සියල්ලන් Mask පලදින්නයැයි ඇමරිකාවේ ඉහලම සෞඛ්‍ය ආයතනය දන්වයි.. ‘කවුරු කිව්වත් මට බෑ’ ට්‍රම්ෆ් කියයි.. ‘එයා එහෙම කිව්වට ඕගොල්ලෝ දාගන්න’.. ට්‍රම්ෆ් ආර්යාව කියයි..

April 4, 2020 at 12:00 pm | lanka C news
සියල්ලන් Mask පලදින්නයැයි ඇමරිකාවේ ඉහලම සෞඛ්‍ය ආයතනය දන්වයි.. ‘කවුරු කිව්වත් මට බෑ’ ට්‍රම්ෆ් කියයි.. ‘එයා එහෙම කිව්වට ඕගොල්ලෝ දාගන්න’.. ට්‍රම්ෆ් ආර්යාව කියයි..

මුහුණු ආවරණ පැලදීම ගැන ඇ.එ. ජනපදයේ උද්ගතව ඇති විවාදසම්පන්න තත්වය ගැන මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය මුහුණු පොතේ තැබූ සටහන පහත දැක්වේ.

කොරෝනා පැතිරීම පාලනයට මුහුණු ආවරණ පැළදිය යුතුද නැතිද පිලිබඳ විවාදයක් විය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඇමරිකානු රෝග මර්ධන මධ්‍යස්ථානය (CDC) මේ පිළිබඳව දැරුවේ COVID-19 ආසාදනය වී ඇතැයි සැකසහිත රෝගියෙක් රැකබලා ගන්නවා නම් හෝ යමකුට කැස්ස හෝ කිවිසුම් යනවා නම් මිස මුහුණු ආවරණ පැළඳිය යුතු නැති බවයි.

කොරෝනා වෛරසයේ ප්‍රමාණය මයික්‍රො මීටර 0.1 නිසා රෙදි මුහුණු ආවරණයකින් හෝ සාමාන්‍ය රෝහල් මුහුණු ආවරණයකින් ප්‍රයෝජනයක් නැති බව ඔවුන්ගේ තර්කය විය (COVID-19 ආසාදනය වී ඇතැයි සැකසහිත රෝගියෙක් රැකබලා ගන්නා අයට හැර අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ට මුහුණු ආවරණ ලබා නොදීම නිසා ඇතැම් ඇමරිකානු සෞඛ්‍ය සේවකයන් ඉල්ලා අස් විය.). ඇ.එ. ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ෆ් මුහුණු ආවරණ විරෝධී සටනේ මුලිකයකු විය. ඇ.එ. ජනපදය මෙම තීරණය ගැනීමට එක් හේතුවක් වූයේ එරට වැසියන්ට ප්‍රමාණවත් පරිදි මුහුණු ආවරණ ලබා දීමට ඇති නොහැකියාව නිසා බව ද අදහස් පළ විය.

කෙසේ නමුත් චීන “රෝග මර්ධන සහ රෝග වැළක්වීමේ මධ්‍යස්ථාන (CDCP)” ප්‍රධානී මහාචාර්ය ජෝර්ජ් ගාවෝ සයන්ස් සගරාව සමග පැවති සාකච්ජාවකදී ප්‍රකාශ කලේ කොරෝනාවට එරෙහි සටනේදී මුහුණු ආවරණ නොපැලදීමට ගත් තීරණය බරපතල වරදක් බවයි (https://www.sciencemag.org/…/not-wearing-masks-protect-agai…). මේ අතර යුරෝපයේ කොරෝනා ව්‍යාප්ති පාලනයේ සාර්ථක වූ චෙක් ජනරජය සහ ස්ලෝවැකියාව ඊට පාදක කර ගත්තේ අනිවාර්ය මුහුණු ආවරණ පැළඳීම බව සහේතුකව පෙන්වීය (වීඩියෝව බලන්න).

