සියළුම රාජ්‍ය සේවකයන් රාජකාරියට කැදවයි.. ගෙදර සිට වැඩ අවසන්…

July 30, 2021 at 3:50 pm | lanka C news
සියළුම රාජ්‍ය සේවකයන් රාජකාරියට කැදවයි.. ගෙදර සිට වැඩ අවසන්…

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

******

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර තිබේ.

රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින් රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇත.

එම නිසා කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වන දින (සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පීගබීග ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවාල පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී තිබේ.

කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

– ජනාධිපති මාධ්‍ය අංශය

44,450 views

17 Comments to “සියළුම රාජ්‍ය සේවකයන් රාජකාරියට කැදවයි.. ගෙදර සිට වැඩ අවසන්…”

  1. Xxx says:

    ගොටාගේ තවත් බයි චූන් රිවස් ආතල් එකක්

  2. Saman kumara says:

    අන්තර් පලාත් සංචරණ සීමා අයින් කරන්නෙ නැතුව මිනිස්සු එන්නෙ කොහොමද

  3. අමල් says:

    ගුරැහොරැත් ඵන්න ඕනැද

  4. දැන් ගෙවල්වල හිටියා ඇති . පිංපඩි ගත්තා ඇති .

Main News