සිංහ කොඩිය රටේ ජාතික කොඩිය යයි පිලිගන්නේ නෑ.. ලංකාව සිංහල බෞද්ධ රටක් යයි එම කොඩියෙන් කියනවා..- උතුරු පළාත් ඇමති..

November 18, 2017 at 10:40 am | lanka C news
සිංහ කොඩිය රටේ ජාතික කොඩිය යයි පිලිගන්නේ නෑ.. ලංකාව සිංහල බෞද්ධ රටක් යයි එම කොඩියෙන් කියනවා..- උතුරු පළාත් ඇමති..

සිංහ කොඩිය මෙරට ජාතික කොඩිය යයි පිලි නොගන්නා නිසා එය එසවීම ප‍්‍රතික්‍ෂෙප කලේ යයි උතුරු පළාත් අධ්‍යාපන ඇමති එස්. සර්වෂේවරන් මහතා පවසයි.

මෙම තීරණය දැනට වසර 67ක පමණ කාලයක් තිස්සේ දෙමල නායකයන් විසින් කරගෙන ආ ප‍්‍රතිපත්තිමය තීරණයක් යයිද ඔහු සදහන් කරයි.

ජාතික කොඩියේ අසිපතක් අතින් ගත් සිංහයාගෙන් ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ද රටක් යයි හුවා දක්වා ඇති බවත් ඉන් අනෙක් ජාතීක් පහත් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙනිසා ජාතික කොඩිය සියළු ආගම් ජාතීන්වලට සමතැන් ලැබෙන සේ වෙනස් විය යුතු යයිද ඇමතිවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටී.

277 views

20 Comments to “සිංහ කොඩිය රටේ ජාතික කොඩිය යයි පිලිගන්නේ නෑ.. ලංකාව සිංහල බෞද්ධ රටක් යයි එම කොඩියෙන් කියනවා..- උතුරු පළාත් ඇමති..”

  1. LION says:

    ඓතිහාසික මුලාශ්‍ර හා ඉංග්‍රීසින්ගේත් මෙරට ආක්‍රමණය කල අනෙකුත් බටහිර ජතින්ගේත් රාජකාරි ලේඛන වලට අනුව ඓතිහාසික දෙමළ නිජබිම් හෝ ස්ථිර දෙමළ ජනාවාස මෙරටේ නොතිබුණු බවත් මුලිකව 1834 වසරේත් පසුව විශාල වශයෙන් 1856 අවදියෙන් පසු ඉංග්‍රීසින් විසින් මලබාරයන් (දකුණු ඉන්දියාවෙන් ගෙනෙන ලද පොදුවේ දෙමළ කථා කරන ජනතාව) වහලුන්සේ ගෙනවිත් පදිංචි කර ජනාවාස ඇරඹු බවට ලිඛිත සාක්ෂි තිබේ.
    1801 වසරේදී තංගල්ලේ සිට මඩකලපුව හා ත්‍රිකුණාමලයට පා ගමනින් ගිය කොළඹ කොටුව දේවස්ථානයේ ප්‍රධාන පූජක ජේම්ස් කෝර්ඩ්නර් පවසන්නේ මඩකලපුව ඕලන්ද කොටුව අසල දුපතක ඕලන්ද කොටුවේ සේවයට ගෙනන ලද මලබාර් පවුල් 220 පමණ හැර රට තුල එනම් ප්‍රධාන භුමිය තුල කිසිදු මලබාර් ජනාවාස නොවූ බවය. එසේම 19වන සියවස ආරම්භයේදී හම්බන්තොට සිට නැගෙනහිර වෙරල දිගේ ගොඩබිමින් ගමන් කල ජෝන් රීඩර් නම් ශල්‍ය වෛද්‍යවරයාද පවසන්නේ තමන්හට මලබාරියන් හමු නොවූ බවය.

