සියවසේ හොරු හෙට එලිවෙයි.. එජාපය සංශෝධ සලකුණු කර කෝප් වාර්තාව හෙට සභාගත කෙරේ..

October 27, 2016 at 4:05 am | lanka C news
සියවසේ හොරු හෙට එලිවෙයි.. එජාපය සංශෝධ සලකුණු කර කෝප් වාර්තාව හෙට සභාගත කෙරේ..

මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් වූ කෝප් වාර්තාව හෙට දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ඊයේ පස්වරුවේ රැස්වූ එම කමිටු සාමාජිකයින් විසින් එකගතාවට පැමිණ තිබේ.

ඒ අනුව සඵාපතිවරයා විසින් සකසන ලද වාර්තාවම ඉදිරිපත් කෙරෙන අතර එහි එජාප සාමාජිකයින් එකග නොවෙන වගන්ති සලකුණු කිරීමට ඊයේ දිනයේ තීරණය කර ඇත.

ඉදිරියේදී අධිකරණ ක‍්‍රියාමාර්ග ගතහොත් තීරණාත්මක වන කරුණු කිහිපයක් ඉවත් කිරීමට එජාප නියෝජිතයින් විසින් දරන ලද උත්සාහය සාර්ථක වී නැත.

69 views
Main News