සියළු ඡන්ද කල්දාන උප්පරවැට්ටිය අද.. පාර්ලිමේන්තුව ගිණියම් වෙයිලු..

August 24, 2017 at 8:40 am | lanka C news
සියළු ඡන්ද කල්දාන උප්පරවැට්ටිය අද.. පාර්ලිමේන්තුව ගිණියම් වෙයිලු..

අද දිනය පුරා පාර්ලිමේන්තුවේදී පළාත් පාලන ඡන්ද විමසීම් සම්බන්ධ පනත් කෙටුම්පත පිලිබද විවාදය පැවැත්වෙන අතර ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙයි.

මෙම පනතට අද දිනයේ සංශෝදන කිහිපයක් එක් කිරීමට නියමිත අතර විපක්‍ෂය පවසන්නේ මෙය සැලසුම් සහගතව මැතිවණය කල් දැමීම සදහා සිදු කරන උපක‍්‍රමයක් බවයි.

අද දිනයේ පැවැත්වෙන විවාදය ඉතා අණුසුම් කාරී වනු ඇති බවටද ඔවුහු කියා සිටිති.

මේ අතර සියළු පළාත් සභා මැතිවරණයන් එකම දිනයකදී පැවැත්වීම සදහා වන විධිවිධාන ඇතුලත් 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය සියළු පළාත් සභා මැතිවරණයන් 2019 අග දක්වා කල් දැමීම සදහා කරන ලද්දක් බවටද විපක්‍ෂය චෝදනා කරයි.

36 views
Main News