සිනොෆාම් එන්නත ගැසූ 40කට ආසාත්මිකතා.. රෝහල්ගත කරයි..

June 12, 2021 at 2:10 pm | lanka C news
සිනොෆාම් එන්නත ගැසූ 40කට ආසාත්මිකතා.. රෝහල්ගත කරයි..

‘සිනොෆාම්’ එන්නත ලබාදීමෙන් පසු ආසාත්මිකතා ඇති වූ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් පිරිසක් ඊයේ දිනයේ අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

අනුරාධපුර පණ්ඩුලගම ප‍්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක එන්නත්කරණ සිදු කරන අවස්ථාවේ මෙම ආසාත්මිකතා ඇති වී තිබේ.

දහසකට ආසන්න පිරිසකට මෙසේ එන්නත්කරණය කරන වැඩසටහන දී 40 ක පමණ පිරිසකට ආසාත්මිකතා ඇති ව තිබේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියා සිටින්නේ එන්නත ලබා ගත් පසු පැය කිහිපයක් විවේකීව සිටිය යුතු වුවත් ඔවුන් දිගින් දිගටම සේවය කිරීම නිසා සහ ආයතන පරිශ්‍රය වායුසමනය කර නොතිබීම නිසා ඇතැම් පිරිසකට වමනය හා ක්ලාන්තය හටගෙන තිබූ බවයි.

ඒ සියලු දෙනා සඳහා ඇඟලුම් කම්හලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා ඉන් කොටසක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට යැවූ බව ද එම නිලධාරියා කියා සිටියේ ය.

ඔවුනට ඇති වූ ආසාත්මිකතාවයන් එන්නතේ බලපෑමකින් හටගත් ඒවා නොවන බවද එම නිලධාරියා පැවැසීය.

මේ වන විට ඔවුන්ගේ සියලු දෙනාගේ තත්ත්වය යහපත් බවද රෝහල සඳහන් කරයි.

57,659 views

5 Comments to “සිනොෆාම් එන්නත ගැසූ 40කට ආසාත්මිකතා.. රෝහල්ගත කරයි..”

  1. ලැජ්ජා ලංකා says:

    පැය කිහිපයක් නෙවෙයි, උපදෙස් වල සඳහන් වෙන්නේ දින දෙක තුනක් මහන්සි නොවී විවේක ගන්න කියලා එන්නත ගත්තට පස්සේ.

    ඇඟළුම් කම්හල් ගැන සතියකට විතර කලින් කවුදෝ ලියලා තිබුනා “නූතන වහල් සේවය” කියලා. ඒක හරියට හරි.

  2. Ranawaka says:

    අපේ සෑර්ට බැහැ. ඒබ්‍රහම් ලින්කන් ඕනේ මේ ජංගි වහල් සේවයෙන් රට මුදවාගන්න. හැබැයි ඉතින් ඕවා අයිති ඕමාර් හෝ අමලීන් තම්බින්ගෙන් තමයි ගැළවෙන්න බැරි.

  3. Silva says:

    හරි බන් මොකෙක්වත් මැරුනේ නැහැනේ. බොරුවට බෙරිහන් දෙන්න එපා .මාධ්‍ය තමා බොරුවට පුප්පලා පෙන්නන්නේ

  4. Namal says:

    කෝ අර වෙනදාට අනිත් එන්නත් වලට යන්තම් උණ ගත්තත් උණ සන්නිපාතය හැදුණාම වගේ මෙතන උඩ පනින යක්ඛ පුත්තු සෙට් එක? උන් චීනාට හීලෑ වෙලා වගේ. අන්තිමට එහෙම නම් යක්ඛ පුත්තු මකර පුත්තු වුනා එහෙම නම්.

  5. Sam Fernando says:

    This is a planned programme to defame the vaccine. Cinopharm vaccine has not shown any side effects from any part of the world. It is the Astrazeneka that leads blood clotting and erectile disfunction. Garment girls occasionally suffer from food poisoning.