සියළු කැබිනට් රැස්වීම් අත්හිටුවයි.. මීළග හමුව කැබිනට් වෙනසින් පසුව..- ජනපති දැඩි තීරණයක් ගනී…
May 14, 2017 at 3:00 pm | lanka C news
ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කරන්නේ යයි තමන් විසින් ජනතාවට පොරොන්දු වී ඇති නිසා එම පොරොන්දුව ඉටු කරන තුරු සතිපතා කැබිනට් හමු පැවැත්වීම නවතා දමන බව ජනාධිපති මෛත්රිපාල මහතා පැවසූ බව ලංකාදීපය වාර්තා කරයි.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවති සාකච්චාවකදී මේ බව සදහන් කර ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.
ඒ අනුව අගමැතිවරයාගේ චීන සංචාරයෙන් පසු ඇමති මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනපති හා අගමැති තීරණය කර ඇති බවද වාර්තවේ සදහන්ය.