සිගරට් මිල වැඩි කිරිමෙන් බීඩි භාවිතය වැඩි වී නෑ.. දුම්කොල සමාගම සල්ලි දීලා බොරු පුවත් මවනවා..

December 1, 2017 at 8:02 am | lanka C news
සිගරට් මිල වැඩි කිරිමෙන් බීඩි භාවිතය වැඩි වී නෑ.. දුම්කොල සමාගම සල්ලි දීලා බොරු පුවත් මවනවා..

සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 900 කට සහ පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1146 කට පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“වත්මන් රජය යටතේ සෞඛ්‍ය සේවාව දියුණුවට පත්ව තිබෙනවා. අත්‍යාවශ්‍ය ඕෂධ වර්ග 48 ක මිල අඩු කිරීම, හෘද රෝගීන්ට ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, අක්ෂි කාච නොමිලේ ලබාදීම වැනි සෞඛ්‍ය සේවාවන් රැසක් නව රජය සිදු කර තිබෙනවා. බෝනොවන රෝග පාලනය කිරීම සදහා දුම්කොළ වගාව වසර 2020 වනවිට තහනම් කිරීමට රජය තිරණය කර තිබෙනවා. දුම්වැටි බදු සියයට 90 කින් වැඩි කිරිම සහ සිගරට් පැකට් තුල රූපමය අවවාද සියයට 80 ක් ඇතුලත් කිරීම යහපාලන රජය තුල ගනු ලැබු ක්‍රියාමාර්ග අතර වැදගත් වෙනවා.

ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි ප්‍රකාශ කරනවා සිගරට් මිල වැඩි කිරිම හේතුවෙන් බීඩි භාවිතය වැඩි වී ඇති බව. එය බොරුවක්. එවැනි සංඛ්‍යා ලේඛණ මෙතෙක් සොයාගෙන නැහැ. ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි ප්‍රකාශ කරනවා දුම්වැටි බදු වැඩි කිරිම බොරුවක් කියලා. නමුත් මම කියන්න කැමැතියි දුම්කොල සමාගම මුදල් ලබා දී මෙවැනි බොරු ප්‍රවෘත්ති සමාජ ජාලා වෙබ් අඩවිවල පළ කරනවා කියලා. මම මේ පිළිබදව සොයා බැලුවා. දුම්කොළ සමාගම ඒ සදහා විශාල මුදලක් වැය කරනවා. එක ලිපියකට රුපියල් 150,000 ක මුදලක් ගෙවා තිබෙනවා. නමුත් මුදල් අමාත්‍යාංශය එම සංඛ්‍යා ලේඛණ බොරුවක් බව ප්‍රකාශ කරනවා.

දුෂණ විරෝධි හඩ සංවිධානය ද මේ පිළිබදව මාධ්‍යයට කරුණු ඉදිරිපත් කර තිබුනා. ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් ගත් තීන්දු තීරණ ද ඔවුන් දේශපාලනීකරණය කරනවා. එම සංවිධානයේ නායකයින් සිටින්නේ ආණ්ඩු විරෝධි ස්ථාවරයකයි. මෙය ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්ණයක්. ඒ දෙස වපර ඇසින් නොබලා කටයුතු කිරීම වගකීමක්.

දුම්කොළ සමාගමෙන් මුදල් ලබාගෙන දුෂණ විරෝධී හඩ සංවිධානය මෙවැනි ප්‍රකාශ නිකුත් කරනවා දැයි සැකයක් මතු වෙනවා. දුම්කොළ බදු වැඩි කිරීමේ තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කර තිබෙනවා. දුම්වැටි පාලනය කිරිම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය වසර 20 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලට වඩා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ වැඩපිළීවෙල සාර්ථක බව ඔවුන් කියනවා. එම නිසා තමයි අවස්ථා 03 කදී දුම්වැටි නිවාරණ සම්මානය ශ්‍රී ලංකාවට ලැබුනේ. එම නිසා වෛද්‍යවරුන් වන ඔබ ද නවතාවයෙන් සිතා සෞඛ්‍ය සේවාව දියුණු කිරීමට සහයෝගය ලබාදෙන්න.”

මෙහිදී ගල්ගමුව මුලික රෝහලේ අධ්‍යක්ෂ ආසිරි මුණසිංහ මහතා විසින් රචිත “දෙමළ බස ඉගැන්වීම” යන කෘතිය ද සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනැමිම සිදු විය.

– ප‍්‍රසන්න අධිකාරි

52 views

5 Comments to “සිගරට් මිල වැඩි කිරිමෙන් බීඩි භාවිතය වැඩි වී නෑ.. දුම්කොල සමාගම සල්ලි දීලා බොරු පුවත් මවනවා..”

  1. Hewage says:

    You are 100% correct Minister. Colombo University Arts faculty family Dept report do not trust. All professor appointments and Lecturer recruitment are done in out door connections by famous criminal Emeritus. Dis-robbed guys and monk are running this Dept and if any body can check this Dept Lecturers recruitment and professor appointments you never want to look at this bogus Dept. This is pathetic situation in Sri Lankan Public University system

  2. Niru says:

    This bugger is fighting with tobacco company his boss is fighting with Milo Company. However both attend functions where these two companies are represented. This is called loketa parakase getharata maragathe

  3. Omar says:

    Yes I agree 100% with Hewage. Yes MY3 appoint Presidential Commission then you will see real situation of this bogus academic Dept. Worse than Bond case. Son and his friends to henchmen lecturers recuirtments. Even now they run bogus PhD factory also and all the professors are this dept appointed in wrong way by this world class robber Emeritus.

  4. love nature says:

    දත් ගලවා නැව්පතියෙකුවූ ලෝකයේ එකම දත් දොස්තර….රාජිත

  5. SUNIMAL says:

    රාජිතගෙ ලණු කන්න එපා කියලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පැවැසූ බවත් දත් දොස්තර කෙනකුට සෞඛ්‍ය විෂය භාරදීමෙන් රටම ලෙඩ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර මාතලේ අඹගහමල බස්නැවතුම්පොළ අබියස පැවති සමුළුවක් අමතමින් පැවසීය.

Main News