සියළුම පොහොට්ටු පාක්‍ෂිකයක් නුදුරේදීම මෛත‍්‍රී ලගට එනවා…ශ‍්‍රීලනිපය හැදීමට විශාලම බාධාව මහින්දයි.. මාගේ දේශපාලන ගමන්මග ගැන අබිමානයි..

August 2, 2018 at 12:00 pm | lanka C news
සියළුම පොහොට්ටු පාක්‍ෂිකයක් නුදුරේදීම මෛත‍්‍රී ලගට එනවා…ශ‍්‍රීලනිපය හැදීමට විශාලම බාධාව මහින්දයි.. මාගේ දේශපාලන ගමන්මග ගැන අබිමානයි..

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභි පවුල් වල පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා දිමේ උත්සවයක් අගුණුකොළපැලැස්සේදි පැවැත්විනි.

එම උත්සව සබාව අමතමින් ඇමැතිවරයා පැවසුවෙ තමා මෙතෙක් පැමිනි දේශපාලන ගමන්මග දෙස ආපසු හැරි බලන විට නිහඩ අබිමානයක් ඇති වන බවයි.

වර්තමාන දේශපාලන ත්ත්වය පිලිබද අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසුවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගම් මට්ටමින් ශක්තිමත් කිරිමට ඇති විලතම බාධාව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බවයි.

පක්ෂ නායකත්වය පසෙකලා පුද්ගල වන්දනාවේ යන පිරිසක් පමනක් පොහොට්ටුව සමග සිටින බැවින් පොහොට්ටුවට දේශපාලන අනාගතයක් නොමැති බවත් එබැවින් පොහොට්ටුව සමග සිටින පාක්ෂිකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙ සෙවනට නුදුරේදීම පැමිණීස නිසැකවම සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය.

– මහින්ද ජයසිංහ

99 views
Main News