සිංහල හා දෙමළ ජනතාව එකතු වී ශක්තිමත් ජනාධිපති කෙනෙක් බිහිකල හැකියි…

September 4, 2019 at 8:40 am | lanka C news
සිංහල හා දෙමළ ජනතාව එකතු වී ශක්තිමත් ජනාධිපති කෙනෙක් බිහිකල හැකියි…

ඉදිරියේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් සියලු සිංහල දෙමළ ජනතාව එකතු වන්නේ නම් ශක්තිමත් නායකයෙකු බිහිකල හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසීය.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ බව පවසා සිටියේ යාපනය අචුච්වේලි ප්‍රදේශයේදී දෙවන වරටත් බෞද්ධ හින්දු සංස්කෘතික සංසදය විසින් සංවිධානය කරන ලද වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම වැඩසටහනට සහභාගී වී ජනතාව අමතමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ,

‘ලංකාව ලෝකයේ තිබෙන ඉතාම ලස්සන රටක් ඒ වගේම සම්පත් තියෙන රටක් එහෙනම් ඇයි අපේ රට දුප්පත් ඇයි අපේ රට අසමගි ඇයි අපේ රට තුල අසමගියක් ඇත්තේ මේ සඳහා අපිම උත්තරයක් සොයා ගත යුතුයි.

‘මේකට උත්තරය තමයි අපේ රටට නිදහසින් පසුව අපට හොඳ ශක්තිමත් නායකයෙකු බිහිකරගන්න බැරිවුනා එහෙම බිහිකරගත්තොත් තමයි ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ඒක අපි ඕකකම එකතුවෙලා විශේෂයෙන්ම දෙමළ සිංහල අපි ඔක්කම එකතුවෙලා හොඳ මිත්‍රත්වක් තියනවනම් මේක විසඳගන්න පුලුවන්.

මේ පලාතේ ආර්ථිකය දියුණු කරනවනම් කොහොමද කර්මාන්ත ඇති කරන්නේ මොන වගේ කර්මාන්තද යාපනයේ කරන්න පුලුවන් යාපනය දියුණු කරන්න පුලුවන් කොයි විදිහටද මට ඒ ගැන අදහසක් තියනවා මට හිතෙනවා ඉදිරි අවුරුදු පහේදී විශාල සංවර්ධනයක් මේ පලාතේ කරන්න පුලුවන් ඉදිරියේ අපි එහෙම සැලස්මක් ඉදිරිපත් කරන්න බලාපොරෝත්තු වෙනවා ඉදිරියේදී පැමණෙණ ජනාධිපතිවරනයේදී අපි කවුරුත් එකතු වෙලා කතාබහ කරල මුලු රටටම ශක්තිමත් නායකයෙක් බිහිකරන්න ඕන ඒකට අපි එකතු වෙලා වැඩ කරමු කියා මා ඉල්ලා සිටිනවා. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,848 Viewers

9 Comments to “සිංහල හා දෙමළ ජනතාව එකතු වී ශක්තිමත් ජනාධිපති කෙනෙක් බිහිකල හැකියි…”

  1. john the baptice says:

    ගොටාබයට හේත්තු වෙන්න වගේ කල්පනාව.

  2. Psssss says:

    You supported these “Jahapalanaya” and now you are trying to preach to us????

    Do not wear that robe as you have proven that you just use it to benefit your own greed! If you want to do politics disrobe!! Never disuse it. You will have to pay dearly! Buddha has preached what happens who misuse the Dharma for their own welfare!!

    • JANATHAAWA says:

      Can you first persuade them to resettle the Sinhala people ,who had been living in the
      Jaffna district and other districts in the Northern province , for decades prior to L.T T.E. terrorism and were chased out( some were murdered) by Prabhakaren ,as accomplishing “SAHAJEEVAVAYA”on their part. Is that only for Sinhala people to abide by?The opportunistic Sinhala politicians should redress their injustice.

  3. Kalan says:

    This is what should be happen, otherwise both get suicides.

  4. තිසර සිල්වා says:

    අනේ රතනට වෙච්ච වින්නැහියක මහත. එදා මහින්ද රාජපක්‍ෂ මහතාට කරන්න පුලුවන් උපරිම හතුරුකම් කලා. දැන් අතරමං වෙලා හීන් නූලෙන් ගෝඨාභය මහතාට හේත්තු වෙන්න හදනවා. රතනව අපේ වේදිකාවට නග්ගන්නේ නැතෝ.

  5. ae hettu unnama gataluwak nhaa,kauru unat konda kelin tiyana naaaykayo ekatu waaan tamae orrrna.

    • OBSERVER says:

      Give and take policy should be accomplished by both parties equally well. So far the Sinhala people have not observed that racialist Tamil politicians, allowing Sinhala people to buy lands and settle there,though they are free to do so in any part of the country. They are even
      not allowing those people Sinhala settlers, who were residing their for decades prior to Prabhakaren’s brutal terrorism ,also to be resettled there.

  6. Sadda says:

    පිං අයිතිවෙයි අපේ හාමුදුරුවනේ , වහෙන් ඔරෝ භාශාවෙන් නැතිව්ව ඔබවහන්සේ යෝජනා කරන අපේක්ශකයා සදහන් කරන්න. අපි කල වැරැද්දට සමාව දෙන්න ලෑස්තියි . අපිට හිතෙන්නේ එත්කන් ඔබවහන්සේ සිල්ලර පොරක් ගැන හිතමින් බහුතර සිංහලයින්ගේ සටන අඩාල කරන්න දරන උත්සාහයන් හැටියට යි.

  7. Saradiel says:

    සැම සුළු ජාතිකෙක් තම උපන් රටට දිවිහිමියෙන් ආදරය කල යුතුය ඇමෙරිකාවේ විසාල ජනකොටස් ජිවත් වෙනවා ඒ හැමදෙනාම කියන්නේ අපි ඇමෙරිකානුවෝ කියලා ඇයි අපිට බැරි?

Main News