම් ඒ රටේ පවුල් සබඳතාද ශක්තිමත් කළ යුතු බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

පවුල ශක්තිමත් කරන ප්‍රධාන පුරුකත් කාන්තාව වන බවද ඔහු කියා සිටී. කොළොම්තොට ලෝක කාන්තා දින සැමරුම් උත්සවයට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතන ශ්‍ර‍වණාගාරයේදී එම උත්සවය අද (07) පැවැත්විණ.

“අපි වැඩිම විදේශ ආදායම ලබන්නේ කාන්තාවන් පිටරටවල වහල් සේවයට යොදවා ලබන ආදායමෙන් කියලා සමහරු ලැජ්ජ නැතිව කියනවා. නමුත් මම පෞද්ගලිකව කාන්තාවන් පිටරට යවා මුදල් උපයාගැනීමට විරුද්ධ කෙනෙක්. අපි සිංහල බෞද්ධ රටක්. අනෙක් ආගම් සමග එක්ව සිටින රටක්. මම නම් ලැජ්ජා වෙනවා මේ වැනි කතාවක් කියන එක සම්බන්ධයෙන්. රටක් ඉදිරියට ගෙනයන්න මුදල් අවශ්‍යයි. නමුත් අපේ කාන්තාවන් ටික විකුණා හෝ මුදල් ඉපයීම සම්බන්ධයෙන් මගේ විරුද්ධත්වයක් තියෙනවා. අපි කාන්තාවගේ වටිනාකම හඳුනාගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ලෝක ආර්ථිකයට අපි හැඩ ගැහෙන්න අවශ්‍යයි කියනවා. නමුත් අපි හැදිච්ච සංස්කෘතිය හා සදාචාරයට පයින් ගහලා තියෙනවා.

මම දකින්නේ ගෙදරක ප්‍ර‍ධානම පුරුක කාන්තාව. ගෙයක් ඇති කරන්නෙත් කාන්තාව. නැති කරන්නෙත් කාන්තාව. සැමියා කුමන රැකියාවක් කළත් පවුල ඉදිරියට ගෙනි යන්න පුළුවන් ප්‍ර‍ධානම කෙනා තමයි අම්මා. පසුගිය දිනවල මේ ආයතනයට බඳවාගැනීම සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේදී සියයට 90 ක් පමණ අයදුම් කළේ කාන්තාවන්. මේක අපිට ප්‍ර‍ශ්නයක් වුණා. මොකද කාන්තාවන් බඳවාගැනීමේදී ප්‍රායෝගික ප්‍ර‍ශ්න එනවා. ඔවුන්ව රාත්‍රී සේවා මුර සඳහා යොදවන්නත් බැහැ. නමුත් අවසානයේදී මම තීරණයකට ආවා යම්කිසි ප්‍ර‍තිශතයක් කාන්තාවන්ටත් ලබාදෙන්න. නැත්නම් එතනදි ඔවුන්ට විශාල අසාධාරණයක් වෙනවා. අද කාන්තාවන් අධ්‍යාපනයෙන් ඉදිරියෙන්ම සිටිනවා. පාරවල්වල පෝස්ටර් අලවමින් කෑ ගහන කාන්තාවන් අඩුයි. ඒ එක්කම අපි තරුණ පිරිමින්ගේ ජවය කොයි දිශාවකට යන්නේ දැයි සොයා බැලිය යුතු වනවා. අද ඕනම හන්දියක, ත්‍රීවිල් නැවතුම්පළක වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ වයස අවුරුදු 18 සිට 24 දක්වා වයස් සීමාවල තරුණ පිරිමි දරුවන්. බොහෝ ආයතනවල මේ තරුණ ළමයින්ට රැකියා තියෙනවා. නමුත් ලෙහෙසියෙන් මුදල් උපයන ක්‍ර‍ම ගැන තමයි ඒ ළමයි උනන්දු වෙන්නේ. හොරට මුදල් උපයන්න, කොමිස් ගහන්න, කෙනෙකු විකුණා හෝ මුදල් ඉපැයීමට ඔවුන් යොමු වනවා. හොද යහපත් සමාජයක් ඇති කරන්න නම් ඉදිරියේදී මේ ක්‍ර‍මය වෙනස් කළ යුතුයි…..” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

– තමීර මංජු

49 views

16 Comments to “සිංහල බෞද්ධ අප කාන්තාවන් වහල් සේවයට රට යැවීම ගැන ලැජ්ජා විය යුතුයි..”

  1. simion says:

    හරියට වන්නිලගේ ඇත්තෝ සිල් සමාදන් වෙලා බණ කියනවා වගේ…

    • jaathiwaadiya says:

      ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.

    • දී කිරිඇලි says:

      එකම පිත්ත උනාට..
      බෝල වර්ග තුනක් ඇත..!
      ලෙදර් බෝලය.. ටෙනිස් බෝලය.. බැලුම් බෝලය..
      මොකක්ද හොඳ ..!

  2. kolitha says:

    මහබැන්කුවෙන් හොරාකන එක , කැලේ කපා විකුනගන්නා එක , රට බෙදන්න දීල පස්ස හරවාගෙන ඉන්න එක , අපිව බේරගත්ත රණවිරුවෝ බලු කුඩුවල දාල ඉන්න එක ..NGO ,කාරයින්ගේ පදේට නටනඑක…සමලින්ගිකයින් එක්ක පෙම් කෙලින එක , පට්ටපල් බොරු කියල ජනතාව් මුලා කරන්න හදනඑක , වී ටික සත්ව කෑම වලට විකුණලා ,..සත්තුන්ට කන්න පුළුවන් හාල් ගෙන්නන එක ..අනේ අපිට කන්න හාල් ටිකක් දෙන්න කියලා පිට රටකට කියන නායකයෙක් යටතේ ඉන්නඑක …ඊට‍ වඩා ලජ්ජා නැද්ද ????????

