සිපෙට්කෝ ඉන්ධන බලය අතහරී.. IOC ඇතුළු සමාගම් තුනකට ඒකාධිකාරය…

July 1, 2022 at 3:14 am | lanka C news
සිපෙට්කෝ ඉන්ධන බලය අතහරී.. IOC ඇතුළු සමාගම් තුනකට ඒකාධිකාරය…

මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළෙහි 90%ක කොටසක් එනම් ඒකාධිකාරිය හිමි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට එය අහිමිකර අයිඕසී සහ තවත් තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල තෙල් සමාගම් දෙකකට ඉහත ඒකාධිකාරය හිමිකර දී මෙරට බලශක්ති සුරක්ෂිතතාව වැනසීමට පවතින ආර්ථික ආපදාව යොදා ගනිමින් වික්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් එසේ කොට මෙරට දාස රාජ්‍යයක් බවට පත් කිරීමට එරෙහිව පෙළ ගැසෙන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සියලු ප්‍රගතිශීලී බලවේග වෙතින් ඉල්ලා සිටියි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

පසුගිය 26 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් ඉහත කටයුත්තට අනුමැතිය ලබාගෙන ඇති බවත් ඒ අනුව, මෙරට තෙල් සිල්ලර වෙළදාමේ 90%ක කොටසක් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉන් 60% – 70%ක කොටසක් අහිමි කරමින් තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල සමාගම් දෙකකට එම කොටස් ලබාදීමට නියමිත බවත් ජානිපෙ ජාතික සංවිධායකවරයා අනාවරණය කළේය. එසේම දැනට මෙරට තිබෙන ඉන්ධන පිරවුම්හල් 1615න් 1300ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමි බවත් ඉන් 600ක් 300 බැගින් ඉහත විදෙස් සමාගම් දෙකට ලබාදීමට මෙම කැබිනට් පත්‍රිකාවෙන් ප්‍රතිපාදන සලසා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය. තවද මෙරට තෙල් සිල්ලර වෙළදාමෙහි සියයට දහයක් සහ ඉන්ධන පිරවුම්හල් 315ක් සතු ඉන්දීය ඔයිල් සමාගම(IOC)ට තවත් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 315ක් ලබාදීමට මෙම වික්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් පෙන්වා දුන් ජයන්ත සමරවීර මහතා ඒ අනුව නුදුරේදීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමි තෙල් සැපයීමේ ඒකාධිකාරිය මුලින්ම අහිමිව රටේ බලශක්ති සුරක්ෂිතතාව වැනසී යාමට නියමිත බව ද කීය.

ආර්ථික ආපදාව පෙන්නුම් කරන බරපතලම ආකාරය ඉන්ධන අර්බුදය බවත් දැනට ඉන්ධන හිඟයෙන් පීඩා විඳින ජනතාව පෝලිම්වල මියයෑමට සලස්වා, රටම අකර්මණ්‍ය වීමට ඉඩ හැර වත්මන් ආණ්ඩුව, බාහිර බලවතුන්ගේ ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම බලගන්වමින් මෙරට බලශක්ති සුරක්ෂිතතාව වැනසීමට කටයුතු කළ බවටත් ආර්ථික ආපදාව ක්‍රමක්‍රමයෙන් උත්සන්න කළ බැසිල් රාජපක්ෂ ඇතුළු නඩය, මෙසේ තම අධිරාජ්‍යවාදී හාම්පුතුන්ට ස්වකීය සේවය හොඳින්ම ඉටු කර දී ඇති බවටත් ඒ මහතා චෝදනා කළේය.

එසේම මෙම ආර්ථික ආපදාව යොදාගනිමින් ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරයට තවත් නිදසුනක් ලෙස පසුගිය 26 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සහ වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවක් මගින් සිදුකර ඇති විනාශය ද පෙන්වා දිය හැකි බවත් එමගින් මෙරටට පැමිණෙන ගුවන්යානා සඳහා තෙල් සැපයීමේ කටයුතු ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉවත්කර වෙනත් විදේශ සමාගම්වලට පැවරීමේ ප්‍රතිපාදන ඇතුළත් කර ඇති බවත් මෙම ඩොලර් හිඟ වකවානුවේ එමගින් දිනකට අහිමි වන ආදායම ඩොලර් එක්ලක්ෂ තිස්දහසක් බවත් සමරවීර මහතා මෙහිදී සඳහන් කළේය.

එසේම පසුගියදා විදුලිබල මණ්ඩල පනත සංශෝධනය කරමින් සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති මෙගාවොට් 100ට වැඩි නම් ඒවා රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපෘති ලෙස ආරම්භ කළ යුතු බවට වූ ප්‍රතිපාදනය ද අහෝසි කරමින් ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියාවේ අදානි සමාගමට මෙගාවොට් 500ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට අවසර ලබාදී ඇතැයි ද පෙන්වා දුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එවැනි තත්ත්වයක් තුළ ඉදිරියේදි ජාතික විදුලිබල පද්ධතිය අක්‍රීය කිරීමේ ඉඩකඩ ලැබී ඇතැයි ද වැඩිදුරටත් කීය.

