සියවසේ ලොකුම විහිළුව.. ‘ගෝටා ජනපති-සජිත් අගමැති’…

January 20, 2020 at 4:40 pm | lanka C news
සියවසේ ලොකුම විහිළුව.. ‘ගෝටා ජනපති-සජිත් අගමැති’…

“ගෝඨා ජනපති – සජිත් අගමැති” කතාවෙන් ම එක්සත් ජාතික පක්ෂයේ බංකොළොත්භාවය රටට හෙළිවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම සටන් පාඨය සියවසේ ලොකුම විහිලුව බවයි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ වසා ගැනීම සදහා එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් රටට විහිළු සපයමින් සිටින බව ද ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

උඩුගම්පල සිය නිවසේ දී අද (20) මාධ්‍ය අමතමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය. මෙහි දි වැඩි දුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේ ද කීවේය.

” රංජන් රාමනායක – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  හඩපට හරහා රටට හෙළිවෙන්නේ පසුගිය ආණ්ඩුවේ නිර්ලජ්ජිතභාවයයි. රන්ජන් මේ විනිසුරුවරුන්ට බලපෑම් කළේ තමන්ම හිතලා කියලා අපි පිළිගන්නේ නෑ. මේක රන්ජන්ට යහපාලන ආණ්ඩුව පවරපු වගකීමක් බවයි පේන්නේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වගේම මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් මේකට වගකිව යුතුයි.

මේ හඩපටවලින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීවරියන්ගේ කෙරුවාවල් රටම දැනගත්තා. සදාචාරය ගැන මහ ලොකුවට කථා කරන හිරුණිකා මන්ත්‍රීතුමියගේ සදාචාරයත් මුලු රටම දැක්කා. අද ගමේ එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්නේ පක්ෂය ගැන කලකිරිලා. ඔවුන් දැන් අප සමග එකතුවෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම්වරයා කියලා තිබුණා සන්ධානයේ ලකුණ පොහොට්ටුව වුණොත් අපේ පක්ෂයට පොහොට්ටුව ලකුණ අහිමි වෙයි කියලා. සන්ධානයේ ලකුණ පොහොට්ටුව වුණත් අපේ පක්ෂය හෝ පක්ෂ ලකුණ අපට අහිමි වෙන්නේ නෑ. අපි ඒකට ඉඩ තියන්නෙත් නෑ. දැන් ශ්‍රිලනිපය සමග නෙමෙයි පංච මහා බලවේගය ඉන්නේ. පංච මහා  බලවේගය ඉන්නේ  පොහොට්ටුව සමග. කවුරු මොන දේ කිවුවත් කොහොම නතර කරන්න හැදුවත් අපි ඊළග මැතිවරණයේ දී තරග කරන්නේ පොහොට්ටුවෙන්. ඒක තීරණය වෙලා ඉවරයි.

අපි දැන් මැතිවරණයට ලෑස්තියි. අපි මේ වෙනකොටත් ගම් මට්ටමින් ඒ සදහා අවශ්‍ය මුලික කටයුතු කරමින් ඉන්නවා. අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන්ද සහාය ඇතිව අපි පොහොට්ටුවෙන් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවනවා.

දැන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු ලැජ්ජා නැතිව කියාගෙන යනවා ගෝඨා ජනපති සජිත් අගමැති කියලා. මේක තමයි මම දැකපු සියවසේ ලොකුම විහිලුව. සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් ආපහු ජනතාවට විහිලු කරන්න පටන් අරන්. මේ රට විහිලුවලට ජනතාව රැවටෙන්නේ නෑ. රවට්ටන්නත් බෑ. ඊලග මහා මැතිවරණයෙන් මේ රටේ අගමැති වෙන්නේ මහින්ද මහත්තයා පමණයි. ඒක වලක්වන්න කිසිවෙකුට බෑ.

– ප්‍රදීප් අනුර කුමාර

16,305 Viewers

25 Comments to “සියවසේ ලොකුම විහිළුව.. ‘ගෝටා ජනපති-සජිත් අගමැති’…”

  1. ගන්ජ බන්ඩා says:

    පෑඩ් නොමිලේ දෙන සජියගෙ කතාවට ⁣ගෝඨා වලියක් ඇද්දොත් සජත්ගෙ යූඑන්පී ආණ්ඩුව කොට උඩ. 😄🤣🙃

    • සිංහල බණ්ඩා says:

      ඇයි නොමිලෙ දෙනවට වලි අදින්නෙ ගෝටා සර් පෑඩ් මුදලාලි කෙනෙක්ද?

      • Bitter Truth says:

        නොමිලේ හම්බෙනකන් බලාගෙන ඉන්න නිකම්මු ඉන්නෙ ගූ ඇන් පී එකේ.