සාමාන්‍ය රෙදි මුහුණු ආවරණයකින් කොරෝනා වෛරසය ශරීරගත වීම පාලනය කළ නොහැකි වුවද එම වෛරසය ශරීරයේ ඇති අයකුගෙන් පරිසරයට මුදා හැරීම සැලකිය යුතු ලෙස (90-100%) අඩු වේ. ඊට හේතුව වෛරසය මයික්‍රො මීටර 0.1 වුවද එය පිටවන්නේ ඊට බෙහෙවින් විශාල බිඳිති (droplet) තුළ වීමයි. බිඳිති පිටවීම සාමාන්‍ය රෙදි මුහුණු ආවරණයකින් වුව අවම වේ. සියලු දෙනා මුහුණු ආවරණ පලදින්නේනම් වෛරස පරිසරයට මුදා හැරීම අවම වී නිරෝගී අයට ශරීරගතවීම ද අඩු වේ.

රෝගී අයකුගේ ශ්වසන පද්ධතිය තුළ ඇති වෛරස වැඩි වශයෙන් පරිසරයට මුදා හැරෙන්නේ නාසය ඔස්සේ නොව මුඛය ඔස්සේය. එසේම නිරෝගී අයකුට වෛරස වැඩි වශයෙන් ශරීර ගතවන්නේ නාසය ඔස්සේ නොව මුඛය ඔස්සේය. මුහුණු ආවරණයක් පැළඳීම මගින් මුඛය ඔස්සේ සිදුවන වෛරස සංචරණය සැලකිය යුතු ලෙස අඩු වීමද එය පැළදීම වෙනුවෙන් පෙනී සිටි පර්යේෂකයන්ගේ තර්කයකි.

අවසානයේ ඊයේ සවස ඇමරිකානු රෝග මර්ධන මධ්‍යස්ථානය (CDC) සාමාන්‍ය ජනතාවට මුහුණු ආවරණ පැළඳීම නිර්දේශ කළේය. දිනකට ඇමරිකානු රෝගීන් 1000 වඩා මිය යෑමත් සමග චීන සහ චෙක් උදාහරණ සහිතව CDC ආයතනය බරපතල විවේචනයකට ලක් වීම මේ තීරණයට මූලික ලෙස බලපෑවේය. මේ ගැන අදහස් දැක්වූ ඇ.එ. ජනපද ජනාධිපතිවරයා පැවසුවේ CDC ආයතනය එසේ පැවසුවද තමන් මුහුණු ආවරණ පලදින්නේ නැති බවයි. මුහුණු ආවරණ පැළදීමෙන් තමන්ට විදෙස් ජනාධිපතිවරු, අගමැතිවරු, ආඥාදායකයන්, රජුන් සහ රැජිණන් සමග අදහස් හුවමාරු කර ගැනීමට දුෂ්කර වීම ඊට හේතුව බව ඔහු පැවසීය. කෙසේ නමුත් මීට ටික වෙලාවකට පෙර ට්වීට් පණිවිඩයක් නිකුත් කළ ඇ.එ. ජනපද ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ෆ් මුහුණු ආවරණ පළදින ලෙස සියලු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියාය.