මේ ආපදා තත්වය යටතේ ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම විසින් ශ්‍රී ලංකාවට තෙල් සැපයීමේ ‘යතුර’ සහ විදුලිය සැපයීමේ ‘යතුර’ රාජ්‍ය සමාගම්වලින් උදුරා ගනිමින් මෙරට බලශක්ති සුරක්ෂිතතාව වැනසීමේ ගමනක් අරඹා ඇතැයි ද එම තත්ත්වය ආපසු හැරවීම සඳහා පටු වාදභේද අතහැර මෙරට සියලු ප්‍රගතිශීලී ජනකොටස් ඒකරාශී විය යුතු යැයි ද සමරවීර මහතා අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක කරුණාරත්න හේරත් මහතා ද එක්ව සිටියේය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

111,531 views

44 Comments to “සිපෙට්කෝ ඉන්ධන බලය අතහරී.. IOC ඇතුළු සමාගම් තුනකට ඒකාධිකාරය…”

  1. Terrence says:

    රාජ්‍ය සේවකයින් ජනතාව ගැන හිතලා වැඩ කරනවා නම් මුළු රටම එක හඬින් පුද්ගලීකරණයට විරුද්ධ වෙනවා. නමුත් දශක ගණනක අත්දැකීම් අනුව පෙනෙන්නේ පුද්ගලීකරණය නොකිරීමෙන් වෙන්නෙ හැමදාම මහ ජනයා පීඩාවට පත්වීම පමණයි.

  2. Sumith says:

    ඕවා ආරම්භ කරපු කාලෙ ඉඳන් රාජ්‍ය පාළනය යටතෙ තිබිලත් කෝ ජනතාවට ලභාදුන් සහණ ? අඩුම ගානෙ සංස්ථාවට මොකක්ද ඇතිවෙලා තියන දියුණුව.
    එදා ඉඳන් වෘත්තීය සංගම් කාරයො කලේ ඕවා ඇතුලෙ කඩාකප්පල් ක්‍රියාවන් කරලා තම තමන්ගෙ දේශපාලන කල්ලි වලට අවශ්‍ය ඕන එපාකම් කරගන්න ඉඩ සළසපු එක. උන්ගෙ වැටුප් අසීමිත විධිහට වැඩිකරගන්න එක. රට විනාසෙට යද්දිත් කෝටි ගණන් බෝනස් ලභාගෙන ජනතාවට ඒබර පටවපු එක.
    අනිවාර්යයෙන්ම ඔය ආයතන පෞද්ගලික කරණය කලයුතුයි

  3. Supun says:

    Then what is the solution?
    As a government, if we don’t have money to buy and stock fuel, what else can be done?
    After this issue sorted out, we may think of managing fuel by ourselves, until that privatizing is the only option.
    If you have any other solution, please come up with that solution as everyone would be happy!

  4. rasi says:

    මේක කියාපු මිනිහා අඩුම තරමින් තමන් කියන්නේ මොකක්ද කියලවත් දන්නවානම් කමක් නැහැ.

    //මෙරට බලශක්ති සුරක්ෂිතතාව වැනසීමට පවතින ආර්ථික ආපදාව යොදා ගනිමින් //

    බලශක්ති සුරක්ෂිතතාවය නැති උන නිසා නේ මේ ඔක්කොම ප්‍රශ්න. දැන් නැතිවෙන්න තියෙන්නේ මේ වගේ බොරුකාරයන්ගේ පුරසාරම් විතරයි.

  5. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    ලෝකයේ කොහේවත් Petroleum කර්මාන්තය පාඩු නැත. නමුත් ලංකාවේ Petroleum පාඩුයි. ලංකාවේ Petroleum එකේ තියෙන ලොකුම ප්‍රශනය තමයි තිබුන හැම ආණ්ඩුවකින්ම තමන්ට ජන්දේ දිනන්න උදව් කරපු හෙන්චයියෝ මේකට පුරවනවා.

    ලංකාවේ Petroleum එකේ සේවකයින්ට ගෙවන තරම් වැටුපක් ලංකාවේ වෙන කොහෙවත් ගෙවන්නේ නෑ. security firm එකක security කෙනෙකුට ගෙවන්නේ මාසෙටම රු.30,000/-ක් වගේ. නමුත් Petroleum එකේ 100,000.-කට වැඩි..

    රජයේ කාර්යාලයක පියන් කෙනෙකුට ගෙවන්නේ 25000/-ක් විතර වැටුපක්.. නමුත් Petroleum එකේ පියන් කෙනෙකුට ගෙවනවා 120000/-ක් විතර වැටුපක්..

    අවශ්‍ය සේවක පිරිස වගේ දහගුණයක් විතර ජන්දෙට පෝස්ටර් ගහපු උන්ගෙන් අතුල පිරිලා.

