සියළු කඩ වසා දමා පිටකොටුවේ හර්තාල්.. රේගු වර්ජනය තව බලවත් වෙයි.. වෘත්තීය සමිති 20ක් වර්ජනයේ..

February 5, 2019 at 8:40 am | lanka C news
සියළු කඩ වසා දමා පිටකොටුවේ හර්තාල්.. රේගු වර්ජනය තව බලවත් වෙයි.. වෘත්තීය සමිති 20ක් වර්ජනයේ..

පිටකොකොටුව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හා වෙලදුන්ගේ සංගමය විසින් අද සිය වෙලදසැල් වසා දමමින් හර්තාලයක් ආරම්භ කර තිබේ.

ඔවුන් පවසන්නේ රේගුව විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගය නිසා වරායෙන් තම භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

ප‍්‍රමාදය නිසා වරායේ රදවා තබා ගන්නා කාලයටද අමතර ගෙවීමක් කිරීමටත් සිදුව ඇතැයිද එම මුදලද විකිණුම් මිලට එක් කිරීමට සිදුවන නිසා අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් ඉහල යාමට ඉඩ ඇති බවද වෙලදුන් කියති.

මෙම තත්වය තවත් පැවතුනහොත් රට තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක් ඇතිවීමට ඉඩ ඇතැයිද ඔවුන් කියා සිටී.

රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගයට සහාය දක්වමින් අද තවත් වෘත්තීය සමිති 20කට ආසන්න ප‍්‍රමාණයක් වෘත්තීය ක‍්‍රියාමාර්ග ආරම්භ කර ඇත.

රේගු වර්ජනයට දැනට සතියක කාලයක් ගතව තිබේ.

14,273 Viewers

6 Comments to “සියළු කඩ වසා දමා පිටකොටුවේ හර්තාල්.. රේගු වර්ජනය තව බලවත් වෙයි.. වෘත්තීය සමිති 20ක් වර්ජනයේ..”

  1. Kamal says:

    ලෙඩා මලත් බඩ සුද්දයි…

  2. john the baptice says:

    මැතිවරනය එනකන් මෙය දිගටම ගෙනයමු රටට වින කරන හතුරන් පන්නමු ඔබලාට ජය

    • හැකහැක says:

      රැවුල ගිනි ගනිද්දි රාජපක්ෂ වහල්ලු සුරැට්ටු පත්තු කරන්න එනවා

  3. සීගිරි says:

    හොර පවුල් , කූඨ ව්‍යාපාරික හවුල් ,දෙබිඩි පුරවැසියන්, NGO නඩ,බටහිර අතකොළු පිටු දකිමු… !!!! දූෂිතයන්,හොරැන්,මිනී මරැවන් එක්වී ජනතාවට, මව්බිමට එරෙහිව පිහිටුවාගෙන ඇති උන්ගේ රාජ්‍යය පෙරලා දමමු !!!!! ජනතා විප්ලවයකට ජය වේවා !!!! “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” බිහි කරමු !!!! (සැ.යු : ජනතාවට චන්දෙකින් ආණ්ඩුවක් වෙනස් කරන්න පුලුවන් හා එය නීත්‍යානුකූලයි නම් “ඒ ජනතාවම” ලක්ෂ ගණනින් වීදි බැස ආණ්ඩුව වෙනස් කිරීමේ ඇති වැරැද්ද කුමක්ද ? )

  4. kinzhal says:

    චන්දෙකින් ඇර ආණ්ඩු පෙරලන්න ක්‍රම දෙකයි තියෙන්නේ … එකක් ගල්කටස් වලින්,අනෙක කුමණ්‍ත්‍රන වලින්…ලක්ෂ ගනන් පොදු ජනතාව පාරට බැස ආණ්ඩුපෙරලීමට ඉඩ දෙන්න බෑ.එය ප්‍රජාතන්තවාදයට විරැද්ධයි – කේ.ඩී ලාල් කාන්ත

  5. Kings says:

    කෝ බොලේ අර සාධාරන සමාජයේ නරි ‍රැලයි ජෙප්පො ටිකයි. අතුරුදහන්ද?

Main News