සියල්ල හෙලි වෙයි.. ඇලෝසියස්ගේ ලයිස්තුව පාර්ලිමේන්තුව..
June 4, 2018 at 5:30 pm | lanka C news
පර්පෙච්චුවල් ට්රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට දුරකතන ඇමතුම් දුන් පාර්ලිමේන් මැති ඇමතිවරුන්ගේ විස්තර සහිත ලේඛණය හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක කරු ජයසුරිය මහතා සදහන් කරයි.
බැදුම්කර වංචාව ගැන පරීක්ෂණ කල ජනාධිපති කොමිමේ වාර්තාව අනුව එම තොරතුරු හෙලි කරන බවද ඔහු පවසයි.
එම ලේඛණ තමනට ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කල බවත් නීතිපතිවරයාගේ උපදෙස් මත තමනට එය ලබා දෙනු ඇති බවත් කතානායකවරයා කියයි.
නමුත් එම වාර්තාව තුල ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් දේශපාලඥයන් හෝ ඔවුන් ලබා ගත් මුදල් ප්‍රමාණයන් සදහන්ව නැතැයිද පවසන කතානායක කරු ජයසුරිය ‘පාර්ලිමේන්තුවේ 118’ මුදල් ගත් කතාව අසත්‍ය බවත් වැඩිදුරටත් කියා සිටී.
This man is good for Ranil and Sirisena. Very good guy to cover the tracks.
කරු ලිස්සනවා නන්ඟී පෙන්නුවා දෙන්නේ ආච්චි. පෙන්නුවේ 118 දෙන්නේ කෝල් ලිස්ට් එක. හරිම ස්න්වේදියි.හරිම කපටියි. එක හන්ගන් දෙකෙන් කෙලිනවා කියන්නේ මේවට.
ක නා කොහොමද 118 ලැයිස්තුව එලියට දාන්නේ. එයාගේ නමත් ඒකෙ ඇතිනේ.
මේ වගේ නෝන්ජල්, පක්ෂක්ග්රාහී කැනහිලෙක් ලංකාවේ එතෙක් මෙතෙක් කල් ඉඳලනම් නැතිව ඇති.
නොදකින් නොදෝමකින්
ජනාධිපති ලේකම් කියනව වාර්තාව ලේඛණාරක්ෂ දෙපාර්තමේන්තුවේ කියල…..
ඒ මොකටද ඒ වාර්තාව එහෙ යැව්වෙ? පරිස්සමට අරන් තියන්නද?
එහෙන් කියනව අවුරුදු 30 ක් යනතුරු දෙන්න බැරිලු…..
එතකොට මොකටද තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවෙ….?
නීතිපති දෙපාර්තමේන්තුව කියනව සල්ලි ගත්ත අයට විරුද්ධව ලංකාවෙ නීතියෙන් පියවරක් ගන්න බැරිලු…..
එතකොට මහබැංකුව හොරා කෑමේ චෝදනාවට රිමාන්ඩ් එකේ ඉන්න අයගෙන් ගත්තෙ මහජනතාවගෙන් හොරා කෑව හොර සල්ලි නෙවෙයිද?
මොනවද මේ පිස්සු වැඩ…? ලංකාවෙ බලවත් හොරු අල්ලන්න, දඬුවම් කරන්න නීති නැද්ද?
හොරා ගත්ත දෙයක් දැන හෝ නොදැන ලබා ගෙන පරිහරණය කිරීම වරදක් වෙන්නෙ සාමාන්‍ය ජනතාවට විතරමද?
නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යය ලොකු හොරු ආරක්ෂා කිරීමට නීතිය වෙනස් කිරීමද???????
ජනාධිපති හිටපු ගමන් බනින්නෙ කාටද???? පොලිස්පති රටේ තත්වය ගැන බනින්නෙ කාටද????
ඡන්දය දුන්න ජනතාවටද?????????????????????
හෙලුව ගත් අපි දෑතින්ම වසා ගන්නම්
පක්ෂ අපි කොහොමත් බේරා ගන්නම්
දුන් මුදල රට ජාතිය කැපය කියන්නම්
අර්ජුන් සදහටම අපි නිදහස් කරන්නම්
ඕන් එහෙනං හීන් බබා සීයත් යමක් කමක් කොර ගත්ත කියල තමයි අපිට නම් හිතෙන්නෙ.සෙංකෝලෙ ඇලෝසියස්ටම දීල ගෙදර ගෙහුන් පිනක් දහමක් කොර ගන්න හීන් බබා සීයෙ,,,
හොරාගේ අම්මගෙන් පේන ඇසීමේ ප්‍රථිපල නිකුත්වී තිබේ.
වැරදි වසන් කරන අයගෙන් ම වැරැද්දක් ගැන ඇහුවා වගෙයි.