සියළු කට උත්තර වැරදී බැරිස්ටර් ශ‍්‍රියාලතා ලෙඩ වෙයි.. ආරක්‍ෂාවට ස්විස් එම්බසියේ සැගවෙයි.. අධිකරණයෙන් අවසර නෑ..

December 12, 2019 at 10:32 pm | lanka C news
සියළු කට උත්තර වැරදී බැරිස්ටර් ශ‍්‍රියාලතා ලෙඩ වෙයි.. ආරක්‍ෂාවට ස්විස් එම්බසියේ සැගවෙයි.. අධිකරණයෙන් අවසර නෑ..

පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ සිට ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ශ‍්‍රියාලතා ගානියා බැරිස්ටර් තමනට අසනීප තත්වයක් වැදලී ඇති බව නීතීඥයෙක් මාර්ගයෙන් අධිකරණයට අද දිනයේ දැන්වීය.

ඒ හේතුවෙනි තමන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරන්නේ නම් කොලඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ දී එය සිදු කරන්නැයිද ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අදාල තැනැත්තියට අංශභාගය හෝ කකුල බිඳීමක් සිදුව නැති නිසා රහස් පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි.

රහස් පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කර ගන්නා ස්ථානයන් සම්බන්ධයෙන් නියෝග කිරීමට අධිකරණයට හැකියාවක් නැති බවද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කියා සිටියේය.

එමෙන්ම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල භූමිය තුළදී ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක වීම ගැටළු සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බවද කී මහේස්ත‍්‍රාත්වරිය අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

මේ අතර හෙට දිනයේ ද පොලිසිය විසින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන නියමිත අතර හෙට දිනයේම ඇය මානසික වෛද්‍යවරයෙක් වෙත ද ඉදිරිප්ත කිරීමට නියමිතය.

116 views

17 Comments to “සියළු කට උත්තර වැරදී බැරිස්ටර් ශ‍්‍රියාලතා ලෙඩ වෙයි.. ආරක්‍ෂාවට ස්විස් එම්බසියේ සැගවෙයි.. අධිකරණයෙන් අවසර නෑ..”

  1. සයිබර් නානා says:

    මැය බැරිස්ටර් නිසා නීතිඥ සහයක් අවශ්‍ය නැත

  2. මාතර සුනිල් says:

    නම නිත්‍යානුකුලව මාරු කරල නැතිනම්, උසාවිය ඉදිරියේ වෙනත් නමකින් පෙනී සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් නේද. සොයා බලන්න.

  3. Train almeda says:

    උපන් රට පාව දෙන පාහර ගැහැනුන්ට ඔය ටික වෙන්නම ඔනි මම හිතුවේ මැ දෙමල කතක් කියා

  4. Lotus says:

    What is her designation in Swiss Embassy?
    Visa Officer’s Assistant or Office Assistant?
    Why do they call her Swiss Embassy Officer?

  5. සරා says:

    ස්විස් තානාපති හරියට මරදානේ ‌ෙචොප්පේ වගේ.දැන් ‌ෙචොප්පේ කියන විදියට තමයි ලංකාවෙි නීතිය තියෙන්න ඔින.

  6. CHANDA says:

    මේ සුවිස් කෙස් එකේ විද්‍යුත් මාධ්‍ය කොලේ වහලා , යටින් ඉන්න මුලධර්මවාදී අන්තවාදී කිතුනු කල්ලි ගැන නොකියන්න පරිස්සම් වෙනවා mmm