රවි නාමිකව ඇමති ධූරයෙන් ඉල්ලා අස්වේ.. මාස 3 කින් නැවත ලැබෙන පදනම් මත සියලු අමාත්‍ය වරප්‍රසාද භුක්ති විදිමේ අයිතිය..

August 10, 2017 at 9:20 am | lanka C news
රවි නාමිකව ඇමති ධූරයෙන් ඉල්ලා අස්වේ.. මාස 3 කින් නැවත ලැබෙන පදනම් මත සියලු අමාත්‍ය වරප්‍රසාද භුක්ති විදිමේ අයිතිය..

ජනාධිපති සහ අගමැති සමඟ රවි කරුණානායක අමාත්‍යවරයා පැවත්වු සාකච්ඡාව සඳහා අතරමැදියකු ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහභාගි වී දෙපාර්ශ්වයටම වාසි Win Win Situation වන අන්දමින් කොන්දේසි සහිත අවබෝධතාවයකට එලබීමෙන් පසුව මාස 3 ක් සඳහා තාවකාලිකව සියලුම අමාත්‍ය වරප්‍රසාද සහිතව වැඩබලන අමාත්‍යවරයෙකු පත්කරන පදනම මත අද සවස විශේෂ ප්‍රකාශයක් කරමින් සමස්ථ ආණ්ඩුව බේරාගැනිමේ අරමුණෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත.

එල්ල වී ඇති චෝදනාවන් සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ අවසන් වන තෙක් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා විදේශ ඇමති රවි කරුණානායක මහතා විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුවත් ඇමති කාර්ය මණ්ඩලය ඇතුළු ඇමතිවරයෙකුට හිමි සියළු වරප‍්‍රසාද එම කාලය තුදීද ලබා දීම, තුන් මාසයක කාලයක් තුල බැදුම්කර කොමිසමේ කටයුතු අවසන් කිරීම ආදී කොන්දේසි කිහිපයක් ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇතැයි පැවසෙයි.

ඇමතිවරයා සියලු චෝදනාවලින් නිදහස් වනු ඇති බවටද සහතිකයක් ලැබී ඇතැයිද වාර්තා වන අතර බැදුම්කර වංචාවට සම්බන්ධ අන් පුද්ගලයින්ගේ නම් හෝ සම්බන්ධතා ප්‍රසිද්ධ නොකිරීමට කරුණානයක අමාත්‍යවරයා එකග වී ඇති බවටද වාර්තා පලවෙයි.

කෙසේ වෙතත් විපක්‍ෂය චෝදනා කරන්නේ මෙතරම් බරපතල චෝදනා තිබියදී ඇමතිවරයා වහා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඉදිරි පරීක්‍ෂණ කල යුතු බවත් එසේ නොවන්නේ නම් ඇමතිවරයා විසින් චෝදනාවට අදාල සාක්‍ෂි විනාශ කිරීම, සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීම සිදු කරනු ඇති බවත්ය.

129 views

16 Comments to “රවි නාමිකව ඇමති ධූරයෙන් ඉල්ලා අස්වේ.. මාස 3 කින් නැවත ලැබෙන පදනම් මත සියලු අමාත්‍ය වරප්‍රසාද භුක්ති විදිමේ අයිතිය..”

  1. my3 says:

    මා ඉතින් යන්න යනවා…./
    මට යන්න අවසරයි…/
    මට අරන් යන්න ඇත්තේ…/
    මහ බැංකුව විතරයි….//

    • darshana says:

      අපේ කාලේ නම් මෙහෙම වුනේ නෑ අපෙ හාමුදුරුවනේ. අපේ ගාව ෆයිල්ස් තිබ්බට ඇමතිවරු කවදාවත් ඉල්ලා අස්වුනේ නෑ හාමුදුරුවනේ.

      • leel says:

        රටේ කෝටි ගනන් ගිලපු උන් සියලු වරප්‍රසාද ඇතුව සිවිල් සමාජ ගතවෙනකොට, බඩගින්නට නැතිනම් ඉස්කෝලෙ යන්න පොතක් පෑනක් ගන්න අනුන්ගෙ වත්තෙ පොල් කඩපු පොඩි එකාට රුපියල් 500 ක 1000 හක දඩගහන , හිරේ විලන්ගුවෙ දාන රටක් මේක…සෝබිත හිමිපානනි, රතන හිමිපානනි…අර තව මොක්කුද සිවිල් සමාජ ක්‍රියාකාරීනි…තොපලා කන්දක් විලිලා වදපු යහපාලනයනම් මාරයි……

      • DT says:

        යහ පාලනයේ කක්කා හෝදන්නෙ බලාගෙන..ගියපාර අයත් කක්කා කලේ මේ වගේ කිය කියා යහපාලනයේ කක්ක හෝදන්න එපා…අතම ඇතුලට යයි..ඒ තරම්ම ලොකු වෙලා..

        ගිය පාර උන් මොනවද ..කක්කද කරල තියෙන්නෙ මේවා බැලුවම..

      • Brahmana says:

        It looks like this darshana guy is trying to wash this corrupt minister’s dirty linen.

    • Nandasoma says:

      මහ බැංකුව විතරක් නෙමෙයි…. තව ගොඩාක් තියෙනව…… කරුංක, වාහන, විනිමය …… ගොඩාක්

      .

