සිගරට් මිල වැඩි කළාට බීඩි උරන්නේ නෑ..

July 23, 2017 at 12:43 pm | lanka C news
සිගරට් මිල වැඩි කළාට බීඩි උරන්නේ නෑ..

සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛාවේ වාර්ෂික සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත දී පැවැත්ව්නි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙි වැඩපිළිවෙලේ දී සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය මට පුර්ණ සහයෝගය ලබාදුන්නා. ඒ පොදු ජනතාව දෙස ඔබලා ද අවධානය යොමු කරමින්. පාරිභෝගික ජනතාව සමග ගැටෙන්නේ ඔසුසල් හිමියන්. වර්තමානයේ ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදන කර්මාන්තයට තර්ජනයක් ඇති වී තිඛෙනවා. ඊට හේතු වී ඇත්තේ එම කර්මාන්තයට වඩා රෝග සදහා අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමට සිදුවීම හේතුවෙන්. කොලෙස්ටරෝල් අහාර සහ ව්‍යායාම වලින් පමණක් පාලනය කළ හැකි බව නවතම පර්යේෂණ වලින් හෙළි වී තිඛෙනවා. එම නිසා ඖෂධ ජාවාරමට වඩා නියම ඖෂධ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියා ලෝකය තුල සංවාදයක් ඇති වී තිඛෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් විවිධ ඖෂධ නිෂ්පාදන 2348 ක මිල අඩු වී තිඛෙනවා. අධික මිල සහිත ඖෂධවල මිල පාලනය කිරීම කඩිනම් කළ යුතුයි. හෘද රෝගීන් සදහා ලබාදෙන ස්ටෙන්ස් මිල අඩු කිරීමට තමයි මම මිීලගට සුදානම් වන්නේ. දැනට ස්ටෙන්ස් එකක මිල රුපියල් ලක්ෂ 03 ක් පමණ වනවා. එය රුපියල් එක්ලක්ෂ 5000 ක් දක්වා අඩු කිරීෙමි ගැසට් නිවේදනය ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරනවා. නොමිලේ ස්ටෙන්ස් ලබාදීම හේතුවෙන් රජයේ රෝහල්වල රෝගී සංඛ්‍යාව ද සියයට 50 කින් වැඩි වී තිඛෙනවා. ස්ටෙන්ස් මිල අඩු කිරීමෙන් ඔසුසල් හිමියන්ට පාඩු වෙන්න පුළුවන්. එම තීරණයට ව්රුද්ධ වෙන්නත් පුළුවන්. නමුත් මෙය ජාතික මෙහෙවරක්. දුම්වැටි වල බදු වැඩි කළත් බීඩි උරන ප්‍රතිශතය වැඩි වී ඇති බව ප්‍රචාරයක් ගෙන යනවා. එය වැරදියි.

ඔසුසල් හිමියන් මුහුණ දී ඇති ගැටළු ව්සදීමට මම පියවර ගන්නවා. ඖෂධ ශාලා ලියාපදිංචි කිරීමෙි ගාස්තුව ඉහළ දැමිීම නිසා ගැටළු මතුවී ඇති බව මට මෙම සංගමය දැනුම් දුන්නා. මම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග සාකචිඡා කර ඊට සහනයක් ලබාදෙන්නම්. නමුත් ව්ශාල ප්‍රමාණයේ ඔසුසල් වලට එම සහනය ලබාදෙන්න බැහැ. ඔසුසල් හිමියන්ගෙන් ජාතිය ගොඩනැගීමෙි බද්ධ අය කිරීම නිසා ගැටළුවක් මතු වී ඇති බව සංගමය මට දැනුම් දුන්නා. මම මුදල් අමාත්‍යාංශය සමග සාකචිඡා කළ අතර, එහිදී අනාවරණය වුයේ එය බද්දක් නොවන බවයි. මෙම ගැටළුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් තිබුනා. බදු ගෙවන අය උනන්දු කරවීමෙි අරමුණින් තමයි එම බද්ධ පනවා ඇත්තේ. නමුත් ඔබලාට සියයට දශම 5 ක ලාභයක් එමගින් ලැඛෙනවා. ඔසුසල්වල අලෙව් කරන ඖෂධ වල ලාභය අඩුවීම පිළිබදව ද මෙහිදී සාකචඡා කෙරුනා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ අලෙව් කරන ඔසුසල් වලට සියයට 18 ක වෙළෙද වාසියක් ලබාදීමට පියවර ගන්නවා. ඒ පිළිබදව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සතියකින් තීන්දුවක් ලබාදෙයි. ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ තොඟ වශයෙන් රැස්කර තබා ගැනීම පිළිබද ඔබලා ගැටළු මතු වී ඇතැයි කියා සිටියා. එලෙස වෛද්‍යවරුන් ඖෂධ තොඟ වශයෙන් රැස්කර තබා ගන්නේ නම් එය ෆාමසියක් ලෙස ලියාපදිංචි කළ යුතුයි. මෙි පිළිබදව ව්මර්ශණයක් ද ආරම්භ කරනවා. ඔබලාගේ ගැටළු වලට සහන ලබාදීමට මම අඛණ්ඩව කැප වෙනවා.”

– ප‍්‍රසන්න අධිකාරි

30 views

One Comment to “සිගරට් මිල වැඩි කළාට බීඩි උරන්නේ නෑ..”

  1. මත්විරෝධී says:

    බීඩි නෙමේ දැන් උරන්නේ ගංජා යකෝ! ගමක් ගමක් ගානේ ගංජා ජාවාරම් කාරයෝ ප්රසිද්ධියේ කරලෙන යනවා, පොලිසියත් නිහඩයි.

Main News