සියලුම බැංකු ජාල සහ ATM කාඩ්පත් හැක් වීමක්..?

February 6, 2019 at 12:02 am | lanka C news
සියලුම බැංකු ජාල සහ ATM කාඩ්පත් හැක් වීමක්..?

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සියලුම බැංකු ජාල සහ ATM කාඩ්පත් හැක් වීමක්?

මේ දිනවල වට්සැප් යෙදුම හරහා “සියලුම බැංකු ජාල හැක් ප්‍රහාරයකට ලක්ව ඇතැයි නමින්” සංසරණය වන පණිවිඩයක් දැකගැනීමට ඇති අතර මෙම පණිවිඩය මගින් ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකා බැකු ජාල පද්ධතිය හැක් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් මේ නිසා ඔබගේ ATM කාඩ් පතේ තොරතුරුද හැකර්වරුන්ගේ සන්තකයේ තිබීමට හැකියාවක් ඇති නිසා බැංකු ගිණුම් තිබෙනා සියලු දෙනා බැංකු ශේෂයන් පිරික්සා ATM කාඩ් පත් අක්‍රිය කරනා ලෙසයි. තවද මේ හේතුවෙන් ලංකාවේ ප්‍රධාන බැංකු ආයතන දෙකක්ම ATM මගින් ගනුදෙනු සිදුකිරීම නවතා ඇතැයිද දැක්වේ.

මෙම පණිවිඩයේ මුලාශ්‍රය ලෙස ප්‍රසිද්ධ විද්‍යුත් නාලිකාවක නමක්ද සදහන්වීම මෙම පුවත සත්‍යයක් යැයි ඒත්තු ගැන්වීමට යොදාගෙන ඇති බව දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ බැකු ජාල පද්ධතිය එලෙස හැක් වීමකට ලක්වී නොමැති බවත් මෙවැනි අසත්‍ය පුවත් ඔබට ලැබුනහොත් එය අන් අය සමග හුවමාරු කිරීමට යාමෙන් වළකින ලෙසත් අප ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස ඉල්ලා සිටිමු.

තවද මේ දිනවල මෙරටට පැමිණි විදේශිකයන් පිරිසක් හා සංවිධානාත්මක පිරිසක් විසින් ATM යන්ත්‍ර හරහා සිදුකරන මුදල් ජාවාරමක් හෙළිවී ඇති අතර ඔවුන් විසින් ATM යන්ත්‍ර ආශ්‍රිතව යම් උපකරණ සවි කර ඒවා මගින් ලබාගන්නා ගනුදෙනුකරුවන්ගේ විස්තර රැස් කර ඒ දත්ත උපයෝගී කරගනිමින් ව්‍යාජ ATM කාඩ්පත් නිපදවා මෙම ජාවාරම සිදුකරනු ඇතැයි වාර්තා වේ.

මේ නිසා ATM යන්ත්‍ර මගින් ගනුදෙනු කිරීමේදී ඉතාමත් පරික්ෂාකාරී ලෙස ගනුදෙනු කරන ලෙස ගනුදෙනු කරුවන්ගෙන් ඉල්ලා සිටින අතර බැංකු ජාල පද්ධතිය කිසිදු විටෙකත් හැක්විමක් සිදුනොවී ඇතිබවත් ඒ පිලිබදව අනිසි බියක් ජනයා ඇතිකරගතයුතු නැති බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස වගකීමෙන් අවධාරණය කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

197 views

5 Comments to “සියලුම බැංකු ජාල සහ ATM කාඩ්පත් හැක් වීමක්..?”

  1. නයිජීරියන්ලා says:

    මහ බැංකු මංකොල්ලයක් කරපු එක
    මොන කජ්ජක්ද මේ හැක් කරන එක
    නයිජීරියන්ලා රට වට ගැවසෙන එක
    තේරුනද වීසා මුන්ට එන්ට දෙන එක

    • sthmal says:

      පේ හියර් තුලිනුත් ඔබගේ ගිණුම හැක්වීමට වැඩි ඉඩක් ඇත.

  2. how it happens!! says:

    A radio frequency identification reader (RFID reader) is a device used to gather information from an RFID tag, which is used to track individual Data. Radio waves are used to transfer data from the tag to a reader.
    This is called electronic pick-pocketing or called RFID skimming. ..
    RFID is a technology similar in theory to bar codes that appears on a cola bottle when cashier scans at the till when you want to buy .
    In fact, this is how it happens …when a card used at a merchant or at a retailer or at a ATM machine with normal readers, Radio Frequency Identity cards must be within a few centimetres to get the Data transferred . … Most RFID credit cards will only readily transmit the credit card number and expiration date if read by a wireless RFID reader.

  3. desta says:

    oya hack wedak neha sampath bank talahena branch maneger dan arresst hoda gemak gahala mahajana salli Kotoe ganakata ewa madia walin wahala tiyenne parissamen

  4. wiraj says:

    I have my Account with Bank having trust of Nation and Last Saturday i try to do ATM Withdrawal and Transaction was rejected , So i went to Branch [They open on Saturday ] ask the reson for reject withdrawal , Customer Support Agent told me They have detected an event of Haking on there System and Temporally Stop the ATM and ask me to withdraw Over the Counter

    So I don’t think this is wrong Information , anyway Better to Check Your Account Balance

Main News