සියල්ල උඩුයටිකුරු කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ කියා ශ‍්‍රීලනිපය මධ්‍යම කාරක සභාව කැදවා තීන්දුවකට සූදානම්..

September 5, 2020 at 10:28 pm | lanka C news
සියල්ල උඩුයටිකුරු කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ කියා ශ‍්‍රීලනිපය මධ්‍යම කාරක සභාව කැදවා තීන්දුවකට සූදානම්..

පසුගිය මහ මැතිවරණයේදී ලැබුණු විශාල ජන වරම උපයෝගී කරගනිමින් සියල්ල උඩුයටිකුරු කිරීමට ආණ්ඩුව විසින් දරන උත්සාහයට එකඟ විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරන්නේ 19 වන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව නියෝජානයට පනවා තිබූ තහනම යෝජිත 20 වන සංශෝධනය මගින් ඉවත් කිරීමට තම විරෝධය පළ කරන බවයි.

ලොව ප්‍රබල රටවල් බොහොමයක ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත් වීමේ අවස්ථාව වළක්වා ඇතැයිද ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග ගැන පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.

49,478 views

23 Comments to “සියල්ල උඩුයටිකුරු කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ කියා ශ‍්‍රීලනිපය මධ්‍යම කාරක සභාව කැදවා තීන්දුවකට සූදානම්..”

  1. silva says:

    prasann Ranathunga ge kate masuran daanta watinawa.
    eyaa mulinma kiwwa neda slfp ekekutawath chande denta epaa kiyala.
    dan prasanage kathaawa hari kiyla kaatath watahenawa neda…

    slfp. narumayoi. pad sajiyage sirasa nathi kalliyai. javipaawoi. keeyatawath rata
    hadanta ida denne naha.

  2. මැරවින් says:

    මිනිස්සු කෙල ගහනවා අවස්තාවාදී පර සිරා මැරුනු දාට පෙට්ටියට වයිපර් හයිකරන්න වෙනවා

  3. බන්ඩා says:

    19 යෙ හොඳ කෑලි කිහිපයක් තියනවා. නමුත් සමස්තයක් හැටියට 19 ඉතා නරකය්.

  4. Nandasoma Suriyaarachchi says:

    No one can work to satisfy each and every party or person.
    People have given a clear majority to change the existing system,
    Others have to think individual ideologies can not be accomplished
    Think about the future of the country……!

  5. අප්පුහාමි says:

    චන්ද රැස්වීම වලදී ගෝඨාභය පැහැදිලිව කිව්වා 19 අහෝසි කරනවා කියලා ..එකට පක්ෂව මිනිස්සු 2/3 දීලා ඉවරයි…
    මිනිස්සු දීපු ජනවරමට කෙලින්න මුන් හදනවනම් ගහල පන්නන්න තියෙන්නේ .

  6. SIRIMAL says:

    Sira in great difficulty with East Bomb Attack Pres. Commistsion. His Immunity had been cut by 19A, even if SLFP vote for 20A, the 20A cannot be back dated to 2015.

    So, if both Ranil and Sira goes to jail, they are at the mercy of President Gotabaya.

    Dayasiri is Buffalo, no brain.

    Anyway both Ranil, Sira, Pujitha, Badurdeen, Hakeem and their clans must be punished by a court.

    Giving or not giving Presidential Pardon is a different issue. The punishment must match the CRIME.

  7. GAMINI SENANAYAKE says:

    Reason for this is not to receive ministerial portfolio & appointment of national list as they wants. If they received them or promise to receive them this objection will be vanish.

  8. ජන වරම දුන්නේ ද්විත පුරවැසියන්ට තනතුරු දෙන්නවත්, පවුල් බලය ශක්තිමත් කරන්නවත් නෙමේ… අපිත් ගෝටාබය රාජපක්ශ සර්ට තමා හැබයි අර හොද ගොඩක් කරල එක ජරාවක් තිබ්බබම ඔක්කොම ජරාවෙනව… මොකද එදත් ඔය හැම දේටම හරි කියල හුරේදාපු වන්දිබට්ටයෝ සෙට් එක තමා මුලින්ම මහින්ද මහත්තයාව අතහරියේ ඒක අමතක කරන්න එපා… බලය කියන්නේ සදාකලික නෑ ගන්න තීරණ අනුව ඇරියස්ත් එක්ක යන්නේ … 2015 හොදින් සිහියට අරන් නව වයවස්තාවක් ගේන්න බෙදුම්වාදින්ටයි , පවුල් වාදීන්ටයි උවමනා එපාකම් ඉටු නොකර…

  9. 77 UNP says:

    පොහොට්ටුව 20 ට පක්ශ වෙන්න තීරණය කලාම කන්ඩයම පර්ලිමේන්තුවේ චන්දෙ දෙන්න ඕනෑ 20 ට පක්ශව මිසක් ගොන් පියදාස කියන විදියට නොවේ . හැබැයි විරුද්ධව චන්දෙ දුන්නොත් මන්ත්‍රී කම නැතුව 2025 වෙනකං ඉන්න වෙනවා .

Main News