  2. අලුගුත්තේරුවා says:

    ඒකාබද්ධයට විලිලැජ්ජාව කියල එකක් නැද්ද? මේ ආණ්ඩුවේ ලොක්කන් දෙන්නම කුඩු කා ඇති බවට මීට වඩා සාක්ෂි උවමනාද? ජනතාවට තේරුණ දේ ඒකාබද්ධයට තේරෙන්නෙ නැද්ද?
    රවි කරුණානායක සම්බන්ධයෙන් අනෙක් විපක්ෂ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයත් ටොකු ඇනීම පමණක් කරණ බවයි පෙනෙන්නේ. බැසිල්, යෝශිත, නාමල්, විමල් ආදීන් සිරකරගෙන හිටියේ හරිහැටි චෝදනාවක්ද නැතුවයි. රවි නම් පුද්ගලයාට හෝ තවත් එක් ඇමැත්තකුට එරෙහිව ගෙනෙන විශ්වාසභංගයක් නොව ඔහු සම්බන්ධව ආණ්ඩුව කරන්නට යන ජනතා විරෝධී, නීති විරෝධී, ප්‍රජතන්ත්‍ර විරෝධී, සදාචාරයක් කියල එකක් ගෑවිලාවත් නැති, අප්‍රිකාවේ ඒකාධිපතියෙක් වත් නොකරන, මේ ලැජ්ජ නැති, පාහර, අසික්කිත ක්‍රියාවට එරෙහිව ජනතාව අවදි කොට, වීදි පුරවා, මහා හර්තාලයකින් ආණ්ඩුවම ගෙදර යැවීම සඳහා දිනේශ්, වාසු, විමල්, උදය සමග ඒකාබද්ධයේ තරුණ මංත්‍රීන් ටිකවත් පෙරමුණ ගත යුතු බව අවධාරණයෙන් යුතුව, නැවතත් ”අවධාරණයෙන් යුතුව” කියා සිටිමු. නැතිනම් ජනතාව වෙනත් විකල්පයක් සොයා ගන්නවා ඇත.

    • Aurora says:

      Don’t insult African directors. Real dictator is Sirisena who postponed all elections since 1985.

  3. asaranaya says:

    මගේ කලින් පොස්ට් එකක කොමෙන්ට් කලා මූ අස්වෙලා (බොරුවට ) නැවත වරප්‍රසාද අරගෙන මූ ඇතුලට ගන්න බවට , මයිතූනයගෙත් පින්ගුත්තරයගෙත් දෙපිටකාට්ටු වැඩැක් කරාවි කියලා , ඒකනෙද වෙන්න යන්නෙ. ,බොරුවට මූ අයින්කරලා මූට චෝදනා නැහැ කියල මූව නිදස් කරාවි., ඒනිසා මම සඳහන් කලා විශ්වාශබන්ගයට දිනුවත් නැතත් විශ්වාශ කඩවුනු අයට වරප්‍රාසාද ලබන තනතුරුවලට ඇතුල්කරන්න බැරිවෙන අයුරින් චෝදනා පත්ත්‍ර ගොනු කලොත් හොඳයි කියලා,
    කොහෝමද මයිතූනයා පින්ගුත්තරයා ඩබල ගල්කපන මොලේ ,
    ඒකාබද්දයේ ඉන්න නීති විශාරදයනි රාජිත කුනු දතා ඉන්න තැන ගැටයකි , උන්ගේ ගැටවලට අසුනොවන්න.

  4. NAK says:

    What a joke this government has become ?
    The thief who got caught red handed imposes conditions to resign and he is allowed to enjoy all the perks of a minister!! isn’t there a law in this country? can Ranil and sirisena do as they please?
    He must resign unconditionally. Period.He can come back if and when he is cleared of all charges.
    Isn’t the agreement not to reveal any more names a slap in the face of justice?
    As I expected pathola Sira has relented to the dictates of Batalanda ponil.

  5. Raawana says:

    Emathi kamin illa as wenawanam kohomada waraprasaada illanne. me paaharayo kaage salli ekkada sellam karanne. e kaale ke gehuwe duppath janathaawa nagaa situwanawa kiyalane.chodanaa matha pasugiya kaale kee denek welikada yewwuada? mokada meyaata witharak wena neethiyak.chodanaa walin nidahas wenne kohomada pagaawa aran thibenakota.

  6. Buwa says:

    Apiwa gonata anduwath da?

  7. ඇලෝසියස් යේස් සර් says:

    අදිකරන්යේ විබාග වන නඩුවක විබිසුරු වරුන්ට හැ නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී කරන බලපෑම් ප්‍රජාතන්ත්‍ර විරෝධිය. කතානායක තුමත් නිතිය කඩමින් පක්ෂග්‍රහිව තීන්දු දෙන්නේ මලාට පස්සේ ජිවත් වෙන්න ගෙයක් ලබා ගනා බව අපට පෙනේ. හොරුන් ගේ බිත්තර රකින කිකිලියත් හොර අම්මෙකි.

  8. Ratata Adhare says:

    it looks like My3, Run-nil and Chandika click has taken the whole nation for a ride
    once again by planning a fake resignation for Mr. Karupaiya.

  9. mema jathi drohi,kalakanni,pal hora keepawathawakma janatha mudal hora kala thiyenawa rail meyata bayayi dennama rata hera palyaaaaaaaaaaaaaaaaaw nethnam hire dala depola wikunala danawa

Main News