සියදිවි නසා ගැනීමේදී වෙඩි තබා ගන්නේ හිසටයි.. කටට නොවේ.. එනිසා නිදහස් චතුරස‍්‍රයේ මල සිරුර සැලසුම් සහගත ඝාතනයක්..

June 17, 2020 at 3:26 am | lanka C news
සියදිවි නසා ගැනීමේදී වෙඩි තබා ගන්නේ හිසටයි.. කටට නොවේ.. එනිසා නිදහස් චතුරස‍්‍රයේ මල සිරුර සැලසුම් සහගත ඝාතනයක්..

කොළඹ 7 නිදහස් චතුරස‍්‍රයේදී මල සිරුර හමු වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරියෙකු වන රජීව් ජයවීර මහතාගේ මරණය සැලසුම් කල මිනීමරුමක් යයි සැක සහිත බව සමගි ජනබලවේගයේ අපේක්ෂක තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

සියදිවි නසාගන්නා පුද්ගලයන් වෙඩි තබා ගන්නේ හිසට බවත් මෙම මල සිරුරේ වෙඩි තබාගෙන තිබුනේ කටට වීමත් දැඩි සැක සහිත බවද ඔහු පැවසීය.

මල සිරුරු සොයාගත් ආසන්න කාලයේදී නිදහස් චතුරශ්‍රයේ ආසන්නයේ පිහිටි සියලු කැමරා පද්ධති අක්‍රීය වී තිබීම තවත් සැක සහිත බව ද ඔහු සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

104 views

50 Comments to “සියදිවි නසා ගැනීමේදී වෙඩි තබා ගන්නේ හිසටයි.. කටට නොවේ.. එනිසා නිදහස් චතුරස‍්‍රයේ මල සිරුර සැලසුම් සහගත ඝාතනයක්..”

  1. රනිල් says:

    තිස්ස, තිස්ස. ඔබගේ මෙම ප්‍රකාශයට අමතරව තවත් ගොන් ප්‍රකාශ තිබේද?

  2. Pork says:

    මේ මෝඩයා කට අරින, අරින සැරයක්පාසා පැකනිල් සජිත්ට ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා.

    .

Main News