සිතාමතා ප‍්‍රචණ්ඩත්වය ඇති කරන අය ගැන කතානායක කියයි..

May 13, 2019 at 7:06 pm | lanka C news
සිතාමතා ප‍්‍රචණ්ඩත්වය ඇති කරන අය ගැන කතානායක කියයි..

කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙන සාමය කඩවන ආකාරයේ ක්‍රියාකාරකම් සහ සිතාමතා සිදුකරනු ලබන සාමයට හානිකර ප්‍රචාරණයන් පිළිබඳව මෙම මාතෘභූමියට සහ අනාගත පරපුරට ආදරය කරන පුරවැසියන් ලෙස ඔබ සැමගේ අවධානය යොමුකරවමි.

ත්‍රස්ථවාදයේ අමිහිරි අත්දැකීම යටපත් කර නැවතත් සමගි සම්පන්නව එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සාමය ගොඩනැගීමට කැපවිය යුතු බවට සියළු ආගමික නායකයන් සහ බුද්ධිමත් ජනතාව එකම මතයකට පැමිණ ඇති මෙම අවස්ථාවේ දී කවර අන්දමක හෝ ජාතිවාදී, ආගම්වාදී ක්‍රියා එක හෙළා ප්‍රතික්ෂේප කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුකමය.

එම යුතුකම මේ මොහොතේ පැහැර හැරීම නැවතත් මකාදැමිය නොහැකි කැළලක් ඉතිහාසයට එක්කරනු නොවැලැක්විය හැක.

මෙම අවස්ථාවේ දී එවැනි ක්‍රියාවන්ට කිසියම් හෝ සහයක් දක්වන පුද්ගලයන් නිසැකවම අප මාතෘභූමියට ද්‍රෝහි වන්නන්ය.

ඔවුන් තවමත් හය හතර නොදත් කුඩා දරුවන්ගේ මෙන්ම නූපන් පරපුරේ අනාගතය පවා අවධානමකට ඇද දමයි.

රට තුළ ගිණි ඇවිලවීමට උත්සාහ දරණ එම ජාතිවාදීන් සහ සිය නොදරුවන්ද බිලිදෙමින් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගත් ත්‍රස්ථවාදීන් අතර කිසිඳු වෙනසක් නොමැත.

එම දෙපිරිසම පිටුපස ඇත්තේ ඔවුන්වත් නිවැරදිව අවබෝධ කර නොගත් පටු අරමුණු සාක්ෂාත් කරගැනීමට මානබලමින් සිටින දේශීය හෝ විදේශීය කුරිරු බලවේගයන්ය.

එවැනි බලවේග වල ඉත්තන් බවට පත්ව දුරදිග නොබලා ම්ලේච්ඡ කුරිරු න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කරන පිරිස් සාමකාමී ජනතාවගේ සාමූහික ශක්තියෙන් ඉඳුරාම පරාජය කළ යුතුය. ඔවුන් නීතිය හමුවට පමුණුවා උපරිමයෙන් දඬුවම් කළ යුතුය.

එබැවින් ජනතාව ජාතිවාදී හෝ ආගම් වාදී හින්සනයන්ට පොළඹවන සකලවිධ ක්‍රියාවන් සහ එ් පිටුපස සිටින පුද්ගලයන්ට එරෙහිව ශිෂ්ඨ සම්පන්න මිනිසුන් ලෙස නැගීසිටින ලෙසත්, කිසිඳු ලෙසකින් එවන් කුරිරු ප්‍රයත්නයන්ට දායක නොවන ලෙසත්, සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලාසිටිමි.

අප මාතෘභූමියත් එහි දූ පුතුන්ගේ අනාගතයත් ජාතිවාදී, ආගම්වාදී ගින්නෙන් වැනසීමට කිසිඳු බලවේගයකට ඉඩ නොතබන ලෙස යළිත් ඉතා ඕනෑකමින් ඉල්ලාසිටිමි.

කරු ජයසසූරිය
කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

45,729 Viewers

18 Comments to “සිතාමතා ප‍්‍රචණ්ඩත්වය ඇති කරන අය ගැන කතානායක කියයි..”

  1. SL says:

    This is not the time for writing letter .shot them at sight!

  2. Gotaimbara says:

    Some Idiot has woken up. Where were you all this time, Protecting Democracy?

