සිමෙන්ති 200කින්.. පිටි 20කින්… ඉහලට..- රජය අතහැරි මිල වෙලදුන් නියම කරති..

October 9, 2021 at 3:15 am | lanka C news

කිලෝ 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 200 කින් ඉහළ නැංවීම සඳහා සමාගම් විසින් ඉල්ලීම් කර තිබේ.

සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමෙන් පසු විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම සිමෙන්ති සමාගම් විසින් ඉදිරිපත් කර තිබේ.

මේ අතර පිටි කිලෝවක මිල රුපියල් 15-20 අතර මුදලකින් ඉහළ දැමීමට සිදුවන බව පිටි සමාගම් රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතාට දැනුම් දී ඇත.

ගෑස්, කිරිපිටි, සිමෙන්ති, තිරිඟු පිටි පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟම එම වෙළඳුන් විසින් තම මිල සංශෝධනය ඉදිරිපත් කරමින් සිටී.

23,997 views

10 Comments to “සිමෙන්ති 200කින්.. පිටි 20කින්… ඉහලට..- රජය අතහැරි මිල වෙලදුන් නියම කරති..”

  1. කැලණියේ නයා says:

    හැට නම ලක්සෙක ජනතාව වපුරපු අස්වැන්න රටක් එක්කහු වෙලා නෙලමු.

  2. අනේ අපොයි says:

    බඩු මිල දවසින් දවස නගිනවා
    ගෝටෙක් දෙස අපි බලාසිටිනවා
    වැඩ බැරි ටාසන් මතේකෙට එනවා
    අපි කල පව තව අපිම ගෙවනවා

  3. Saleem says:

    ඒකට බව වෙන්න එපා. වෙළෙදුන් වැඩියෙ නටන්න ආවොත් රජය මැදිහත් වෙනවා කියල ප්‍රකාශ කරල තියෙනවා. සීනි හාල් මිලවලට වෙච්ච දේ අපි දකිනවා නොවැ

  4. Jagath says:

    දැන් සැප ද ද ද ද ද ද???

  5. 3% ට බය බයියා. says:

    අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල පාලනය කිරිමට විරුවන්ට බැරි බව ඔප්පු කරලා තියෙන්නේ .මාෆියාව පරාජයට පත් කිරිමට හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .වංචාව දූෂණය නාස්තිය නැති කර ජනතාවට සහන දී ලක් මවගේ දේපළ විජාතිකයන්ට විකිණීම නතර කිරිමට හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  6. Neela says:

    බැසිල්ටත් මොළයක් හෝ 7 ක් තියෙනවා කියා අනික් හාල්පාරුවෝ කියන කොට බුද්ධියක් ඇතිදැයි සැකයක් පහළ වෙනවා. කාහොමද සුපිරි (සූකිරි) මොළේ. බඩු මිළයි ඩොලරයයි තරඟෙට ඉහළ යයි. බැසිල් බුදිද බං!

  7. පැන්ඩෝරා පේපර්ස් says:

    මාළ රෝහිතට අනුව අරයට මොල හතක් නෑ , එක සුපිරි මොළයයි , ඉස්සරහට ඒ මොලෙත් නෑ කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ , කම්බ හොරු දෙන්නෙක් ආර්ථිකය මෙහෙයවද්දී , මේ වගේ ඩාං වෙලා ඩූන් වෙන එක ගැනනං අවුලක් නෑ , මිනිස්සු පොලීමේ ඉන්නවා පාස්පොර්ට් ගන්න , එකෙන් බහුතරේ මහ රජතුමාට චන්දේ දීපූ කුරුණෑගල යටත් වැසියො. සෞභාගෙ යි , ඈස්චර් යෙයි දෝරේ ගලනවා.මෙකත් කොරොනා ගිණුමට දාලා අතපිහදාගන්නවා මිසක් වෙන කරන්න දෙයක් නෑ , රෙදී නෑ සාන්ත.

  8. Felix says:

    Karanna Barinam… Digatama Hora Kam Krapalla…. Kamak Nehe…. Keeyata Hari Ganna Minisunta Avashya Baanda Deepalla…. Meee Hark Kiri Piti Ganna Peya Ganan Polime Indala…. Eka Packet Ekak Ganne…

  9. බයියා says:

    මිල පාලනය කියන ප්‍රෝඩාවෙන් අයින් වෙන ඒක කොහොමත් හොඳයි. යහපාලන කාලෙ කරපු ඒක හොඳ වැඩක් වෙන මිල සූත්‍රය නැවත ගෙනාවොත් තවත් හොඳයි.

  10. බයියා says:

    ලංකවට ඔරොත්තු නොදෙන ලක්‍ෂ 18 ඉක්මවූ රජයේ රැකියා ප්‍රමාණයක් දැනටමත් ලබා ද ඇත. මෙලස පින්පඩි කරුවන් නඩත්තු කිරීම හා ඔවුන්ගේ පඩි ගෙවීම රජයේ රැකිය නොකරන බහුතර රජයට බදු ගෙවන ජනතවමත පටවා ඇත. අද වන විට ජිවන වියදම වැඩි වීමට ප්‍රධාන හේතුව රජයේ සේවකයන්ගේ පඩිය ඉහල ගිය විට භාන්ඩ මිල ඉහල යාමද ඊට සාපේක්ෂව අනෙකුත් පුද්ගලයන්ගේ වැටප් ඉහල නොයාමය මෙවන් තත්වයක් තුල නව පත්වීම් 6 0 0 0 0 ලබාදිම සහ මෙතෙක් කිසිදු රජයකින් රැකියා ලබා නොදුන් NSBM වැනි ප්‍රථමික උපාධි ආයතන වල උපාධිධාරීන්ට ද රජයේ රුකියා ලබාදීම තවත් උපහාසාත්මකය