සියල්ල රජය පාලනය කෙළාත් කිසිම දියුණුවක් නෑ.. – අගමැති

January 13, 2017 at 3:00 pm | lanka C news
සියල්ල රජය පාලනය කෙළාත් කිසිම දියුණුවක් නෑ.. – අගමැති

රජය සියල්ල පාලනය කළහොත් කිසිම දියුණුවක් සිදු වන්නේ නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේදී පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ වාහනයක වුවද ඇස්ලේටරය හා බ්‍රේක් දෙකම එකවර අල්ලාගෙන යා නොහැකි බවයි.

ගිය සතිය තුල මෙරට ආර්ථිකයේ විශාල වෙනසක් ඇති වූ බවද කී ඔහු ත්‍රිකුණාමලය වරායේ අයෝජනය කිරීමට ඉන්දියව හා ජපානය ගෙන ඒමට බලාපොරොත්තු වන බවද සදහන් කලේය.

විදේශීය ආයෝජකයින් ගෙන එන්නේ දේහීය ආයෝජකයින්ට සල්ලි නැති නිසා යයිද අගමැති රනිල් වැඩි දුරටත් සදහන් කලේය.

36 views
Main News