        පොහොට්ටුවෙ ඉන්නෙ උත්සාහවන්ත දේශයේ දරුවෝ.

  2. malraj says:

    ethin apata moko….

    • ගෝමස් says:

      මාර්තු වලින් පස්සේ….
      “ගෝටා ජනපති – මහින්ද අගමැති – සජිත් විපස්ස නායක” යන මැයෙන් අලුත් සටනක් අරඹමු.

  3. ගන්ජ බන්ඩා says:

    පෑඩ් නොමිලේ දෙන සජියගෙ ‘පනතට’ ⁣ගෝඨා වලියක් ඇද්දොත් සජත්ගෙ යූඑන්පී ආණ්ඩුව කොට උඩ. 😄🤣🙃

  4. Rata Wenuwen says:

    පෑඩ් සජියා හිරුනිකා සමග හෙලුවෙන්.,, ලැජ්ජාවට විකාර කියවනවා

  5. 77 UNP says:

    “රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වගේම මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් මේකට වගකිව යුතුයි.” කියන ප්‍රකාශය සම්පුර්ණ සත්‍යයක්. එක කාලයක් රන්ජන් අරලියගහ මැදුරේ වගේම සිරිසේනගේ මැදුරෙත් කුඩැල්ල වගේ එල්ලිලා හිටියා මතකනේ.

  6. merata eka says:

    lokuma wihiluwa thama Sirisena kiyanawa eyage thathwetama Nanadasenath watilalu

  7. Alapaluwa says:

    ඇත්තටම මේකනම් ලොකුම විහිළුවක් තමයි නමුත් තිත්ත ඇත්තනම් මහින්ද මාමාත් දැන් retirement එක අරගෙන ගෙදරට වෙලා දරුවන්ගේ දරුවන් කරණ දඟ වැඩ බලා සතුවෙන කාලය නොවේද?

    • sampath says:

      ඔය කතාවෙ ඇත්තක් නැත්තෙත් නෑ. ඒත් මේ රටේ මිනිස්සු කී ලක්ශයක් ඔහුට කැමතිද? එහෙම මිනිසුන්ගෙ ආදරය දිනාගත් නායකයෙක් ලංකාවෙ බිහි වුනේම නෑ. මහින්ද කියන්නෙ පුද්ගලයෙක් නෙවෙයි ප්‍රපංචයක්. ඒ නිසා අසීරුවෙන් වුවත් ඔහු ටික කලක් ඉඳීවි. අලුත්ම පක්ශයක් පිහිටුවාගන බලය ඇල්ලීම සම කළ හැක්කේ 56 පෙරළියට පමණයි. ගෝටාභය තවමත් පිටස්තරයෙක්. ඒකම තමා ඔහුගේ වාසිය. ඒ වාසිය ලබන්න නම්. ඔහුට පස්සෙන් මහින්ද ඉන්නම ඕන.

      • Alapaluwa says:

        සම්පත් ඔබගේ කථාවේ කිසිම වැරද්දක් නැ මමත් එකගයි නමුත් මෙතන තවත් අනික් පැත්තකුත් තිබෙනවා අපිට සීරුවෙන් බැලීමට එනම් මහින්ද වටා සිටින අය ගැන නම් කිසිම චරිත සහතිකයක් තියාගැනීමට අසීරුයි මොකද මගේ මතකය හරිනම් එවකට ඔය ප්‍රසන්න එයාගේ කස්ටිය තමයි airport Taxi බහුතරයක් යොදවලා තිබුනේ ඇත්තටම එවුන් මැරයෝ තමයි අනික ප්‍රසන්න මහින්දගේ අතීසාර මිත්‍රයා ඒවගේම තමයි තවත් අය සිටිනවා ඔවුට අමතක කිරීමට බැරි නමුත් මිත්‍රයන් කියා අවබෝදයෙන් තොර කෙනේකු එම රාජකාරියට පත්කරයිද එතනම වැරද්ද වි හමාරයි.නේද සම්පත් ම්හත්මයෝ.සුළු උදාහරනයක් ගතහොත් රනින් සැදුවයි කියා පිහියකින් ඇනගතහොත් මක්වෙවිද? අන්න එයමයි සමහර විට අමාරුවෙන් හෝ හොඳ දෙයක්විනම් ඒ දෙය අපිට අමතක කිරීමට සිදුවනවා අමාරුවෙන්හෝ හොඳ දෙයක් වෙනුවෙන්නම්!!

