සිම්බාවේ තරගාවලියේ මහා තරග පාවාදීමක්..?? අර්ජුන ඉගිකරයි.. ප්‍රකට බුකිකරැවා ඔට්ටු අල්ලා කෝටි 500ක් දිනලා..
July 12, 2017 at 10:33 pm | lanka C news
සංචාරක සිම්බාවේ පිල හා ශ්‍රී ලංකා පිල අතර පැවති තරග පහකින් යුතු එක්දින තරගාවලියේදී ක්‍රිකට් ඔට්ටු අල්ලන්නන් අතර සිම්බාවේ කණ්ඩායම සිටියේ අවම වාසියේ බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.
සිරස රූපවාහිනියේදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ මෙහි සූදුකරැවන් මැදිහත්වී යමක් සිදුව ඇති බව පෙනෙන්නට ඇති බවත් හැකියාවක් ඇත්තේ නම් මේ ගැන FCID යන බවත්ය.
මේ අතර ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ සිම්බාවේ තරගාවලි පරාජය නිසා මෙරට ප්‍රසිද්ධ බුකිකරැවෙකු රැපියල් බිලියන පහකට (කෝටි 500) ආසන්න ලාබයක් ලබා ඇති බවයි.
සුප්‍රකට ඉන්දීය ඔට්ටු තබන්නන් පවා ශ්‍රී ලංකාව දිනන බවට ලංසු තබද්දී මෙරට බුකිකරුවා විසින් සිම්බාවේ දිනන බවට ඔට්ටු අල්ලා ඇතැයිද එම වාර්තාවල සදහන්ය.
5 bilions =500 crore ?
මු අමු කුහකයා.බුකි කාරයෝද සෙල්ලම් කරන්නේ තරග පරදිනකම් බලා ඉන්න හිවලා පරදින කොට සතුටු වෙන මු තරම් වෙන කවුරුත් නැ පෞත්ගලික තරහට ක්‍රිකට් වලට විරුද්දව ඕන දෙයක් කරයි නොදකින් තුග් .