සිගරැට් සමාගම වෙනුවෙන් කැබිනට් ඇමතිලා සටනේ…

December 18, 2016 at 12:40 pm | lanka C news
සිගරැට් සමාගම වෙනුවෙන් කැබිනට් ඇමතිලා සටනේ…

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙි දී ධනපති පන්තියෙන් සහ ඖෂධ සමාගම් වලින් එල්ල වූ බාධාවලට වඩා වැඩි ප්‍රතික්‍රියාවක් තමන් බලාපොරොත්තු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාෙවි අලෙවි නියෝජිත හමුවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. උත්සවය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පැවැත්විනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වත්මන් ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ දී ගෙනඒමට උත්සාහ කළත්, එය නොහැකි වුනා. ඊට අදාල ලිපිගොනු පවා අස්ථානගත වුනා. නමුත් නව රජය බලයට පත් වූ පසු ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. අසරණ මිනිසුන් වෙනුවෙන් සාධාරණත්වය ඉටු කර තිඛෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ගුණාත්මක තීන්දු ගත යුතුයි. මෙතෙක් ගන්නා ලද තීන්දු තීරණ හේතුවෙන් ඇතැම් පිරිස්වලට කොමිස් මුදල් පවා අහිමි වී තිඛෙනවා. වසරක දී ශ්‍රී ලංකාවට බිලියන 60 ක් වටිනා ඖෂධ ආනයනය කරනවා. එම ඖෂධ වලින් රෝහල්වල රෝගීන් සදහා ලබාදෙන ඖෂධවල ගණනයක් මෙතෙක් තිබුනේ නැහැ. ඒ සදහා මෘදුකාංගයක් හදුන්වාදී ඖෂධ හිඟයකින් තොරව රෝහල්වලට ලබාදීෙමි වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඉදිරියේ දී ඖෂධ ප්‍රවාහනය, කුරීයර් සේවාව මගින් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

නිදහස් සෞඛ්‍ය සේවාව පසුගිය රජය සමයේ ලබාදීමට නෙැහැකි වුනා. ඊට හේතු වුයේ ලැම්බෝගිනි සංස්කෘතිය, එතනෝල් ආනයනය සදහා එම රජය ප්‍රමුඛත්වය ලබාදීමයි. අපි එම සංස්කෘතිය වෙනස් කළා. එම වෙනස රුපියල් සත වලින් මනින්න එපා. ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම, විගණන පනත ගෙනඒම සහ තොරතුරු දැනගැනීෙමි පනත ක්‍රියාත්මක කිරීම තවත් සේවාවන් කිහිපයක් වෙනවා. වර්තමානයේ ඔිනෑම පුද්ගලයෙකුට රාජ්‍ය ආයතනයක ඇති තොරතුරු ලබාගන්න පුළුවන්. මිට පෙර කවුරු හරි ප්‍රකාශ කරන බොරුවක් අපහාස වන ලෙස මාධ්‍යයේ පළ කරනවා. එය නැති කිරීම අපගේ වගකීමක්. මෙම පරිවර්තනය අවසන් නැහැ. දුම්කොල සමාගම් වෙනුවෙන් පෙනී සිටින්නෙත් නැහැ. ඇතැම් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ද දුම්කොල සමාගම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළා.”

2015 වසරේ හොඳම ඔසුසල ලෙස පොළොන්නරුව ඔසුසල සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සම්මාන හිමිකර ගත් අතර, හොඳම ඛෙදාහැරීමෙි නියෝජිතයාට සහ හොඳම නියෝජිත ඔසුසලට ද සම්මාන පිරිනමන ලදි.

– නිපුන් ඒකනායක

9 views

2 Comments to “සිගරැට් සමාගම වෙනුවෙන් කැබිනට් ඇමතිලා සටනේ…”

  1. සුදු පරවියා says:

    දුම් බිම තහනම් කරන්න එය රටට කරන විශාල සේවයක්
    ඔබ දුම් බොනවද? දන්නවද දුම්වැටි හදන හැටි ???අවමවශයෙන් වසරකට මිල්ලියන 6ක් පමණ දුම් බීමෙන් මැරෙනවා
    දුම් බිම පිළිකා ඇතිකරයි
    එක දවසක මෝඩයෙක් මෙහෙම කිව්වලු
    සිගැරට් එකේ රසයත්..
    එහි ඇති මහා ගුණයත්..
    බොන උතුමෝ මිසක්..
    නොබන උන් කිසි දිනෙක් නොමදත්…
    ජීවිතේ ගැන ආසාවක් නැති මීහරක් දුම් බි පල්ලා පසුව තේරෙයි කුණු වුන පෙනහළු දැක්කම කරපු මෝඩ කම

  2. Sisira says:

    Lankawe dengu visala wasayen patirenawa. Awa yatapat karanna baila gahanawa

Main News