සියළුම අවමංගල්‍ය පැය 24න් අවසන් කරන්න දැනුම් දේ..

February 16, 2021 at 12:40 pm | lanka C news
සියළුම අවමංගල්‍ය පැය 24න් අවසන් කරන්න දැනුම් දේ..

මෙරට සියලුම අවමංගල්‍ය කටයුතු පැය විසි හතරක් ඇතුළත සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

නව තීරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

එමෙන්ම අවමංගල කටයුතු සඳහා සහභාගි වන පිරිස දැඩි ලෙස සීමා කිරීමට උපදෙස් ලබා දීමට කටයුතු කර ඇතැයිද ඔහු පැවසීය.

විවාහ මංගල උත්සව සඳහා උපරිම පිරිස 50 ක් දක්වා අඩු කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

අද සහ හෙට දින ඇතුළත මේවා නිල වශයෙන් දැනුම් දෙනු ඇතැයි ද ඔහු පැවසීය.

45,554 views

11 Comments to “සියළුම අවමංගල්‍ය පැය 24න් අවසන් කරන්න දැනුම් දේ..”

  1. Anuradha says:

    කොරෝනා වියසනයක් තිබුණත් නැතත් මේ තීරණයනම් පංකාදුයි මොකද මැරුණු ශරීරයක් දවස් ගණනක් තබා ගැනීම ස්වූක්‍ය මතින් බැලුවත් ඇත්තටම පරිසර දුෂණයක්,විෂබීජ රැසක් රැස්කිරීමයි. පැය 24 නියමයි මෙන්න මේ දේය පමණයි මුසිලිමාවරුන්ගේ අපි අගයන නියම ක්‍රමය අනිත් ඒවා නැතිව.

  2. පුත්තලම් පුට්ටු බුරුවා says:

    තොණ්ඩමන් වගේ ප්‍රභූ වරයෙක් මැරුණත් මෙම නීතියම ක්‍රියාත්මක වේවිද? එක රටක් එක නීතියක්

  3. භූමදානය විතරයි අඩු says:

    භූමදානය විතරයි අඩු රට මුස්ලිම් වෙන්න ඈ..

    • 😂මල්වඩම්-අනවශ්‍යයි😂 says:

      පැයෙන්ම අවමංගල්‍යය සිදුකරලා…
      පැය 24 න් යූ-ටියුබ් එකේ කරපු විදිය දාන්න බැරිද..?
      හේතුව…
      මළ ගෙදරක නොබීපු එකෙක්ට ඉන්නේ නිසොල්මන්ව පෙට්ටියේ ඉන්න මළමිණිය විතරයිනෙ!

  4. අජිත් says:

    සිංහල බෞද්ධ ආණ්ඩුව කියලා හිතපූ අයට දැන් පස් කන්න වෙන්නේ. භුමදානය මදිවට දැන් මෙරට සියලුම අවමංගල්‍ය කටයුතු පැය විසි හතරක් ඇතුළත සිදු කරනවා කියන්නේ අපි මූස්ලිම් ආණ්ඩුවක්නෙ හදලා තියෙන්නේ. අලි සබ්රි ජනාධිපති වූනා එහෙනම්.

  5. saman says:

    THONDA MAN

  6. Felix says:

    Ethakota Wije Mu? Died on 14th …. Cremation ??? One Law.. One Country… Anyway Rest in peace!

  7. sujith says:

    First ,release the body within 24 hrs from the hospitals.

  8. කොන් ඩොකා says:

    විශිෂ්ට තීන්දුවක්
    අදට පමණක් නොවේ ඉදිරියටත්.
    දුරාචාරය, බේබදු කම, සූදුව තෝතැන්නක් වූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහලයාට ‘අව -මංගල්‍යයක්’ වූ මෙ මලඉලව්ව දැන්වත් නවතා දමමු.

  9. චමින්ද අයියා says:

    Good decision.

  10. MD says:

    රජයට බලවත් ප්‍රසාදය පල කරන අතර මත්ලෝලීන්ට බුරුව ගභන අයට බලවත් කනගාටුව පල කරමි.ගෝඨාභය රාජපක්ෂට ජයවේවා!

Main News