Link – 01

– චන්න ජයසුමන FB

මුහුණු ආවරණ සටනින් ඇමරිකාව පසු බසී කොරෝනා පැතිරීම පාලනයට මුහුණු ආවරණ පැළදිය යුතුද නැතිද පිලිබඳ විවාදයක් විය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඇමරිකානු රෝග මර්ධන මධ්‍යස්ථානය (CDC) මේ පිළිබඳව දැරුවේ COVID-19 ආසාදනය වී ඇතැයි සැකසහිත රෝගියෙක් රැකබලා ගන්නවා නම් හෝ යමකුට කැස්ස හෝ කිවිසුම් යනවා නම් මිස මුහුණු ආවරණ පැළඳිය යුතු නැති බවයි. කොරෝනා වෛරසයේ ප්‍රමාණය මයික්‍රො මීටර 0.1 නිසා රෙදි මුහුණු ආවරණයකින් හෝ සාමාන්‍ය රෝහල් මුහුණු ආවරණයකින් ප්‍රයෝජනයක් නැති බව ඔවුන්ගේ තර්කය විය (COVID-19 ආසාදනය වී ඇතැයි සැකසහිත රෝගියෙක් රැකබලා ගන්නා අයට හැර අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ට මුහුණු ආවරණ ලබා නොදීම නිසා ඇතැම් ඇමරිකානු සෞඛ්‍ය සේවකයන් ඉල්ලා අස් විය.). ඇ.එ. ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ෆ් මුහුණු ආවරණ විරෝධී සටනේ මුලිකයකු විය. ඇ.එ. ජනපදය මෙම තීරණය ගැනීමට එක් හේතුවක් වූයේ එරට වැසියන්ට ප්‍රමාණවත් පරිදි මුහුණු ආවරණ ලබා දීමට ඇති නොහැකියාව නිසා බව ද අදහස් පළ විය. කෙසේ නමුත් චීන "රෝග මර්ධන සහ රෝග වැළක්වීමේ මධ්‍යස්ථාන (CDCP)" ප්‍රධානී මහාචාර්ය ජෝර්ජ් ගාවෝ සයන්ස් සගරාව සමග පැවති සාකච්ජාවකදී ප්‍රකාශ කලේ කොරෝනාවට එරෙහි සටනේදී මුහුණු ආවරණ නොපැලදීමට ගත් තීරණය බරපතල වරදක් බවයි (https://www.sciencemag.org/news/2020/03/not-wearing-masks-protect-against-coronavirus-big-mistake-top-chinese-scientist-says). මේ අතර යුරෝපයේ කොරෝනා ව්‍යාප්ති පාලනයේ සාර්ථක වූ චෙක් ජනරජය සහ ස්ලෝවැකියාව ඊට පාදක කර ගත්තේ අනිවාර්ය මුහුණු ආවරණ පැළඳීම බව සහේතුකව පෙන්වීය (වීඩියෝව බලන්න). සාමාන්‍ය රෙදි මුහුණු ආවරණයකින් කොරෝනා වෛරසය ශරීරගත වීම පාලනය කළ නොහැකි වුවද එම වෛරසය ශරීරයේ ඇති අයකුගෙන් පරිසරයට මුදා හැරීම සැලකිය යුතු ලෙස (90-100%) අඩු වේ. ඊට හේතුව වෛරසය මයික්‍රො මීටර 0.1 වුවද එය පිටවන්නේ ඊට බෙහෙවින් විශාල බිඳිති (droplet) තුළ වීමයි. බිඳිති පිටවීම සාමාන්‍ය රෙදි මුහුණු ආවරණයකින් වුව අවම වේ. සියලු දෙනා මුහුණු ආවරණ පලදින්නේනම් වෛරස පරිසරයට මුදා හැරීම අවම වී නිරෝගී අයට ශරීරගතවීම ද අඩු වේ. රෝගී අයකුගේ ශ්වසන පද්ධතිය තුළ ඇති වෛරස වැඩි වශයෙන් පරිසරයට මුදා හැරෙන්නේ නාසය ඔස්සේ නොව මුඛය ඔස්සේය. එසේම නිරෝගී අයකුට වෛරස වැඩි වශයෙන් ශරීර ගතවන්නේ නාසය ඔස්සේ නොව මුඛය ඔස්සේය. මුහුණු ආවරණයක් පැළඳීම මගින් මුඛය ඔස්සේ සිදුවන වෛරස සංචරණය සැලකිය යුතු ලෙස අඩු වීමද එය පැළදීම වෙනුවෙන් පෙනී සිටි පර්යේෂකයන්ගේ තර්කයකි.අවසානයේ ඊයේ සවස ඇමරිකානු රෝග මර්ධන මධ්‍යස්ථානය (CDC) සාමාන්‍ය ජනතාවට මුහුණු ආවරණ පැළඳීම නිර්දේශ කළේය. දිනකට ඇමරිකානු රෝගීන් 1000 වඩා මිය යෑමත් සමග චීන සහ චෙක් උදාහරණ සහිතව CDC ආයතනය බරපතල විවේචනයකට ලක් වීම මේ තීරණයට මූලික ලෙස බලපෑවේය. මේ ගැන අදහස් දැක්වූ ඇ.එ. ජනපද ජනාධිපතිවරයා පැවසුවේ CDC ආයතනය එසේ පැවසුවද තමන් මුහුණු ආවරණ පලදින්නේ නැති බවයි. මුහුණු ආවරණ පැළදීමෙන් තමන්ට විදෙස් ජනාධිපතිවරු, අගමැතිවරු, ආඥාදායකයන්, රජුන් සහ රැජිණන් සමග අදහස් හුවමාරු කර ගැනීමට දුෂ්කර වීම ඊට හේතුව බව ඔහු පැවසීය. කෙසේ නමුත් මීට ටික වෙලාවකට පෙර ට්වීට් පණිවිඩයක් නිකුත් කළ ඇ.එ. ජනපද ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ෆ් මුහුණු ආවරණ පළදින ලෙස සියලු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියාය. චන්න ජයසුමන https://www.youtube.com/watch?v=HhNo_IOPOtU&feature=emb_logohttps://www.usatoday.com/story/news/politics/2020/04/03/coronavirus-trump-wont-wear-mask-because-foreign-leader-meetings/2945378001/

