සිමෙන්ති කොට්ටය 1500යි..

November 10, 2021 at 6:24 am | lanka C news
සිමෙන්ති කොට්ටය 1500යි..

රට තුල පවතින සිමෙන්ති හිගයත් සමග වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල සිමෙන්ති විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරිමට සිමෙන්ති අලෙවි නියෝජිතයන් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ අලෙවි කරන වෙලදුන් පියවර ගෙන ඇත.

රු 1200 සිට 1500දක්වා විවිධ මිල ගණන් යටතේ සිමෙන්ති මිටියක් අලෙවි කරන අතර , සිමෙන්ති මිල ඉහල යාම හමුවේ සිමෙන්ති ගල් නිෂ්පාදකයන් මෙන්ම සිමෙන්ති ආශ්‍රිත නිපැයුම්කරුවන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

සිමෙන්ති මිල ඉහල යාම හමුවේ ඉදි කිරිම් කර්මාන්තයේ යෙදි සිටින පිරිස්ද ගැටළු රැසකට මැදි වි සිටින අතර , රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ද කියා සිටින්නේ තමන් සිමෙන්ති මිල එවකට පැවති මිල අනුව ඇස්තුමේන්තු සකස් කර රජයේ කොන්ත්‍රාත් ලබාගත් බවත්, වර්තමානයේ සිමෙන්ති මිල අධික ලෙස ඉහල යාම හමුවේ තමන්ට විශාල පාඩුවක් දැරිමට සිදු වි ඇති බවයි.

සිමෙන්ති මිල ඉහල යාම සම්බන්ධයෙන් අප සිමෙන්ති අලෙවි නියොජිතයන්ගෙන් කල විමසුමකට ඔහුන් කියා සිටියේ තම ඉල්ලුමට සරිලන සිමෙන්ති සැපයුමක් සිමෙන්ති නිෂ්පාදන සමාගම් විසින් ලබානොදෙන බවත්, එම සමාගම් විසින් ලබාදෙන සිමිති සිමෙන්ති මිටි ප්‍රමාණය ප්‍රවාහන ගාස්තු සසදා අලෙවි කිරිමේදි සිමෙන්ති මිටියේ සදහන් කර ඇති මිලට වඩා වැඩි මුදලක් වැය වන නිසා සිමෙන්ති මිල ඉහල ගොස් ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

16,454 views

4 Comments to “සිමෙන්ති කොට්ටය 1500යි..”

  1. සහොදරය says:

    ආයි මේ ජෙප්පො ගුරුවරු ෆෝම් කරල රට වටේම කොරෝනා බෝකරයි වගේ.
    එදා වේල හම්බ කරන අපිට තමයි කෙලවෙන්නෙ.
    රජයෙ සේවකයන් ට නම් ඉතින් අවුරුදු ගානක් හරි වෙඩ නොකර පඩි ගන්න පුලුවන් නේ

    • බුවනෙක says:

      Gon kamai wahal kamai ekathu unama thopi wage oyta wadiya deyak hithanna puluwan kamak naa.

    • කැලණියේ නයා says:

      උඹ ඔව්ව ගැන වොරි වෙන්ටෙපා තව කීයක් හරි වැඩිපුර බදු ගෙවහන් වැඩි වෙන මිලට බඩු අරන්.බේබිලාට ඩුබායි වල ටුවර් යන්න පොඩි බේබිට කිසිම රස්සාවක් නොකර ක්‍රිකට් ගහමින් රොකට් යවමින් සැපේ ඉන්න ලොකු නෝනට භක්ති ගීත කියමින් සැපේ ඉන්න කොච්චර නම් රට වෙනුවෙන් වැඩ කරන්ඩ ඕනිද අපි

  2. Kalu Albot says:

    Ara, Sahodaraya kiyana ekaa Meeharakekuge sahodarayekda? Yako, mamath pension kaarayek. Thopi wage noveyi. Kepa wuna sewayak karalayi api rajaye sewayen ayin wune. Horakam, Komis keli, Pilli gahili, koralath Pinata penson labana Deshapaaluwanta pakkalkam korana thopnilaa wage kaalakannii ekkanewa api jeeewath wenne!

Main News