සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නෑ..- ජනපති

July 15, 2021 at 4:40 pm | lanka C news
සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නෑ..- ජනපති

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන සංකල්පයක් ලෙස හඳුන්වා දෙමින් නිල වෙබ් අඩවිය (www.cu.ac.lk) විවෘත කිරීම “ලෝක තරුණ නිපුණතා දින සැමරුම – 2021” ට සමගාමීව අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

නව තාක්ෂණය සමග, රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින්, කුසලතා පූර්ණ උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පුරවර විශ්වවිද්‍යාල, දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන පරිදි ස්ථාපිත කෙරේ.

උසස් පෙළ විභාගයෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් 80%කට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වේ. ඒ අතරින් ආර්ථික හැකියාව සතු සිසුහු පෞද්ගලික හෝ විදෙස් විශ්වවිද්‍යාල සඳහා යොමු වෙති. උසස් පෙළ සමත් එහෙත් ආර්ථික ශක්තියක් නැති, කුසලතා පූර්ණ දරුවන්ට රැකියා වෙළෙඳපොළට සරිලන උපාධියක් පිරිනැමීම පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් ජනාධිපතිතුමා අපේක්ෂා කරයි.

ඒ ඒ දිස්ත්‍රික්කයන්ට ආවේණික මෙන්ම දේශීය සහ ගෝලීය රැකියා වෙළෙඳපොළට සරිලන විෂය නිර්දේශයක් මත උපාධි පාඨමාලා සැකසීම මෙහි විශේෂත්වයයි. උපාධි පාඨමාලාව අවසානයේ දැනුමෙන් හා වෘත්තීය කුසලතාවයෙන් පිරි අනාගත පුරවැසියෙකු නිර්මාණය කෙරෙන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය.

තරුණ විරැකියාව, 2014 වසරේ දී 4%ක් දක්වා පහතට පැමිණිය ද 2019 වන විට එය 16% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පවතින ගෝලීය තත්ත්වය මත තරුණ විරැකියාව 30% ක් දක්වා ඉහළ යා හැකි බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා උපාධිය තුළින් නිපුණතා පිරි තරුණයෙකු බිහි විය යුතු බව සඳහන් කළේය. තරුණ පරපුර නව තාක්ෂණය සමග මුසුව නූතනත්වය කරා ගමන් කරමින් සිටියි. මෙහිදී ලෝකය හා එක්ව හැඩගැසීම වැදගත් බවත්, අවසානයේ දී ජයගත යුත්තේ ජීවිතය මිස අඛණ්ඩව රැගෙන ආ පුරුදු නොවන බව අමාත්‍යවරයා විසින් සඳහන් කරනු ලැබිණ.

උපාධි ලාභියෙකුගේ අපේක්ෂාව හොඳ රැකියාවක් වුව ද, කිසිදු රැකියාවකට ඇතැම් උපාධි පාඨමාලා නොගැළපීම නිවැරදි කිරීම වර්තමානය සතු වගකීමක් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය.

උපාධියක් ලබාගන්නා බහුතරයක් රජයේ රැකියාවක් අපේක්ෂා කරති. එහෙත් රජයක වගකීම විය යුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් තමා අපේක්ෂා කරනුයේ, ආර්ථිකයට සෘජුව සම්බන්ධ විය හැකි හෝ ස්වයං රැකියාවක නිරත විය හැකි දැනුමක් සහිත පුද්ගලයෙකු උපාධිය අවසානයේ නිර්මාණය කිරීම බව ජනාධිපතිතුමා පැවසීය.

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නොමැත. එහෙත් ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට තමා ද විරුද්ධ බව ජනාධිපතිතුමා විසින් සඳහන් කරනු ලැබිණ. පෞද්ගලික විශ්වවිද්‍යාල උපයන ආදායම අධ්‍යාපන කටයුතුවල ප්‍රවර්ධනය සඳහා ම වෙන් කළ යුතුය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන්නන් සිදු කළ යුත්තේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

කෑගල්ලෙන් ඇරඹෙන පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන කඩිනමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අමාත්‍යාංශ ලේකම්වරු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

52,769 views

25 Comments to “සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නෑ..- ජනපති”

  1. ෆ්‍රොෆ් ලංසා මහතා says:

    ඊළඟ පියවර හැටියට ඔය ඉතුරුවෙලා තියන රජයේ කැම්පස් ටිකත් ප්‍රයිවෙටයිස් කරන්න. ඊට පස්සේ ළමයින්ට සල්ලි ගෙවලා උපාධි ගන්න කියන්න. බැරි උන්ට ගෙවල් ඉඩම් ඈපෙට තියං ලොන් දෙන්න අවුරුදු 10 වගේ ගෙන්න. එහෙම ත් නැතිඋන්ට වැඩි ලකුණු පෙන්නලා තිබ්බොත් ඩිස්කවුන්ට් දෙන්න. එහෙමත් බැරි උන්ව කැම්පස් වල කැන්ටින්, ආරක්ෂක සේවා වල, වතු සුද්ද කරන වැඩට ගන්න.

