සියළුම බෝගවර්ග සදහා කාබනික පොහොර ආනයනයට අවසර දෙයි.. අද සිට ක‍්‍රියාත්මකයි…

September 16, 2021 at 9:10 pm | lanka C news
සියළුම බෝගවර්ග සදහා කාබනික පොහොර ආනයනයට අවසර දෙයි.. අද සිට ක‍්‍රියාත්මකයි…

මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02 ට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මේ අතර ඔක්තෝබර් මාසය වනවිට සියළුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳපොලෙන් පොහොර මිලදී ගත හැකිවන පරදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදීමට ද පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා කීවේය.

ලංකාවේ ප්‍රථම වතාවට කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙරටේ නිෂ්පාදනය කෙරෙමින් පවතින අතර කාබනික නයිට්‍රජන් හා පොටෑසියම් අවශ්‍ය තරම් ආනයනය කර ඇති බවද හෙක්ටයාර් 01 කට නයිට්‍රජන් කි.ග්‍රෑ. 300 ක් හා පොටෑසියම් කි.ග්‍රෑ. 45 ක් බැගින් ගොවියාට නොමිලේ ලබාදීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා කීවේය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

38,956 views

10 Comments to “සියළුම බෝගවර්ග සදහා කාබනික පොහොර ආනයනයට අවසර දෙයි.. අද සිට ක‍්‍රියාත්මකයි…”

  1. Farmer says:

    How about the Pesticides?

  2. අලුත් ජීවීන් says:

    අලුත් ජීවීන් රැසක් ලක්මවගේ පොළවට දායද කරන පොහොට්ටුව …ජයවේවා

  3. කැලණියේ නයා says:

    මේ සෙල්ලම ඉවර වෙද්දි සිලෝන් ටී කියන බ්‍රෑන්ඩ් එක වදවෙලා ගිහින් කැරට් කිලෝව රුපියල් පන්සීයක් වත් වෙලා තියෙයි .සාපෙළට වත් කෘෂි විද්‍යාව ඉගෙන ගත්තු එකෙක් නම් දන්නව මේව කොච්චර ප්‍රායෝගිකද නැද්ද කියන එක.අන්තිමේ සජාඩ් නානා දිලිතයිය වගේ ගජ මිතුරෙකුට පෝර ගෙන්නන ඒකාධිකාරය ගිහින් හොද කුට්ටියක් ගරා ගැනීම තමා නාටකේ අවසානේ.මේ නාට්ටියේ මුල් පිටපත අතන මෙතන රතනගෙන් උන්දැ තමා මේ කාබනික ටොපිය මුලිම්ම කැවුවෙ දැන් උන්දැත් අවුට් විත් නෝ ගරානා.

  4. අයියෝ says:

    අයියෝ මේ මොන අපරාධයක්ද? කාබනික පොහොර ලංකාවේ හදන්න බැරිද?

  5. දිනේෂ් ගයාන් ඩුබායි says:

    මම ඉන්න ඩුබායි රටේ මේ වෙද්දි වී වර්ග ඉරිගු එලවලු ඔක්කොම වවනව කාබනික වෙනම රසායනික පෝර දාපුව වෙනම ඔක්කොම වවනව.වැහි බිදක් නැති කාන්තාරෙ ඒ දේවල් දැකල ලන්කාවෙ මේ වෙද්දි මේ වෙන නාඩගම් බැලුවම ඇත්තටම දුකයි.ඉස්සර අපි ඩුබායි වල දැක්කෙ ලන්කාවෙ වවපු එලෝලු පලතුරු ඉස්සරහට ලන්කාවෙදි ඩුබායි වවපු එලෝලු පලතුරු දකින්න ලැබේද දන් නෑ මේ යන විදියට.

  6. Darshana abayakoon says:

    මේ මොඩ මූසලය ආපහු ඇමරිකාවට යන්නෙ ලොකෙ තියෙන ඔක්කොම වසන්ගත ටික මෙහෙට ගෙන්නලා ගොවි බිම් ටික නැත්තටම නැති කරලා, එක මොලේ කලදක් තියෙන එකෙක් නැද්ද මුට හරි හමන් උපදෙසක් දෙන්න? අය්ය අවුරුදු 100කට වත් ගොඩ ගන්න බැරි විදිහට ආර්ථිකේ කාබාසිනිය කරල දාල ඉපදෙන්න ඉන්න පරම්පරා ගානකුත් නය කාරයො කරා. මල්ලි ගොවි බිම් ටිකට කෙලලා යන්තම් වගා කරගෙන හරි කන්න තිබ්බ බිම් ටික නැත්තටම නැති කරල දානව. මුන්ට සාප වෙන්න ඔනේ මේ කරන අපරාදෙට.

  7. මරතේනිස් අයියා says:

    ගජමිතුරෝ සැරසේන්

  8. ගෞම් ඊයාරාජ් says:

    ආරංච්යේ හැටියට ඔය පොහොර ගේන්නේ චීනෙන් සහ ආනයනය කරන්නේ … එක්කො ඔන්නෑ. ඉන්න හිටින්න රටක් එපැයි. 😂😂😂

Main News