සියල්ල පරදා සටනින් ලන්සා ජයගනී… අමාත්‍යංශයේ ලේකම් ඉවතට…

February 18, 2022 at 12:02 am | lanka C news
සියල්ල පරදා සටනින් ලන්සා ජයගනී… අමාත්‍යංශයේ ලේකම් ඉවතට…

නිමල් ලන්සා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා වෙනත් ආයතනයකට මාරු කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ ඉහළ බලධාරීන් ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසා ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔහු වෙනත් රාජ්‍ය අමාත්‍යාංශයකට හෝ රජයේ වෙනත් ආයතනයක ඉහළ තනතුරකට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වාර්තා වේ.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා සමඟ ඇතිවූ බව කියන මත ගැටුමක් හේතුවෙන්, සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය ද අමාත්‍යාංශයෙන් ඉකුත්දා ඉවත් කර ගත්තේය.

එම පෞද්ගලික කාර්ය මණ්ඩලය ඊයේ දිනයේද අමාත්‍යංශය නොසිටි බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

– lankadeepa

100,718 views

13 Comments to “සියල්ල පරදා සටනින් ලන්සා ජයගනී… අමාත්‍යංශයේ ලේකම් ඉවතට…”

  1. Buddhist says:

    President who gave a speech to Senior Administrative officials to work without fear has acted in contradiction to it by transferring a Secretary just because the Minister cannot work with him. Maybe the Secretary did not want to agree to illegal acts requested by the minister.

  2. සුදු කපුටා says:

    ගොනුන් බූරුවන් ‍‍රජකරන රටේ උගතුන්ට තැනක් තියෙයි ද ???

Main News