සිම්බාවේ ගිය කාන්තා ක‍්‍රිකට් පිලේ 07 දෙනෙකුට කොරෝනා… සිම්බාවේ සිට ලංකාවට පැමිණීම තහනම්..

November 28, 2021 at 9:20 am | lanka C news
සිම්බාවේ ගිය කාන්තා ක‍්‍රිකට් පිලේ 07 දෙනෙකුට කොරෝනා… සිම්බාවේ සිට ලංකාවට පැමිණීම තහනම්..

සිම්බාබ්වේ හි පැවති අයිසීසී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන් ඇතුළු කණ්ඩායමේ හත් දෙනෙකු කොරෝනා ආසාදිත යයි හෙලිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව තහවුරු කළේය.

සිම්බාවේ ඔමික්‍රොන් ලෙස නම් කර ඇති නව කොරෝනා ප‍්‍රභේදය ආසාදිතයන් හදුනාගත් රටවලින් එකක් වන අතර එරට සිට කිසිවෙකුට ශ‍්‍රී ලංකාවට අතුළු වීම තහනම් කර තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් අදාල තරගාවලියද මේ වන විට අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සෙසු පිරිස ඩුබායි හරහා ආපසු පැමිණීමට නියමිතව ඇති අතර ආසාදිත පිරිස එරට රැදී සිටිමටද නියමිතය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ එම පිරිස මෙරටට පැමිනීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කරන බවයි.

මෙම සංචාරයට ගිය පිරිස ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමත්විතය.

37,073 views

7 Comments to “සිම්බාවේ ගිය කාන්තා ක‍්‍රිකට් පිලේ 07 දෙනෙකුට කොරෝනා… සිම්බාවේ සිට ලංකාවට පැමිණීම තහනම්..”

  1. Dubba says:

    රෝගී වූ අපේ ක්‍රීඩිකාවන් එහි තනි කිරීම නොකළ යුතු බව හැඟෙයි.
    දියුණු රට වල මුලින්ම රෝගය පැතිරුනේ ලොව පුරා තම සමාගම් වල සිටි සේවකයන් නැවත තම රට වලට පැමිණෙන තෙක් රට ඇර තැබූ නිසයි. එය එම රටවල වල නායකයින්ගේ වගකීමක්.

    අපේ උන්ගේ වගකීම හොරකම් කිරීම පමණද?

  2. Dengu Nona says:

    Kreedakayan 20 kata Kaarya Mandalaya 10 k! Madi.. madi! Eka kreedakayaata denna bagin yeduwaa nam hondayi neda? Thawa tikak gasaa kanna thibuna!!

    • Sll says:

      Have you ever played international cricket or know how playesr are trained n managed?

      • JUDE says:

        මේ ආණ්ඩුව තව අවුරුදු 3ක් සිටියොත් ජනතාවත් ඉවරයි රටත් ඉවරයි ..කුරහන් සාටකේ පවුල් පාලනය අද රටේ ධනය සොරා කමින් රටට සාපයක් වෙලා

    • CAT says:

      ක්‍රීඩා ඇමති සිම්බාවට ගිහින් අපේ රටේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දුන්නු තෑග්ග තමයි මේ ….බැසිල් මිලියන ගානක් අයවැයෙන් නාමල්ට වෙන් කල මුදල් වියදම් කරන පිළිවෙල තමයි මේ ..රටකට ක්‍රීඩිකාවන් යැවීමට පෙර ඒ රටේ තොරතුරු දැන සිටිය යුතුයි විශේෂයෙන් දැන් අප්‍රිකානු රටවල පැතිරෙන වසංගත වෛරස් පිලිබදව … මේ වගේ මෝඩයෝ තමයි අනාගතේ රට පාලනය කරන්න සිහින මවන්නේ …මේ වියදම් කරන්නේ රටේ ජනතාවගේ බදු මුදල් ..වගකීමක් දරන්න බැරි පුද්ගලයින් ඇමතිලා කිරීමේ සාපය

  3. Ravana parapura says:

    අප්‍රිකානු වෛරස් මර්ධනය කිරීමට තවත් මුදල් පිටරටින් ණය ගනිල්ලා ..එයින් බාගක් උබලගේ පුද්ගලික තැන්පත් වලට දා ගනිල්ලා .රටේ ආර්ථිකය අගාදයේ කුරහන් සාටක පවුලේ සාමාජිකයෝ ,දියවන්නාවේ 225 ධනපතියෝ

  4. 0.00069 BIYYO says:

    රෝගී වූ අපේ ක්‍රීඩිකාවන් එහි තනි කිරීම නොකළ යුතු බව හැඟෙයි.
    දියුණු රට වල මුලින්ම රෝගය පැතිරුනේ ලොව පුරා තම සමාගම් වල සිටි සේවකයන් නැවත තම රට වලට පැමිණෙන තෙක් රට ඇර තැබූ නිසයි. එය එම රටවල වල නායකයින්ගේ වගකීමක්.

    අපේ උන්ගේ වගකීම හොරකම් කිරීම පමණද?
    මේ ආණ්ඩුව තව අවුරුදු 3ක් සිටියොත් ජනතාවත් ඉවරයි රටත් ඉවරයි ..කුරහන් සාටකේ පවුල් පාලනය අද රටේ ධනය සොරා කමින් රටට සාපයක් වෙලා

Main News