සියළුම අමාත්‍යංශ සදහා ලේකම්වරුන් පත් කෙරේ.. සම්පුර්ණ ලයිස්තුව මෙන්න..

November 27, 2019 at 10:21 pm | lanka C news
සියළුම අමාත්‍යංශ සදහා ලේකම්වරුන් පත් කෙරේ.. සම්පුර්ණ ලයිස්තුව මෙන්න..

නව අමාත්‍යාංශ 20ක් සදහා පත් කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

එම නාම ලේඛනය පහත පරිදි වේ.

  1. එස්.එම්. මොහොමඞ් මහත්මිය – සංචාරක සහ ගුවන් සේවා
  2. ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා – මාර්ග සහ මහාමාර්ග
  3. ජේ.ජේ. රත්නසිරි මහතා – අධිකරණ, මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ
  4. රවින්ද්‍ර හේවාවිතාරණ මහතා – වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම
  5. ජේ.ඒ. රංජිත් මහතා – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ
  6. ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන
  7. එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා – මගී ප‍්‍රවාහන කළමනාකරණ
  8. ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
  9. වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල හා බලශක්ති
  10. එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – වරාය හා නාවික කටයුතු
  11. එස්.හෙට්ටිආරච්චි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
  12. ආර්.පී. ආර්යසිංහ මහතා – විදේශ සබදතා
  13. ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ
  14. ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය – පරිසර හා වනජීවි සම්පත්
  15. ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන
  16. එම්.පී.ඞී.යු.කේ. මාපා පතිරණ මහතා – කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන
  17. ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර හා ජලජ සම්පත්
  18. පී.එස්.එම්. චාල්ස් මහත්මිය – සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා
  19. එන්.බී. මොන්ටි රණතුංග මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන
  20. ආචාර්ය පි‍්‍රයත් බන්දු වික‍්‍රම මහතා – නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

226 views

8 Comments to “සියළුම අමාත්‍යංශ සදහා ලේකම්වරුන් පත් කෙරේ.. සම්පුර්ණ ලයිස්තුව මෙන්න..”

  1. බුදු අම්මේ ඇති යන්තන් පාදෙනිය ලොක්ක සෞඛ්‍ය අමාත්‍යංශෙ ලේකම් කරන්න යනව කියල ගිය දූෂමාන ආරංචිය බොරු උනා.

    ගෝඨට ජය වේවා.. ලක්මෑනි දිනේවා…

    • මීක් says:

      මේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ. පව් ඔයාලා.

      • sw says:

        gunp ගොබ්බයන්ටනම් පාස්කරලිංගම්ලා තමයි දක්ෂයෝ .

      • නයා says:

        ඇමති ලේකම්ලා නෙවෙයි
        මේ අමාත්‍යාංශ ලේකම්ලා

  2. Desha bandu says:

    Chula Nanda perera is corrupted person since his 1st job from the university and helped many LTTE to flea the country for money at the Passport office. Please check his history. But a good talker

  3. sathya says:

    Efficient and knowledgeable people. Jaya weva

Main News