සියළු අධිවේගී මාර්ග චීනයට පවරන්න කැබිනට් අනුමැතිය..
October 21, 2017 at 10:40 am | lanka C news
මෙරට සියළු අධිවේගී මාර්ග චීන සමාගමකට දී මුදල් ගැනීමට රජය සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
දක්ෂිණ, කටුනායක හා කොළඹ පිටරවුම් අධිවේගී මාර්ගයන් මෙසේ චීන සමාගමකට ලබා දීම සදහා කැබිනට් අනුමැතියද ලබාගෙන ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කරයි.
මෙම මාර්ගයන් පාඩු ලබන්නේ යයි පවසමින් මෙසේ විදෙස් සමාගම් වෙත ලබා දීමට සූදානම් වන්නේ යයිද ඔහු පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේ හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
අධිවේගී මාර්ග කන්නද මෙයා? හැබැයි මාත් එකක් හදනව දළදා වදින ගමන් කෙලින්ඩ.
Dulles දන්නේ කොහොමද? කැබිනට් එකේ නෑනේ!