සිද්ධස්ථානවලට අගෞරව කරන බංකොලොත් දේශපාලඥයන් රට පාලනයට එන්න එපා..- ශ‍්‍රීපාදස්ථානාධිපති හිමි

October 18, 2019 at 5:30 pm | lanka C news
සිද්ධස්ථානවලට අගෞරව කරන බංකොලොත් දේශපාලඥයන් රට පාලනයට එන්න එපා..- ශ‍්‍රීපාදස්ථානාධිපති හිමි

සිද්ධස්ථාන වලට අගෞරව කරන බංකොලොත් දේශපාඥයන් රට පාලනය කිරිමට ඉදිරිපත් නොවන ලෙස පැල්මඩුල්ල රජ මහවිහාරයේ විහාරාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති සහ  ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

උන් වහන්සේ එ බැව් කියා සිටියේ 2019-2020 වසර සදහා  ශ්‍රිපාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යයාලයේදි රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා පැවති සාකච්ඡාවේදි අනුශාසනාවක් කරමිණි.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රොහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අඹගමුව ප්‍රාදේශිය ලේකම් ආර්.ටි.එස් සුමනසේකර , හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය ඇතුළු රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණ.

මෙම සාකච්ඡාවේදි වැඩි දුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ ශ්‍රි පාදස්ථානය ඉලක්ක කර ගනිමින් බංකොලොත් දේශපාලඥයින් කිහිපදෙනෙකු පසුගිය දිනක විද්‍යුත් මාධ්‍යයක් හරහා අගෞරව වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.

මෙවර ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා දුම්වැටි අලෙවි කිරිම නතර කිරිමට නල්ලතන්නියේ වෙලද සංගමය එකගතාවයකට පැමිණි අතර ශ්‍රි පාද පරිසරයේ ප්ලාස්ටික් වතුර බොතල් බැහැර කිරිම අවම කිරිම සදහා වතුර බෝතල් ලිටරයකින් ඉහල වතුර බෝතල් පමණක් අලෙවි කිරිමට එකගතාවයක් ඇති කෙරිණ.

ශ්‍රි පාද වන්දනා සමයේ මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතය තහනම් කල අතර පොලිතින් භාවිතය අවම කිරිම සදහා මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් වන්දනකරුවන්ට නොමිලේ ගමන් මල්ලක් ලබා දිමටත් එම ගමන් මල්ල ශ්‍රි පාද කරුණා කිරිමෙන් අනතුරුව යලිත් ලබා ගැනිමේ ක්‍රමවේදයක් අනුගමනය කිරිමටද එකගතාවයක් ඇති විය.

2019-2020 ශ්‍රි පාද වන්දනා සමය උදුවප් පොහෝ දින 12 මස 11 දින ආරම්භ වන බවත්, පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරයේ අවාරයේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ පැල්මඩුල්ලේ සිට ශ්‍රි පාද මළුව දක්වා 12 මස 10 දින රාජ්‍යය අනුග්‍රහය ඇතිව හැටන් මාර්ගය ඔස්සේත් , රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙත් , බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත් පෙරහැරවල් තුනක් ඔස්සේ වඩම්මවන බව ශ්‍රි පාදස්ථනාධිපති හිමියන් මෙම රැස්විමේදි ප්‍රකාශ කර සිටියහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

41,812 Viewers

5 Comments to “සිද්ධස්ථානවලට අගෞරව කරන බංකොලොත් දේශපාලඥයන් රට පාලනයට එන්න එපා..- ශ‍්‍රීපාදස්ථානාධිපති හිමි”

  1. ලයනල් දොලපිහිල්ල says:

    පන්සලේ පිං පෙට්ටියට සීල් තියෙන තරම්,
    අපවත්වී වදාල භික්ෂූන් වහන්සේ නමකගේ දේහය එම
    විහාර පරිශ්‍රයේ ආදාහනය කිරීමට එරෙහි උසාවි තීන්දු
    ගන්නා තරම් අගෞරවයක්, අපහාසයක් බෞද්ධ සිද්ධස්ථානයකට
    හෝ බෞද්ධාගමට කලහැකිද?

    • ""හම්බ පන්නී"" says:

      පන්සල ගමේ පිං පෙට්ටිය සීල් තියල කරලා
      ෂරියා විශ්වවිද්‍යාල මුදල් ගණන්‍ නො කරලා
      නාහිමි ආදාහන අධිකරන උලම නීති කරලා
      පත්කලොත් වෙනවමයි මුස්ලිම් රටක් කරලා

  2. කාන්තිලතා says:

    උතුරු-නැගෙනහිර සිංහල, බෞද්ධ ජනගහනය අඩු දුෂ්කර පලාත්වල තියෙන බෞද්ධ විහාරස්ථානවල වැඩ
    වාසය කරන භික්ෂූණ් වහන්සේලාට කාලයක් තිස්සේ දානය පිරිනමන ලද්දේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසිනි.

    කාලයක් පවත්වාගන ආ මෙම උතුම් පුන්‍ය කටයුත්ත වහාම නතර කරනලෙස හිටපු යුධහමුදාපති මහේෂ් සේනානායක විසින් ඔහු
    හමුදාපතිවූ විගස යුධ හමුදාවට අණකර එය නැවැත්වූ බව ඇල්ලේ ගුණවංශ හිමියෝ මෑතකදී මාධ්‍ය සාකඡ්ජාවකදී සඳහන් කලේය.

    • P. Sumanasekera says:

      This is true! I work in a camp in the Padhavi-Sripura sector and I witnessed this crime in my own eyes!

  3. හාමුදුරුවනේ...වටාපතින් ගහලා කුඩේන් අනින්න මේ පරයන්ට පව් නැහැ හාමුදුරුවනේ... says:

    හාමුදුරුවනේ…වටාපතින් ගහලා කුඩේන් අනින්න මේ පරයන්ට පව් නැහැ හාමුදුරුවනේ…එක ඔබ වහන්සේලාගේ වගකීමයි…රට ජාතිය ආගම වෙනුවෙ ලිට්රෝ ගෑස් ගහන්න එපා…

Main News