  3. Saman says:

    Thakku mukku jayasooriya

  4. ගමරාළ says:

    මේ කාලකන්නි ඔක්කොම අද රට වැටිල තියෙන විපතට වග කියන්න ඕනෙ. මහ පොන්නය තියා ගන්න මූ නටපු නැටුමක්. ජනතාවගෙන් නිසි දැඩුවම් ලැබෙයි.

  5. Top Man says:

    Well said Speaker, when there’s violence no one wins. All citizen’s must use their own brains, hatred takes us no where. SRILANKA needs peace, and everyone must work to uphold it!

  6. Niru says:

    This bugger is the number one culprit who gave power back to a bunch of thieves in the name of democracy

  7. Fass says:

    Karuma Jayasuriya umbath mewata waga kiyanna ona…

  8. one shot says:

    හීන් බබා අර වෙලාවෙ බහුතරේ හෙව්වෙ මේ විත්තිය නොදැනද​?

  9. පොරමෝලා says:

    ඡන්දෙ කල්දාන්න 83 කළු ජූලියේ නිර්මාතෲ වරු වන මුංම කරන උප්පර වැට්ටියක් වෙන්න ඇති.

  10. gamaya says:

    palayan yanna nakiya..owa kiyapan Ranilata..

  11. 1983 ජාතිවාදය ඇවිස්සුවේ UNP එකේ එවුන් .. මේ පාර ඒ වගේ දෙයක් උනොත් වාසියත් UNPයටම්යි.. මේක පිටින් දාලා ඡන්ද කල් දාන්න.. විදේශ හමුදා කඳවුරු ගේන්න.. පාර හැදෙනවා.. එතකොට රටේ නියම ජනමතය යටපත් කරන්න ලේසියි. මාවනැල්ලෙ සිද්ධියෙන් UNP පාර්ලිමෙන්තුවෙ 113 හදාගත්තා හකීම් බදුර්දීන් එකතු කරගෙන.. දැන් බලයි දිගටම මුස්ලිම් චන්ද දෙමල චන්ද එකතු කරගන්න. අර වෙනිසියුලාවෙත් එක පොරක් අමෙරිකාවෙ සපොර්ට් එකෙන් තමන් ජනාධිපති කියාගෙන ඉන්නවා කිසිම ඡන්දෙකට නොයා.. දැන් මුලු බටහිරයි ඇමෙරිකාවයි ඒයාට සපොර්ට්. තව ටික දවසකින් ඇමෙරිකන් ආක්‍රමණයකින් ඡන්දයක් නැතිව එයා රට පාලනය කරයි. ඒ හින්ද දැන්වත් සිංහලයා බුද්ධිමත් වෙන්න ඕන. නිල් කොල රතු අත ඇරලා සුලු ජාතීන් වගේ සාමයයි සිංහලයයි වෙනුවෙන් පෙනී හිටින්න.. එහෙම නායකත්වයකට එන පාර ඡන්දය දෙන්න.. ආයෙ අපට චන්ස් නැ.

  12. lakpriya says:

    hareyatama hare tikko sinhalayan washayan ape akamutu waymu munwa panamu

  13. පොල්කරු තමුසෙත් වගකියන්න ඕනේ හිංංබබාට බහුතරය සොයා අන්තිමට මහජනයාට ලෑතර බෝමබයක් දුන්නාට ලැජ්ජයි ඕයි තමුසෙගැන තවමත් සමනලයන් රකින එකට ?????

  14. PULATHISI says:

    මහා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරගන්න කියල විදේශ නියොජිතයෝ ගෙන්නගෙන තක්කඩි වැඩ කරල වඳුරෙක් බන කියන්වා කියල අපේ සීය මට කිව්වා.

  15. Banda says:

    Oyage pakshenma 83 repeat karana kota oya mehema kiyala sudda wenna. Apinam kada warjanaya kiyana de witharai kale. Ekatath banala ubalama gahanawa. Rata kanne nathuwa danwath palayalla

  16. podi gamaya says:

    Kannadiya (Mirror) eka issarahata giyama drohiyo kawda kiyala balaganna puluwan. Boru talks denna epa

  17. ravi says:

    Me manusaya melo rahak ne, boruwata lium type kara kara inna ekamai wade,

    me minihath waga kiyanna one una dewal walata, sanhidiyawai, prajathanthrawadayai kiya kiya idala

    oya korala tiyenne. mala karumayak mun nam

  18. ranjan says:

    නියම ත්‍රස්තවාදීන් මුන්

Main News