සියළුම සහල් වර්ග කිලෝව 25-50කින් ඉහලට..

October 18, 2021 at 9:20 am | lanka C news
සියළුම සහල් වර්ග කිලෝව 25-50කින් ඉහලට..

ඉදිරි දින දාහතරක කාලය තුළ කාලයේ දී අනිවාර්යෙන්ම සෑම සහල් කිලෝවක මිල රුපියල් 25-50 ත් අතර මිලකින් ඉහළ යාමට නියමිත බව ලංකා සහ නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා වහාම රජය විසින් සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කළ යුතු බවද ඔවුන් කියා සිටිති.

පොළොන්නරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම සංගමය මේ බව සඳහන් කළහ.

දැනට ඇති පොහොර අර්බුදය හේතුවෙන් මහ කන්නයේ වී තොග වෙළඳපොළට පැමිණීම 50% කින් පහළ බැස ඇති බවත් මෙම තත්ත්වය මත රට තුල සහල් හිගයක් පැන නගිනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත ඉදිරියේදී සෑම සහල් කිලෝවකම මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි අන්දමින් මිල ඉහළ යනු ඇතැයි ද එම සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා කියා සිටියේය.

දැනට සහල් මෝල් හිමියන් විසින් වැඩි මිලට මී වී මිලට ගනිමින් සිටින නිසා සහල් මිල ද දිනෙන් දිනම ඉහළ යමින් පවතින බවත් අද වන විට ආණ්ඩුව සහල් පාලන මිල ඉන් ඉවත් වී සති දෙකක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.

67,832 views

4 Comments to “සියළුම සහල් වර්ග කිලෝව 25-50කින් ඉහලට..”

  1. saman says:

    දැන්නම් ඇත්තටම සැපයි.

  2. පාවඩදෙණිය දොස්තර says:

    වල් වපුරල මුන් නෙලන්න බෑනෙ මගෙ බයි මිතුරනේ මේ ඔබ වෑපිරූ අස්වැන්න එන්න අපි නෙලමු තණකොළ තියෙන්නෙ යහමින්

  3. සිංහල බන්ඩා says:

    ආණ්ඩුවටය් ඇමතිටය් තමන් පෝර වැඩේ අනාගෙන බව තේරෙන කොට පරක්කු වැඩි වෙන බව කොම්පොස්ට් සහ ඩය්ගෙස්ටිං බැක්ටීරියා නයිට්‍රිජන් ෆික්සිං දියර පොහොර හදන අපි අකමැත්තෙන් මාසගනනක් තිස්සෙ නමුත් වගකීමෙන් කිව්වා ලිව්වා.

  4. Athula says:

    රටක නිෂ්පාදනයට සාපේක්ෂවඕනෙ සල්ලි අච්චු ගහන්න රටේ නිෂ්පාදනය ඇන හිටලා නම් ඉවක් බවක් නොමැතිව සල්ලි අච්චු ගැහුවහම රටේ බඩුමිල නිරායාසයෙන් වැඩිවෙනවා මේක හරිම සරල කාරණයක්.. එහෙනම් ඉතින් ඕන රටක් නිෂ්පාදනය නොමැතිව සල්ලි අච්චු ගහල එලියට දමාවි..

Main News