සිංහල-මුස්ලිම් අවුලට වගකියන්න ඕනෑ අගමැතියි-සාගලයි-පොලීසියයි..- ජනපති කියයි..
May 24, 2017 at 1:20 pm | lanka C news
මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයන්ට පහර දීම හා බොදුබල සේනා ක්‍රියාකාරීත්වය සම්බන්දයෙන් ශ්‍රිලනිප බේරුවල ආසන සංවිධායක අන්ජාබ් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති එම පක්ෂ මධ්‍යම කාරක සභාවේදී විවේචනාත්මකව අදහස් පල කර තිබේ.
මහින්ද රාජපක්ෂ පාලන කාලයට වඩා අද වන විට මුස්ලිම් ජනතාව ප්‍රශ්නවලට මුහුණු පා ඇති බවත් ඊට කිසිදු පිරිතුරක් ආණ්ඩුවෙන් මේ වන තෙක් ලැබී නැති බවත් ඔහු පෙන්වා දී ඇත.
උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්නද ඊට පක්ෂව අදහස් පල කරමින් පෙන්වා දී ඇත්තේ පොලොන්නරුව ප්‍රදේශයේදී ඉස්ලාම් ආගමික ඉදිකිරීම් කිහිපයක්ම විනාශ කර ඇති බවයි.
මෙහිදී තරමක් කෝපයෙන් මෙන් ජනාධිපතිවරයා ‘ ඕකට මමද වගකියන්න ඕන. ඕකට වගකියන්න ඕන පොලීසිය. පොලීසියට වගකියන්නේ කවුද සාගල රත්නායක. සාගල කාගෙද රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙ. ඒගොල්ලො තමයි මේකට වගකියන්න ඕන’ යයි අදහස් දක්වා ඇත.
yes true. SAGALA HAVE CONNECTION WITH BODUBALASENA.
මාව තරහා ගස්සන්න එපා