  2. sinha le says:

    රට දෙකඩ විම නතර කළ නොහැකි ඉසව්වකට ගවපාලක මෛත්‍රී සහ පරංගින් අත රූකඩයක් වූ දොන් ජුවන් ධර්මපාල මෙන්ම දෙමළන් අත රුකඩයක් වු රනිල් රැගෙන යමින් සිටින බව දැන් තහවුරු වෙමින් තිබේ. කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවට එක්වු දෙමළ ජාතික ජනතා පෙරමුණ වසර 30ක් යුද්ධයෙන් බෙදා වෙන්කල නොහැකිවු රට ගවපාලනය යතටතේ බෙදාවෙන් කිරිමට අවශ්‍ය සියලු පහසුකම් ලැබි තිබෙන බව තහවුරු කර තිබේ.

  3. LION says:

    ඉන්දියානුවන් යනු දියරෙද්දෙන් බෙල්ල කපන ජාතියකි , මෙකී සත්ය ඔවුන් ඉහද තබා අදහන රාමයනය තුලම ගැබ්ව ඇත.

  4. sinha le says:

    රුහුණු ‍රටේ මාගම, කාවන්තිස්ස නම් රජකු සිටියා. එතුමාට සිටියා, පුතුන් දෙදෙනකු. වැඩිමහල් කුමාරයාගේ නම ගැමුණුය. බාල කුමාරයා තිස්සය.

    දවසක් පිය රජතුමා, පුතුන් දෙදෙනාට කතා කොට, පුතේ නුඹලා දෙදෙන මේ රටේ ඉන්නා දෙමලුන් සමග කෝලාහල කරන්නට එපා.

    ඔවුහූ බොහෝම නපුරුයි.

    ඔවුන් සමග කවදාවත් කෝළාහල නොකරන බවට පොරොන්දු වී මේ බත් ගුළිය බෙදාගෙන කන්නැයි කීවා. බය නැති ගැමුණු කුමාරයා මේ කතාව අසා බත් ගුළිය විසිකර දමා ඇඳට ගොස් වකුටුව නිදා ගත්තා.

    මව විහාර මහා දේවි පුතා වකුටුව නිඳා ඉන්නේ ඇයි දැයි ඇසුවා.

    අම්මේ දකුණින් ගොඑ මුහුදය. උතුරින් හැඩි දෙමඑය. මම කෙසේ අත් පා දිග හරිම් දැ යි පුතා කීවා.

  5. sinha le says:

    ගැමුණු පුතනුවනි කීර්ති පුතනුවනි නැවත සිංහලේ ඉපදී නුතන නොදරුවන් ට අපේකම හඳුන්වා දෙන්න මාගේ දේශය රැ ක දෙන්න දැන් ඇත්තේ ඇති බිහිසුනුම අවස්තාවය් සිංහලේද ඊලාමයද ? දෙකෙන් එකක් තෝරා ගන්න දරුවනි විහාර මහා දේවී මාතාවනි ඔබවැනි වීර මාතාවන්ගේ කුසින් ඉපදුන දරුවෝ අද විනාශය අභිමුඛයේය ඉන්දියාවේ හා බටහිර ම්ලේච්චයින්ගෙන් රට බේරා ගෙන රනිල් සිරිසේන වැනි උන්ගේ ඒජන්තයින් අවීචි මහා නරකාදියට දක්කන කෙනෙක් වහාම රටට අවශ්ෂ්‍ය ය

  6. love nature says:

    ඉතාලියේ බොලොන්ඤ්ඤෝහී දී පැවති ක්‍රීඩා තරගයකදී කොටි හිතවාදීන් පිරිසක් විසින් ඊළාම් කොඩිය එසවීමට උත්සහා දරූ අතර ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි විරෝධය ඊට එල්ල විය.

    එහිදී ශ්‍රී ලාංකිකයන් විසින් ඊළාම් කොඩිය ඉවත් කර සිංහ කොඩිය ඔසවා ඇති අතර එහිදී ඇති වූ නොසන්සුන්තවය පාලනය කිරීමට ඉතාලි පොලීසිය පැමිණියහ.

  7. sinha le says:

    එක රටයි මායිම් සීමා මොක්ටද රට බෙදෙන්නෙත් නෑ බෙදන්න දෙන්නෙත් නෑ…

  8. Saradiel says:

    ජාතික කොඩිය මෙන්ම ජාතික ගීයද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කර ඇත. ඒ අනුව ජාතික ගීය ගායනා කිරීමේ හැකියාව පවතින්නේ සිංහල භාෂාවෙන් පමණි. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීමද ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමකි.

Main News