    ඊලග එක තමයි “සුද්ද Petroleum බෙදන්න හදපු system ” එක වෙනස් කරලා බව්සර් වලින් තෙල් බෙදන එක. සුද්දා හැදුවේ පිරිපහදුවේ ඉදලා ගාල්ලට කෝච්චියේ යන තෙල් එතන ඉදලා බව්සරෙන් බෙදන්න. නුවරට, අනුරාධපුරේට, තිරිකුනමලේට, යාපනේට කෝච්චියෙන් තෙල් යවලා එතන ඉදල තමයි බව්සර් වලින් බෙදුවේ.

    රේල් පාරේ යනවා වගේ 10 ගුණයක වියදමක් යනවා බව්සර් වලින් තෙල් බෙදද්දී.. හැබැයි ලංකාවේ තෙල් බෙදන්නේ එහෙමයි.. මොකද ජන්ද කලේ උදව් කරපු ය අහන්නේ අපිට “Petroleum එකට බව්සරයක් දාගන්න පුලුවන්ද කියලනේ..” ඉතින් ඌ බව්සරේ දානවා.. රටේම උන් පව් ගෙවනවා..

    දේශපාලනේ ගැහිල්ල ගැන කතා කරලම වැඩක් නෑ..

    මේකට කෙලවිලා තියෙන්නේ දැන් ඉන්න දේශපාලුවෝ ටික නිසා විතරක් කියල හිතනවානම් හෙනම ගොන් කමක්.. Petroleum එකට කෙළවෙන්න පටන් ගත්තේ අනුරුද්ද රත්වත්තේ හිටපු කලේ ඉදලා.. මොකද ඒ කලේ තමයි වැඩිම අම්බරුවෝ ගොඩක් ඕකට දැම්මේ. එදා ඉදල හැම එකාම ඕක පිරෙව්වා..

    දේශපලුවෝයි, උන්ගෙන් පත්වීම් ගත්තු ගෙවල් වලට වෙලා පඩි ගන්න හාල්පරුවෝයි, උන්ගේ පස්සෙන් ගිහින් බව්සර් ගෙන තෙල් අදින අපතයෝයි ටික තමයි ලංකාවේ තෙල් මිලේ සාපෙට වග කියන්න ඕනි..

    සාංගික දේවල් හොර කවම පව් කියනවනේ.. ඒ වගේ තමයි වැඩක් නොකර පඩි ගන්න උන්ටත්.. ඒ කියමන පොදුයි..

    -Attitude Changer-

    Copied

  6. Jayantha says:

    මේවා ඔක්කොම දීලා දාන්න ඔන. ඕවා දෙන්න විරුද්ධ වෙන්නේ පිනට කකා බිබී ඉන්න සේවකයෝ. Ioc එකට ලාබ ගන්න පුලුවන් වෙලා මුන්ට බැරි වෙන්නේ ඒකයි. සත් පහක් පඩි දෙන්න එපා භාන්ඩාගාරයෙන්. එතකොට ඉබේම ඔකුන්ට ජොබ් හොයන් යන්න වෙනවා. ගොබ්බ සජිත් සහ මේ වගේ ගොන් වස්සෝ හදන්නේ මේ වෙලාවේ දේශපාලනය කරන්න. මේ වෙලාවේ මේවාදීලා දාන්න ඉඩ දේන්නේ නැතුව.

  7. David Milli-banda says:

    The Government should give up business. because what has happened now is that Businesses were Nationalised and the appointed government people began to STEAL.
    WE ARE THE CAUSE. our people robbed our own wealth.

    Privatise all businesses and the Government must collect only the taxes and fines for those in out of step.

  8. මකරා says:

    රටට කෙල වෙන්නම සිද්ධ වුනා බලය අතහරින්න

  9. Kamal says:

    ඉතින් හොඳයිනේ, දේශපාලන උන්ට කඩේ යන මීහරක් ගෙන් තමා petroleum 1 එක පිරිල තියෙන්නෙ. ඕක ට කෙළවෙන එකම තමා හොඳ.

  10. Asoka says:

    රාජ්‍ය සේවාව පවත්වාගෙන යන්න කොහොමත් බැහ.දේශපාලනය සඳහා එහි තිබුණ වටිනාකම් විනාශ කරලා. ඒවයේ පරිපාලන රටාව විනාශ කරල වෘත්තීය සංගම් තමන්ට ඕන විධියට ඒව පාලනය කරනව.පරිපාලන ඉහළ නිලධාරීන්ද කරන්න දෙයක් නෑ.’ ඇදෙන අතට පදින එකයි අපේ කාරිය’ කියල ඔහේ බලාගෙන ඉන්නව. පෞද්ගලීකරණය කරන්න ඕන මේ හැමෝම මටිටු කරන්න.පුධානම වැරද්ද දේශපාලඤයො මේවට අත දැමීම

Main News