  8. සිංහල බණ්ඩා says:

    ලොකුම විහිළුවක් තමා ඒ දෙන්නම දැන් විහිළුවක් වෙලා. 😀

  9. ජගත් වික්‍රමාරච්චි පැරිස් says:

    ගෝටභය මහත්තය මෙයාව සංචාරක සහ ගුවන් තොටුපල ඇමති කියල පත් කරලා කෙරුවේ විශාල වැරද්දක් …මහින්දත් ඒ කාලේ මෙයාව ඔය තනතුරටම දාල තිබුන .ඒ කාලේ එයාර්පෝර්ට් එකේ ටැක්සි දිව්වේ මෙයාගේ මැරයෝ ..සංචාරකයෝ බලා ඉන්නද්දී අහිංසක ටුවරිස්ට් රියැදුරන්ට ගැහුවා පගාව ගත්තා .අන්න ඒ දේවල් ආයේම වෙන්න පටන් අරන් මේ දවස් වල ෂෙයාර් වෙනවා වීඩියෝ එකක් අහිංසක මිනිහෙකුට එහෙම ගහන්න පනින අපතයෝ දෙතුන් දෙනෙක් .ඒ වෙලාවේ වාහනේ ඇතුලේ සන්චාරකයොත් ඉන්නවා ..ලැජ්ජයි ..!! කරුණාකර මේ වගේ එවුන්ව යේ ඇමතිකම් වලට දාන්න එපා ..මුන්ට නඩුත් තියෙනවා උසාවි වල ..හරිම අපරාධයක් මේ වගේ හොරු ,මිනීමරුවෝ ,තගාල , කුඩු මුදලාලිලා ,එතනෝල් කාරයන්ට ඇමතිකම් දෙන එක …!!! මේවා ගැන හොයා බලන්න ..!!!

    • samantha says:

      ඔයා කියන එක ඇත්ත වුනත්. පක්ශයෙන් පිට පනින්නැතුව දිගටම හිටපු අයට නිලතල දෙන්නැතුව කොහොමද? ඒ අවක්‍රියා නවත්තන එක ජනපති/ අගමැතිගෙ වැඩක්. ඒත් ප්‍රසන්න කවදාවත් යහපාලනයට මුක්කු ගැහුවෙ නෑ. වාසි බලාගෙන පනින්න අවස්ථාව තිබ්බනෙ.

      • Asela says:

        Samantha. Rate janathawata wadak nahane prasanna hari onema thakkadiyek yahapalaneta barinam, Pohottuwata mukku gahuwath nogahuwath…!!! Keruwe karanne jada kam balukam nam mokaata unath rate Amathikam denna honda naha …!!! Nikam gotu allanna epaa ..!!! Apita pakshawal . Patawal nevi wadagath apita onee honda ratak…!!! Eka mathaka thiyaa ganna

      • රසික සූරියාරච්චි says:

        පසන්න කවදාවත් යහපාලනයට මුක්කු ගැහුවෙ නෑ. නමුත් මොකක්ද අර පහුගිය කාලේ ගිය හඬ පටය. කාටද හාදයෙක්ට කුණුහරුපෙන් බනින්නේ ඉඩමක කේස් එකකට පගාව දුන්නේ නෑ කියල.
        මේ ඒ පසන්නමද

  10. නිමල් says:

    Lokuma wihiluwa oka newei minister ..anna ara panikkiya(wirawansaya) tamil name bord ekak open karanawa..mathakada oka stage eke passa peththe asuchi yanakam berihan dunna palali ✈ eka gena…anna siyawasse wihilu

    • Bitter Truth says:

      ඊට වඩා ලොකූ විහිළු තියෙන හඬ පට ලක්ශ ගානක් ලීක් වෙලා හිටං. හප්පේ… ඒවයේ තියෙන විහලු 🤣🤣🤣

  11. nuwaraone says:

    බුද්ධිමත් ලෙස කල්පනා කලොත් ගෝටා ජනාධිපතිතුමා කියන දෙයක් අහන අගමැති කෙනෙක් තමයි පත් වෙන්න ඕනි…මහින්ද මහත්තයා උනත් උපඋපදේශකයකු ලෙස ඉන්න එක වැදගත් …ජනාධිපතිතුමා ට පූර්ණ සහයෝගය දෙන උගත් වියතෙක් අගමැති වෙනවානම් ජාතියේ වාසනාව …

    • රසික සූරියාරච්චි says:

      හරියට හරි, නිකං ගම්මන්පිල මහත්තය වගේ කෙනෙක් නේද. එල!

  12. පියරතන says:

    ගෝටා ජනපති සජිත් අගමැති රටට නම් යහපතකි.

    • Bitter Truth says:

      ගෝටා ජනපති සජිත් අකමැති නේ… ඕකනේ ප්‍රශ්නේ.