    • Karu says:

      Lot of people talk about free education. Free education should be available for those who can’t afford. People with money should have freedom to educate their children even at a cost. Why can’t people understand this? You can eat roti or cake if you can afford. Why everyone should eat roti. Govt must do everything to support free education while giving equal opportunities for private education at school and university level. Let the public choose where they send their children. Education is a basic right for every child. Preserve it with out boundaries.

  2. Covid18+ says:

    ජේ.වී.පී. කාලකණ්ණි නිසා තමා රට හැමදාම ගල් යුගයෙ තියෙන්නෙ. රටේ දුප්පතාගෙ පවා බදු මුදලින් ඉගෙන ගෙන, මෙලෝ වැඩක් නැති විෂයයන් ටිකක් කරලා උපාධියක් අරගෙන, ආණ්ඩුවෙම රස්සා අරගෙන, ජීවිතේම අයිස් ගහලා, වැඩ කරගන්න එන උන්ටත් පුප්පලා පැන්ෂන් ගිහිනුත් හිඟන්නාගෙ පාත්තරෙනුත් ගෙවන බදු වලින් විශ්‍රාම වැටුපත් ගන්නවා. මුන් ආණ්ඩුවෙ කැම්පස් බදු අරන් වනසලා තියෙන්නෙ. ඉගෙනගන්න උන්ට ඉගෙනගන්න කැම්පස් එකක් හදද්දිත් හරියට අමාරුයි.

  3. Darshana abayakoon says:

    නියමයි අති ගරු ජනාදිපති තුමනි. ඉදිරියට තැබූ පය ආපස්සට තියන්න එපා. එදා මහින්ද මහත්තයා සයිටම් ගේන කොට අපි එක හඩින් එයට සහය දැක්කුවා. ඒවගේම යහපාලන ආන්ඩුව සමයේ අපි මහින්ද මහත්තයගෙ අදහස් වලට ගරු කරමින් සයිටම් එකට එක හඩින් විරුද්ද වුනා. ඔබ තුමා ඇතුලු රජය නැවත පුද්ගලික විශ්ව විද්යාල ඇති කිරීමට ගෙන මෙම කොතලාවල පනතට 69 ලක්ශයක් ජනතාව කොන්දේසි විරහිතව සහය දැක්වීමට සූදානම්.

  4. KG says:

    Thawa 3i…hammoh

  5. KG says:

    Just because you failed..how can you say like that…today you will say that u cant continue free education..tomorrow you will say, you cant oro ide free health..where are you heading? Most incapable president any country had..as his brother brought SAITAM and creatwd incapable medics..he will so the same..because big business..money flows..foolish billionarire childeren are to be geaduated and add title under name..while many many poor childern even carving for some internet signal..where are we heading fellow countrymen

  6. Upul says:

    Western countries give free education too.but when they graduates they have to pay back tax for those education facilities they been used.
    Uk,Canada, Australia they set up Tax file number any one age 18 .
    We have to do the same.
    Sri lankan those who govern they never set up this type of system.
    End of the day free educated they go some else.
    Country going to suffer for ever.
    Messy system is the problem. Sri Lankan…….

  7. Dengu Nona says:

    Loku Mahaththayo, Onna oya wishwa widyaala tika Cheenaata wikunalaa Damanna. “Sawu Bakkiye” dakuma e widihata dakkanna puluwani!

  8. අල්ලා says:

    මොනවා කරලා හරි මේ රටේ හැදෙන පරපුර නොමග යවන ජවිපෙ අලුගෝසුවන්ගෙන් අධ්‍යාපනය බේරාගත යුතුයි..

  9. ගිජුලිහිණි සංදේශය says:

    ඉපදුනේ නැතත් එදා – උරුම වී ධනෙත් බලෙත්
    නිදහසේ උගත් පිනින් – දිනූවෙමු අපිත් ලොවත්
    දරුවනේ කලින් කලේ – එය කතී සොරුන් ඇවිත්
    අරමුණේ තබා රකිව් – ඒ උතුම් ගුණේ හෙටත්

Main News