Gepostet von Channa Jayasumana am Freitag, 3. April 2020

70,010 Viewers

20 Comments to “සියල්ලන් Mask පලදින්නයැයි ඇමරිකාවේ ඉහලම සෞඛ්‍ය ආයතනය දන්වයි.. ‘කවුරු කිව්වත් මට බෑ’ ට්‍රම්ෆ් කියයි.. ‘එයා එහෙම කිව්වට ඕගොල්ලෝ දාගන්න’.. ට්‍රම්ෆ් ආර්යාව කියයි..”

  1. Dp says:

    Ape ayatath USA walin kiwwa Nisa Dan eka Hari kiyai.

    • 🤣🤣🤣😄😄😄 says:

      නෑ බොලං … අපේ රාජිතය ගැහුව ගැටේ වගේ මෙයත් රටම අන්ඳවන්නේ…හාමිනේ ‘හා’ කියවනවා… මොකද මෙයා අවුරුද්දකට කලින් අකැමති උනානේද කලුපාට මුකවාඩම ගෑනු ඇඳගෙන යනකොට…

      කොහොමද අපේ රාජිතයා හකීම්ව අවුස්සලා WHO සංවිධානයම “හූ” කරපු හැටි කූරාණ වෛරසයෙන්…!

  2. Dr. Kavindu says:

    Everybody Must Wear the masks. US stated washing hands is enough because they knew medical supplies in the world was running low. Therefore, they came up with the story washing hands is enough. It was a big lie. Virus can be entering into anyone’s body from three points. Eyes, Nose, and the Mouth. Face masks will protect the Nose and the Mouth. Eyes must be covered with air locked eye covers like Swim Goggles. This is what the people in Wuhan China did and this is how they flatten the curve of the spread/deaths from this COVID19 virus.

    • W Perera says:

      Well said Dr Kavindu, Yes masks may help flatten the spread as seen in many Eastern countries and in few EU countries. And most importantly any mask would stop people touching their nose and mouth sometimes up to 20 times in one hour. And this COVID-19 virus is 0.3 to .4 micron and perhaps most commercially available masks will stop aerosol droplets. Medical and other very close range, they may need HEPA quality 0.1 micron masks. CDC finally accept the benefits and hope it opens eyes of many bureaucrats and experts who can’t trigger their commonsense and their expertise without US and West tells it.

  3. අක්බාර් ලොක්කා says:

    ට්‍රම්ප් කියන්නෙ අපේ ඩොක්ටර් මර්වියා වගේ මොට්ටයෙක්

    • පේන විදියට පෘථිවියේ බලවත්ම යැයි කියා ගන්නා රටේ ජනාධිපතිත් පෙටිකෝට් ගවන්මන්ට් එකට යටයි වගේ .මූ රටේ මිනිස්සුන්ට බොරු වීරකම් පාන්නෙ මූ ට ගෙදරදි බල්ල වගේ ඉන්න වෙන හින්දද කොහෙද..

