සියළුම ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්..

April 26, 2018 at 11:20 am | lanka C news
සියළුම ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියළු මන්ත‍්‍රීන් ඉතාම කෙටි කාලයකදී ආණ්ඩුවෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කරයි.

අගමැතිවරයාට විරුද්ද විශ්වාසභංගයට පක්‍ෂ වූ ශ‍්‍රීලනිප 16 දෙනාට විපක්ෂයේ අසුන් ගැනීමට පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබුනු බවද ඔහු පවසයි.

පක්‍ෂයේ ඉහල තනතුරවල කඩිනම් ප‍්‍රතිසංස්කරණයක් දින 45ක් ඇතුළත සිදු කිරීමට තීරණය වී ඇති බවද ඒ මහතා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමිනි.

20 views
Main News