සිංහ කොඩිය ජිනීවාදී දිගටම ලෙලදේ.. ලක් කතක් උස් හඩින් සමුළුව අමතයි..

September 27, 2017 at 12:00 pm | lanka C news
සිංහ කොඩිය ජිනීවාදී දිගටම ලෙලදේ.. ලක් කතක් උස් හඩින් සමුළුව අමතයි..

ජිනීවාහීදී එක්සත් ජාතීන්ගේ 36 වන මානව හිමිකම් කොමිසම් සැසිවාරයට ගෝලීය ශ්‍රී ලාංකීක සංසදයේ ආරාධනය මත සහභාගීවන අද්මිරාල් සරත් වීරසේකර හා ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රමුඛ කන්ඩායමට ඊයේ දිනයත් ඉතා වැදගත් විය. ඒ කොටි හිතවාදී තමිල්නාඩු දෙශපාලනඥයෙකු වූ වයිකෝගේ නායකත්වයෙන් සමුලුවට සහභාගීවන 30 දෙනෙකුට අධික දෙමල ඩයස්පොරාව කරන බලපෑමට එරෙහිව මවු බිම වෙනුවෙන් හඩක් නගන්නට සිටියේ ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් මේ කුඩා කන්ඩායම පමනක් වීම නිසාය.

වයිකෝ ජිනීවා මානව හිමිකම් සැසිවාරයක ලංකාවට එරෙහිව කතා කරන්නේ වසර 16 කට පසුවය. ඒ පසුගිය රජයේ විරෝදය නිසා වයිකෝට ජිනීවා පැමිනීමට අවසර නොලැබීම නිසාය. නමුත් වර්ථමානයේ මානව හිමිකම් සැසිවාරය අමතමින් ලංකාවට අභූත චෝදනා එල්ල කරන්නට ඕනෑම කෙනෙකුට හැකිව තිබෙන්නේ රජය මේ සම්බන්ධව දරන උදාසීන ආකල්පය නිසාය. පසුගිය දින තුනක් පුරා වාර ගනනාවක් සමුලුව අමතන්නට මේ නිසා වයිකෝට ප්‍රමුක කන්ඩායමට අවස්ථාව ලැබී තිබුනි. ඔවුන් දිගින් දිගටම පවසා සිටියේ ශ්‍රී ලංකාව තුල දෙමල වැසියන් සුරක්ෂිත නැති බවට, දිනපතාම වාගේ දෙමල ජනතාව හමුදා අතවරයන්ට ලක්වන බවත්ය. ඒ නිසා දෙමල ජනතාවට ඊලාම් දේශය හැර වෙනත් කිසිදු විසඳුමක් නැති බව කී ඔවුහු ලංකාවේ යුධ හමුදාවට දඩුවම් දීම ප්‍රමාණවත් නැතිබවත් එකසත් ජාතීන්ගේ සංවිධානය ලංකාවට එරෙහි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතු බවත් කීහ.

මේ අනුව ඊයේ දිනයේ ශ්‍රී ලංකා කන්ඩායම උපරිම ප්‍රයෝජනය ගත්තේ කන්ඩායමේ සිටි එකම කාන්තාව වූ අනුරාධා යහම්පත් මහත්මියට සමුලුව අමතන්නට ලැබුන අවස්ථාවෙනි.

වයිකෝද පසුබිමේ සිටින අවස්ථාවක කතාකල ඇය අසා සිටියේ උතුරේ දෙමල ජනතාවට අවශ්‍යවන විට තම රුධිරය පවා දන් දෙන තරම් දෙමල ජනතාවට සහෝදරත්වයෙන් සලකන යුධ හමුදාවකට කවුරුන්හෝ යුධ අපරාධ චෝදනා කරන්නේ කෙසේද කියායි.දෙමල ජනතාවගෙන් 50%කට වඩා සිංහල ජනතාව අතර ජීවත් වන අතර ලංකාව පිලිබඳ වැරදි චිත්‍රයක් ලොවට පෙන්නන්නේ දෙමල දේශපාලනඥයින් බවත් ඔවුන් අතර තමිල්නාඩු දේශපාලනඥයින්ද සිටින බවත් ඇය කියා සිටියාය. එමෙන්ම මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිවරයා වැරදි කරුණු පදනම් කරගෙන තීරණ වලට එන ආකාරය ගැන තමුන් පුදුම වන බවද අනුරාධා යහම්පත් මහත්මිය කියා සිටියාය. මේ අවස්ථාවේ ඇය අසලින්ම සිට අද්මිරාල් සරත් වීරසේකර හා ආචාර්ය නාලක ගොඩහේවා මෙන්ම එහි වැඩම කර සිටි බෙන්ගමුවේ නාලක හිමිපානෝද ශ්‍රී ලංකා කන්ඩායමට ශක්තියක් වන ආකාරය දක්නට ලැබුනි.

– චාමින්ද කරුණාරත්න

259 views

36 Comments to “සිංහ කොඩිය ජිනීවාදී දිගටම ලෙලදේ.. ලක් කතක් උස් හඩින් සමුළුව අමතයි..”

  1. Dr Lakshman Fernando says:

    You are GRATE Daughter. Congratulations !

  2. DAYA says:

    Excellent presentation on behalf of the nation.

  3. Edmund Dhanathissa says:

    Excellent! We are proud of you, Anuradha!

  4. Lionpride says:

    Brilliant Anuradha. Sinhale needs more courageous women like you to represent us unlike the spineless and greedy women we have in the parliament of Sinhale.

Main News