  4. MD says:

    Telephone ☎️ eken illana ayatanam aduma gane Pad ekata Rubber band ekak dala Mask ekak widiyata hada ganna puluwan

    • Chatura putha says:

      ටෙලිෆෝන් එකේ ලොක්ක ඖෂධ විද්‍යාව සම්බන්ද මහා-ආචාරියෙක්.එතුමා තමයි ප්ලැකුනිල් හොයා ගත්තෙ.මේ ටිකේ එතුමා රිසර්ච් එකක් කරනව යාල කැලේ.තව දවස් දෙක තුනකින් එලි බැහැල අලුත්ම සොයාගැනීම අපට දෙයි.

  5. MD says:

    Telephone ☎️ eken illana ayatanam aduma gane Pad ekata Rubber band ekak dala Mask ekak widiyata hada ganna puluwan.

  6. Malith says:

    අනේ මෙලනියා ඔයා කියනවනම් අපි ඕන දෙයක් කරන්නම්, කලිසම ගලවලා මාස්ක් එක විතරක් දාගෙන හරි ඉන්නම්. දැන්වත් ඔයා ඔය ලොන් හලිච්ච ජනාධිපති දාලා ලංකාවට ඉන්නකෝ.. උම්මා.💝

  7. Asanka says:

    අර GMOA එකේ පඩියොත් කිව්වා නේද mask එපා කියල. අද වෙනකොට GMOA කියපු ඔක්කොම වැරදියි..

    • උං ගිරව් වගේ CNN හෙඩ්ලයින් කියවල, තේරෙන විදියට අමුතුම වදුරු කුණුහරුපයක් මාධ්‍යයට කියනවා..උංවත් දන්නෙ නෑ මොකක්ද ඒ කිව්වෙ කියල..හරක්..

      • ඩොකා says:

        ඔය කියන හරක් පට්ටිය ගාවට තමයි බොලාට මේ දවස් වල හචිං එකක් ගියත් යන්න වෙන්නෙ. මොකද ඔය හරක් පට්ටියට අයිති නැත්තෙ රිටයර් වෙච්චි ඩොකාලයි වෙන්න ඩොකාලයි [ උබලා වගේ] රජයේ සේවයෙන් පන්නපු ඩොකාලයි රට ඩිග්‍රි අරගෙන ආපු පේශ්න්ට් මැනේජ් කරගන්න බැරි නිසා බයට රිසයින් වෙලා ප්‍රයිවට් ජොයින් වෙලා ඉන්න ඩොකාලයි විතරයි. මේ බූරුවො හිතන් ඉන්නෙ ඒකෙ ඉන්නෙ ඔය නිතරම පේන තුන් හතර දෙනා විතරයි කියල

  8. Asoka says:

    එකෙක් කියනවා දාන්නලු තව එකෙක් කියනවා එපාලු. නොදකින්

  9. truth says:

    TRUMP = PUTHANO

  10. Saman says:

    Guys, we should use commonsense, covering will protect at least some percentage.

  11. Upali Samarajeewa says:

    It is better for the Professor to read his biochemistry lecture notes from student days and find the size of a virus correctly.

  12. anil R. says:

    It is pathetic to see many here comment on something based on hearsay. why not people listen to the whole message delivered and then comment?

    After 1 year we will see who wins at the end.

  13. sena says:

    සජිත් මහත්මයා මෙයාගෙන්නේද අපට ඉගෙනෙගන්න කිව්වේ
    අපේ වාසනාවට ගෝටබය රාජපක්ෂ මැතිතුමා අපේ ජනාධිපති වුනා
    ඇමරිකාවේ අවාසනාවට ට්‍රම්ප් ජනාධිපති වුනා

  14. nimalsiri says:

    trumpkaaraya mask palandanna akemeththa dakwanne,uge genige kimba reta lewakanna beriwenava kiyana
    prashnaya nisaaya.

Main News