සියළු අමාත්‍යංශ සදහා ලේකම්වරුන් පත් කෙරේ.. කොරෝනා සටනේ මහ සෙනෙවියා අනිල් ජාසිංහත් ලේකම් ධුරයකට..

August 13, 2020 at 6:35 pm | lanka C news
සියළු අමාත්‍යංශ සදහා ලේකම්වරුන් පත් කෙරේ.. කොරෝනා සටනේ මහ සෙනෙවියා අනිල් ජාසිංහත් ලේකම් ධුරයකට..

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

  1. ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම්
  2. ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා – මහාමාර්ග අමාත්‍යාංශය
  3. එස්.ආර්. ආටිගල මහතා – මුදල් අමාත්‍යාංශය
  4. ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය
  5. ජගත් පී.විජේවීර මහතා – ජනමාධ්‍ය අමාත්‍යාංශය
  6. රවින්ද්‍ර හේවාවිතාරණ මහතා – වැවිලි අමාත්‍යාංශය
  7. අනුර දිසානායක මහතා – වාරිමාර්ග අමාත්‍යාංශය
  8. ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – කර්මාන්ත අමාත්‍යාංශය
  9. වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල අමාත්‍යාංශය
  10. එස්. හෙට්ටිආරච්චි මහතා – සංචාරක අමාත්‍යාංශය
  11. ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා – ඉඩම් අමාත්‍යාංශය
  12. එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා – කම්කරු අමාත්‍යාංශය
  13. ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර අමාත්‍යාංශය
  14. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා – ආරක්ෂක අමාත්‍යාංශය
  15. එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
  16. එන්.බී. මොන්ටි රණතුංග මහතා – ප්‍රවාහන අමාත්‍යාංශය
  17. ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා – ජලසම්පාදන අමාත්‍යාංශය
  18. ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය – වෙළෙඳ අමාත්‍යාංශය
  19. මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා – සෞඛ්‍ය අමාත්‍යාංශය
  20. මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය
  21. අනුරාධ විජේකෝන් මහතා – තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
  22. කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය – බලශක්ති අමාත්‍යාංශය
  23. අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා – විදේශ අමාත්‍යාංශය
  24. වෛද්‍ය අනිල් ජාසිංහ මහතා – පරිසර අමාත්‍යාංශය
  25. මහාචාර්ය කපිල පෙරේරා මහතා – අධ්‍යාපන අමාත්‍යාංශය
  26. සිරිනිමල් පෙරේරා මහතා – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය

– ජනාධිපති මාධ්‍ය අංශය

105,720 views

11 Comments to “සියළු අමාත්‍යංශ සදහා ලේකම්වරුන් පත් කෙරේ.. කොරෝනා සටනේ මහ සෙනෙවියා අනිල් ජාසිංහත් ලේකම් ධුරයකට..”

  1. saman says:

    කොරොනා පරිසරයට බලපෑමක් කරන නිසා අනිල් ජාසින්හ පත් කිරීම හොදයි

    • ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

      ජාසිංහ මහත්තයෝ මෙවර කඨින පිංකම් වෙනුවෙන් අපේ ගෙදරට පන්සල් පහකින් පීකර් පිරිත් , පීකර් කවිබණ , ආධාර , සම්මාදම් , දායකත්ව ගැන ඒවා උදේ හවස ඇහෙනවා.. කොයි පන්සලේ එක අහන්නද කියලා හිතා ගන්න බෑ. පන්සලට ඇහෙන ගානට විතරක් සද්දෙ දමාගන්න කියන්න මහත්තයෝ.. පිරිත් රීමික්ස් වෙලා පිරිත් කැටිවෙලා තියෙන්නෙ අහල පහල මිනිස්සුන්ගේ. බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට හිරිහැර පීඩා කරන්න දේශනා කරලා නෑ.. ඒකටත් එකට මහත්තයෝ මෙවුන් උදේ හවා අපේ කන් බෙර පලනවා

      • අනාගාමික අන්තවාදියා says:

        කනට ඇබයක් ගහගනින් පිරිත් ටික විතරක් ෆිල්ටර් වෙලා අනිත් ටික ඇහෙන්න.

        • john the baptice says:

          කනට ඇබයක් ගහ ගනින් 5ස් වතාවක් හදට බුරන විට

    • ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

      කොරෝනා ගැන වැඩ කිරීමෙන් ඔහු පෙන්වූයේ ඔහුගේ කැපවී වැඩ කිරීමේ හැකියාව. ඔහුට පරිසරය රැකීම සදහා උපකාර වන්නේත් ඒ ගතිගුණයයි. නැතුව ඔහුවේ දොස්තර සහතිකය නොවේ.

      පුද්ගලයින් ගේ දක්ශතා හදුනා ගැනීම සැබෑ නායකයාගේ ලක්ශණයක්. ඒ අතින් ගෝඨා ඉතා ඉදිරියෙන්.

      • හරියට හරි.. අමාත්‍යංශයකට ඕනෑ ඇමති රටපාලුවො නෙවෙයි හොද ලේකම් වරු.. ජාසිංහ ක්‍රියාවෙන් පෙන්වල තියෙනව ඔහු තුළ සිටින බුද්ධිමත්, දක්ෂ, කැපවීමෙන් විශ්වාසනීයත්වයෙන් යුත් මනා පරිපාලකයා… මොන ඇමති ආවත් විනාශ කරන පරිසරය යම් මට්ටමකින් රැක ගැනීමට ඔහුට හැකි වේවා…නියම සුදුස්සාට නියම තනතුර දීමෙන් ගෝඨා ඔහුගේ නායකත්වයේ ගුණය පෙන්වා තිබේ.. delegation.. delegation..

  2. Haiyo says:

    Corona fight is not over. Why give him another job? Do the ex army generals know about diplomacy to take on foreign ministry? What about agriculture?

  3. MCC+CIA says:

    ගරු අගමැතිතුමනි නාළක ගොඩහේවා ඇමතිතුමනි සිරිනිමල් පෙරේරා මහතානනී චම්පික රනවකගේ ඇම්බැට්ටයෙක් වන නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාළන පියතිස්ස නම් ජෝකරයා ගෙන් ප්‍රවේසම් වන්න

  4. U D jaya says:

    ලංකා විදූලි කල මණ්ඩළය සතු දේපළ ක් වන LTL ආයතනය කූට උපක්‍රම මගින් මංකොල්ල කන U D ‍ ජයවර්ධන ප්රමුඛ හොර නඩය ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද

  5. සුරා says:

    අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කවුද ?

    • Alapaluwa says:

      කවුරු උනාම මොකද අයිෂේ ඇයි තමුසේ වෙන කෙනෙක් පත් කොරන්නද? නිකං පොර වෙන්නේ නැතුව ඉන්නවා

Main News