  3. dcfg says:

    මව්ගුණ ගායනාවට කම් නැත.. නමුත් එයින් කාන්තාවාදීන්ට ප්‍රයෝජනා ගැනීමට ඉඩක් නොමැත !

  4. ExUNPer says:

    Sir, these are only immotional comments in the theoretical world.
    If you know the real world where these people live…you find that this is not an easier task.

  5. Anna Porjuna says:

    Ayyage nona koheda inne??????
    Me paara lamai lankawata awama ayyawa balanna awe naththe ai?????

  6. Sumedha says:

    well said !

  7. Saradiel says:

    ගෑණු අරාබියට යවලා
    උඹලා එවන තුට්ටු දෙකෙන් තමයි
    ගමත් දුවෙන්නේ
    රටත් දුවන්නේ
    රට කරවන එවුනුත් සැප ගන්නේ
    ඔය​ තුට්ටු දෙකෙන් තමයි
    කාන්තාවන් වහල් සේවයට යැවීම ගැන ,අපේ රටේ වත්මන් රෙජිමයත් එම කාන්තාවන්ගේ පවුල් වල සාමාජිකයනුත් ලජ්ජාවිය යුතුයි

  8. SARA says:

    සවුදි අරාබිය වැනි තවම 15 වැනි සියවසේ ජීවත්වන මිනිසුන්ගෙන් පිරි ම්ලේච්ඡ රටකට කාන්තාවන් වහල් සේවයට යැවීම ගැන අප ලැජ්ජා විය යුතුය. වහල් සේවයට නොව වෙන කිසිම හේතුවක් නිසා පය නොතැඹිය යුතු භූමියකි සවුදි අරාබිය එසේම
    .ඕමාන්, කුවේට්,බහරේන් ,වැනි කිසිදු මැදපෙරදිග රටකට අපේ කාන්තාවන් යැවීම සම්පුර්ණයෙන් තහනම් කල යුතු යි අපේ කාන්තාවන් මැදපෙරදිග වහල් සේවයේ යොදවා ලබා ගන්නා මුදල් ගැන ඇත්තෙන්ම රටේ පාලකයින් ලජ්ජා විය යුතුයි වරදට අරාබිකාරයා ගේ විසදුම අත් කැපීම,බෙලි කැපීම හා ගල් ගැසීමයි.අපට මේවා පිළිකුල් හා ම්ලේච්ඡ වුවද මුස්ලිම්වරුන්ට එය ශුද්ධය. දේවා වාක්‍යවල සදහන් දඩුවම්ය අරාබි ම්ලේච්ඡත්යව ඉස්ලාමය තුලින් පැමින අදටද ජීවමාන වී ඇත අරාබියේ නීතිය හැමෝටම සමානද නැත සුද්දෙක් වරදක් කලොත් දෙවියන්ගෙ නීති පස්ස පැත්තේය..මැදපෙරදිගට තානාපතිවරු ලෙස දාන්නෙම මුස්ලිම්වරු. මං හිතන්නෙ නෑ ඒ අයට ශ්‍රමිකයො ගැන හැඟීමක් තියනව කියල. ගෘහ සේවිකාවෝ හැටියට මේ ඉස්ලාම් අමනුස්ස හැතිකරය රජ කරන රටවලට ගෑනු නොයවන්න අපේ රටේ පිරිමින්ගේ කොන්ද කෙලින් කරගන්න බැරිනම් ප්‍රශ්නේ මෙහෙමම තියෙයි
    පාලකයින් හොදින්ම දන්නවා අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග රටවල ගිහින් දුක් විදින හැටි නමුත් අයුක්තිය දැක දැකත් දෙනෙත් පියාගන්නේ පෞද්ගලික වාසි තකා බව පැහැදිලිවම පෙනෙනවා.

  9. OLU says:

    රණතුංග ඇමති තුමෙනි , ඔබතුමා ලෝකයේ ලොකුම නත්තල් ගස හදන්න වියදම් කල මුදල ලංකාවේ දුප්පත් කාන්තාවන්ට ස්වයං රැකියා ලබාදීමට සිතුවානම් …….
    අද මැදපෙරදිග යන කාන්තාවන් විශාල ප්‍රමාණයකට මේ රටේ ස්වයං රැකියා කිරීමට අවස්තාවක් ලබාගැනීමට
    හැකිව තිබුනා නේද ? මේ රටේ දේශපාලකයින් වැඩි දෙනෙක් සිතන්නේ ඔවුන්ගේ වාසියට බලයට ප්‍රසිද්දියට වැඩ කිරීමයි

    • jaathiwaadiya says:

      අර පිල්ලි අටවන්න යන සල්ලි වලින් ඔය වැඩේ කරන්න බැරිද? අර පුපෙටම යන සල්ලි එකතු කලත් මහන මැෂින් කියක් ගන්න පුලුවන්ද ඈ?

  10. gadol says:

    මේ කලුසුද්දෝ ඉන්න කන් අපේ රට හදන්න බැහැ මුන්ට චන්දය දෙන අයට කොස්සෙන් ගහන්න ඕනේ

Main News