සියළුම ආයතනවල වියදම් තව දුරටත් කපා හරී.. ඉන්ධන දීමනාත් කපයි..

January 11, 2022 at 6:10 am | lanka C news
සියළුම ආයතනවල වියදම් තව දුරටත් කපා හරී.. ඉන්ධන දීමනාත් කපයි..

රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී කැබිනට් සංදේශයක් මඟින් මෙම දැනුම්දීම කර ඇත.

ඒ අනුව නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන, දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ.

ඇතැම් රාජ්‍ය ව්‍යාපාර රජයෙන් යැපීම නතර කළ යුතු බවට ද මුදල් ඇමතිවරයා යෝජනා කර ඇත.

අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට දැනටමත් කටයුතු කර තිබේ.

37,173 views

6 Comments to “සියළුම ආයතනවල වියදම් තව දුරටත් කපා හරී.. ඉන්ධන දීමනාත් කපයි..”

  1. LalithM says:

    මේව කරන්න මොල හත ඕන නෑ.මෝඩ අපටත් තේරෙනව. මොල හත ආවාම විශ්වකර්ම වැඩ වෙයි කියල ඩොලර් ගලයි කියල හිතුවේ. බලපුවාම එයත් ෆේල්….. මේ හොයන්නේ යාලුවන්ට උදව් කරල නැතිවුන බදු. රුපියල්….. ඩොලර් නොවේ..

  2. රජයෙ සේවකයන් says:

    හරිනම් රජයෙ සේවකයන් ට රුපියල් 20000 කින් පඩි වෙඩි කරල දෙන්න ඕනේ පුද්ගලික අන්සයෙ සේවකයන් වගේ නෙමේ පුදුම කෙපවීමකින් වෙඩ කරන්නෙ කොරොනා අවුරුදු 2කේම කන්නෙ බොන්නෙ නෙතුව දවස් 365ම දිවා රාත්‍රි වෙඩ කරල රටට සෞභාග්‍යය ගෙනාපු රජයෙ සේවකයන් ට ජය ජය

  3. පබිලිස් says:

    දෙන් ඉතින් රජයෙ සේවකයන් අල්ලස් ගන්න ගාන වෙඩි කරයි ඒකත් ඉතින් මහජනතාව ට බරක්

  4. බයියා says:

    ඒක වෙන්නැති මොල හතා නව රජයේ පත්වීමි 60000 ට nsbm වැනි මුදල් ගෙවා උපාධි ලබාගන්නා පෞද්ගලික උපාධිධාරීන්ටත් ( ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල දැනටමත් සේවය කරන). සුදුසුකම් නොමැති ව තම දේශපාලන ගොට්ටන් ට ලබා දුන්නේ. අවසානයේ ඒ පින්පඩිකාරයන් ගෙ පඩි ගෙවීමත් රජයේ රැකියා නොකරන ජනයාට බදුබර ලෙස ලබා දුන්නේ. මේවාට උත්තර 2015දි මෙන් ඉදිරි මැතිවරණ දි රාජපක්ෂ පාලකයන්ට රටේ ජනතාව ලබාදීමට මග බලා සිටී.

  5. කමල් says:

    ඉන්ධන දීමනාව මැනේජ් කරගන්නවා, ළමයි ඉස්කෝලේ යවනවා රජයේ තෙල් වලින්, දුප්පතා ත්‍රීවීල් වලට සේසතම පුජා කරන්නේ රජයෙන් ලොක්කන්ට තෙල් දෙන නිසා දුක නොතේරෙන නිසා, හැමෝම එකම බස් එකේ යැව්වා නම් ප්‍රවාහනය දියුණු කරන්න හිතාවි. අනිත් අංශත් එහෙමයි වයසට ගිය ජ්‍යෙෂ්ඨතාවයෙන් ඉහලට ආවත විෂය දැනුම නැහැ. සොබ්බේ සහ ඇමැතිලා ඇන්දවීම පමණයි. රජයේ ඉහල නිලධාරීන්ගේ ප්‍රොජෙක්ට් වලින් ප්‍රවේශම් වන්න. සැබෑ නිලධාරීන් හදුනා ගන්න. රට දියුණු වේවි.

  6. Man says:

    එක හොඳයි

Main News