සියලු ගොවි ණය කපා හැරේ..

December 9, 2019 at 12:40 pm | lanka C news
සියලු ගොවි ණය කපා හැරේ..

රටපුරා සිටින ගොවි ජනතාව විසින් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ගොවි ණය කපා හැරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම්දී තිබේ.

ඒ අනුව සතියක කාලයක් ඇතුළත ඒ ගැන වාර්තාවක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශ විසින් කටයුතු කරමින් සිටියි.

මෙහිදී පුද්ගලික බැංකුවලින් ලබාගෙන ඇති කෘෂිකාර්මික ණය කපා හැරීමට නීතිමය නීතිමය බාධාවන් ඇති නිසා මුල් වටයේදී රාජ්‍ය බැංකුවල ණය කපා හැරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා වසරක පමණ කාලයක් ගත වනු ඇති බවද අමාත්‍යංශය කියා සිටී.

56,090 Viewers

5 Comments to “සියලු ගොවි ණය කපා හැරේ..”

  1. නිරීක්ෂකයා says:

    ගොවිතැන නගා හිටවන්න නම් ප්‍රධාන වශයෙන් කළ යුත්තේ වැව් සියල්ල යළි ප්‍රතිසංස්කරණය කිරීමයි. එදා රජ දවස මහා රජවරු සිදුකළ ප්‍රධාන සංවර්ධන කාර්‍ය වැව් සාදා ගොවිතැනින් රට ස්වයංපෝශණය කිරීමයි.

  2. sam De says:

    Owwa Chanda Wiyadam Bawa Therenne Mata Witharada ?????

  3. ගල්මංගොඩ says:

    ගොවිතැන රජයේ රැකියාවක් බවට පත් කරල ණය වෙනුවට වැටුපක් දුන්න නම් විශ්රාම දීමනා ද සහිතව මීට වඩා වැඩක් වෙයි නේ ද.

  4. N.Wimaladasa says:

    We are pregnant with an Economic revolution in rural poor has been ignored by last 71 years all ruling parties. This needed redressed and undertaken of an urgent attention by GR+MR alliance that govt led by SLPP of most progressive forces in Sri Lanka .
    Well 2019 November 16th that mandate has reflected that Rural of vast masses interest of all majority people of Island . Aspiration of majority people had been suppressed by colonial rulers over hundreds years.Even after 1948 Indpenade there was not fair treatment for rureal poor by last several decades

Main News