සියළුම සිපෙට්කෝ පිරවුම්හල් වැසී යාමට ආසන්නයි..

September 23, 2022 at 3:50 pm | lanka C news
සියළුම සිපෙට්කෝ පිරවුම්හල් වැසී යාමට ආසන්නයි..

ඉන්ධන ලබා ගැනීම සඳහා අත්පිට මුදල් ගෙවීම සඳහා තෙල් සංස්ථාව පනවා ඇති නව රෙගුලාසි හේතුවෙන් තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා ගන්නා පිරවුම්හල පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ඛණිජ තෙල් බෙදුම් කරැවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ලේකම් කපිල නාඔටුන්න මහතා කියා සිටියේ බැංකුවලින් නිකුත් කරන අයිරා පහසුකම් සඳහා ණය පොලිය සියයට තිස් හතරක් දක්වා ඉහල දැමීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.

සිපෙට්කෝ පිරවුම් හල්වලට ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීම හා කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට සංස්ථාව තවමත් අපොහොසත් වීම ද මීට බලපා ඇතැයි ද ඔහු පැවසීය.

55,348 views

5 Comments to “සියළුම සිපෙට්කෝ පිරවුම්හල් වැසී යාමට ආසන්නයි..”

  1. මොහොඩයා says:

    රටටම කෙල වෙද්දි ශෙඩ් අයිති උන් විතරක් සුඛිත මුදිත වෙන්න විදිහක් නෑනෙ
    අමාරුව දරාගන්න වෙනව
    හංගල විකුණල ගත්තු අධික ලාභ බහිරවයො ගිල්ලද තෙල් ගන්න සල්ලි නැත්තෙ

  2. dev says:

    minissu nikan thel gahalada

    horen wikunana tkath tiyanwa neda

  3. ප්‍රසාද් සමරසිංහ says:

    අපේ හැරී ජයවර්ධන මහතා මරණ මංචකය ට වැටෙයි කියලා කව්ද හිතුවෙ. නැත්නම් මම ගන්න වා ෂෙඩ් ටික ඔක්කොම.
    VOIP කරල හිමිට කරපු සල්ලි මා ළඟයි. මම ප්‍රසාද් සමරසිංහ. MD Lanka bell.

  4. ලoකා පුත්‍ර says:

    සිපෙට්කෝ ෂෙඩ් විතරක් නෙමෙයි, මුළු ලoකාවම වැසී යාමට ආසන්න වෙලයි තියෙන්නේ.

  5. Sasrasi says:

    ඕවා කාට හරි විකුනන්න ආසන්නයි

Leave a Comment

Main News