සියළු ආසාදිතයන් රෝහල් හෝ ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළු කරන්න බෑ.. ඉඩ නෑ…

May 14, 2021 at 3:50 pm | lanka C news
සියළු ආසාදිතයන් රෝහල් හෝ ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළු කරන්න බෑ.. ඉඩ නෑ…

කොරෝනා ආසාදිතයන් යැයි හඳුනාගනු ලබන සියලු දෙනා රෝහල් ගත කිරීමට හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඇතුළු කිරීමට නොහැකි වී ඇතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

වයෝවෘද්ධ පුද්ගලයන්, නිදන්ගත රෝගවලින් පෙළෙන අය සහ ගර්භනී කාන්තාවන්ට රෝහල් හෝ ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළු කිරීමේදී ප්‍රමුඛතාව ලබා දෙන බවද ඇය සඳහන් කළාය.

ඒ තත්ත්වය මත සෙසු ආසාදිතයන් රෝහල් ගත කිරීමේ දී යම් ප්‍රමාදයක් සිදු විය හැකි බවද ඇය කියා සිටී.

ආසාදිතයන් සඳහා තවදුරටත් ඉඩ පහසුකම් පුළුල් කරමින් පවතින බවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවසේ තබා ප්‍රතිකාර කිරීම සඳහා මාර්ගෝපදේශ සකස් කරමින් ඇති බවත් ඇය තව දුරටත් කියා සිටියාය.

29,148 views

10 Comments to “සියළු ආසාදිතයන් රෝහල් හෝ ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළු කරන්න බෑ.. ඉඩ නෑ…”

  1. අනන්ද says:

    ගෑනියේ එකතු වෙලා රට වහපන්

  2. කොරෝනා says:

    තොපි මෙහෙම කියන්නද ඇමතිකම් කරේ. උබේ ඇමතිකමම කොරෝනා මර්දන. මර්දන නෙමේ වර්දන.

  3. වයි දිස් කොලවෙරි says:

    රජයේ රෝහල් වල දෙන්නෙ සායනික පරීක්ශණ සමත් වූ බටහිර බෙහෙත්. ඒව බීපු ගමන් කොරෝනා හොද වෙනවා.

    ඇමෙරිකාව, එන්ගලන්තෙ ලක්ශ ගණන් මිනිස්සු මැරුනේ, උන් සායනික පරීක්ශණ සමත් බටහිර බෙහෙත් නොබී, සායනික පරීක්ශණ අසමත් ධම්මික පැණිය බීපු නිසා.

    • Maha sinhale says:

      දැන්වත් හෙළ වෛද්‍ය වරුන්ට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ දෙන්න ..එසදහා නීතිමය පියවර ගන්න ..මේ මියයන රෝගීන් ඔබට සාප කරන බව සිතන්න

  4. Sirimal says:

    For what purpose do we have ministers and highly paid officers and a government if people are left to die. It is due to weak decision making that the country is facing this sad situation. It is the duty of the government and you to bring the country out of this disaster. Otherwise you go home and bring Dr. Jasinghe without dumping him on flimsy excuse of promotion. We are more educated than the slaves who brought you to power to be deceived by lies.

  5. Jagath says:

    දැන්වත් ලක්‍ෂ 69 මොලේ පෑදේවා

  6. Nandasoma Suriyaarachchi says:

    නිසි කලට නිසි තීරණ නොගෙන, වහසිබස් දොඩමින් සිටීමේ ප්‍රතිඵල විඳීමට ජනතාවට සිදුව ඇත…..!

  7. ගමේ වෙදා says:

    ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ” ච්ව් චව් ” වගේ පොඩ්ඩක් සර්ව අශුභවාදී ගතියක් තියෙනවා වගේ පේනවා . ඒ අතරම ඇය බටහිර පයිසර් එන්නත් ලොකු කරගෙන චීන සහ රුසියාවේ එන්නත් බාල්දු කරන ගතියක් පේනවා . පයිසර් එන්නත අපේ වගේ රටවලට ගැලපෙන්නේ නෑ. ඒවා සෙටිග්‍රේඩ් අංශක සෘණ -70 පවත්වා නොගතහොත් එහි ක්‍රියාකාරිත්වය අක්‍රීය වෙනවා .බටහිට ඖෂධ මාෆියාව වෛද්‍ය ක්ෂේත්‍රයේ අයට අල්ලස් ලබාදී චීන සහ රුසියානු එන්නත් බාල්දුකර කතාකරන බව අද මිනිස්සු දන්නවා

  8. Manel says:

    Many people making comments here do forget that they are living in a poor country. Even in countries like Australia, Canada and Uk, they had to leave infected people in their homes for many days due to lack of capacities in hospitals.

Main News