සියළු ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්..- මහින්ද

June 22, 2019 at 3:50 pm | lanka C news
සියළු ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්..- මහින්ද

ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවෙන් මේ රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සියලු ජාතින්ට මේ පොළවේ ජීවත් වීමට හැකි සමාජයක් ගොඩ නැගීමට කැපවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ  (21) පස්වරුවේ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවති පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 02ක් පිරීම නිමිත්තෙන් යුක්තියේ පහන්වැට සංවිධානය මගින් සංවිධානය කරනු ලැබු අදිෂ්ඨාන පුජාව සඳහා එක්වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක් වු ඔහු

‘මේ ආණ්ඩුව ඉදිරියට මෙවැනි ප්‍රහාරයන් ඇති නොයවයි කියා ප්‍රකාශයක් කරන්නේ නැහැ. ත්‍රස්තවාදය පිළිබඳ මේ ආණ්ඩුවේ දැනීමක් ඇති කෙනකුට ඉන්න හිටපු හමුදාපතිවරයා කියනවා මෙවැනි ක්‍රියා නැති කිරීමට කාලයක් ගත වනවා  කියා. අපි සියලු දෙනා බියෙන් ජිවත් වෙනවා. පොහොයට පන්සලට යන්න නැහැ. පල්ලියට යන්න නැහැ. මුස්ලිමි ජනතාවගෙන් කිහිප දෙනකුගේන් සිදු වු ත්‍රස්තවාදී ක්‍රියා නිසා ඔවුන් දිහා සැකෙන් බලනවා. වැඩි වශයෙන්ම මෙයින් බැට කන්නේ මුස්ලිම් ප්‍රජාව. මුස්ලිමි නායකයින්ට, මුස්ලිම් පුජකවරුන්ට වගකීමක් තියෙනවා මෙවැනි අන්තවාදී අදහස් ඇති තරුණයින් පුනුරුත්ථාපනය කිරීමට. රජය මෙම ප්‍රහාරයේ වගකීමෙන් මිදිලා. ජනතාව වැරදිකරුවන් වෙලා. ත්‍රස්තවාදය නිමා කර අවු.10ක් අපට නිදහසේ ජිවත් වීමට හැකි උනේ නැහැ. ආණ්ඩුව මේවට සම්බන්ධ සියලු තොරතුරු දැනගෙන තිබුනා. මේවට සම්බන්ධ පුද්ගලයින්ගේ නම්, ලිපිනය, හැඳුනුම්පත් අංක,  පහර දෙන ස්ථාන යන ඒවා අප්‍රේල් 04 වැනිදා වන විට පොලිසිය රජයට දන්වලා. ලියුම් එහේ මෙහේ හුවමාරු උනා. ඇමති තාත්තා පුතාට කිව්වා පල්ලියට යන්න එපා කියලා. නමුත් කිතුනු ජනතාවට, පල්ලියට, කාදිනල්තුමාට ඒ බව කියන්නේ නැහැ. මන්ත්‍රිවරුන්ට ඇමතිවරුන්ට දැනුම් දුන්නා පසුගිය 13 වනදා ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා. අපි ඒ ගැන පාර්ලිමේන්තුවේ කිව්ව නිසා බෝම්බ ගැහුවේ නැහැ කියා ආණ්ඩුව අපට කියනවා.

දරුවන් පාසල් ගෙනියන්න අපි මැදිහත් උනා. රටේ ආර්ථිකය කඩා වැටෙනවා අපිට බලාගෙන ඉන්න බැහැ. වගකිව යුතු විපක්‍ෂයක් ලෙස අපි ආණ්ඩුව කාගේද කියා බැලුවේ නැහැ.‍ නිලධාරීන් කොච්චරදුරට මේ ආණ්ඩුව කියන දේ කරනවාදැයි මට සැකයක් තියෙනවා. රටට ආදරය කරන නායකත්වයක් සමඟයි රටට ඉදිරියට යා හැක්කේ. අපි සිංහළ, දෙමළ, මුස්ලිම් වේවා මොන ආගමේ කොටසක් උනත් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.

වැඩියෙන්ම ප්‍රහාරයට ලක් උනේ කතෝලික ජනතාව හා පල්ලි. කාදිනල්තුමා ඉතා ඉවසීමෙන් කටයුතු කළ නිසා ඇතිවෙන්න ගිය විනාශය නැවතුනා. ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල වුන අවස්ථාවේ, දළදා මාළිගාවට බෝම්බ ප්‍රහාර එල්ල උන අවස්ථාවේ ජනතාව කලබල උනේ නැහැ. කඩවලට ගැහුවේ නැහැ. නමුත් මෙම සිද්ධියෙන් පස්සේ උඩුගම්පොළ, කුලියාපිටිය, ප්‍රදේශවල කණගාටුදායක සිද්ධි දෙකක් සිදු උනා. මෙම සිද්ධි කාගේ උවමනාවට සිදු වුනා දැයි සැකයක් අපට තියෙනවා. වෙනත් ප්‍රදේශවලින් ගෙනත් දාපු මිනිසුන් මෙය කර තිබෙන්නේ. නමුත් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ මේවා බලන්න ආපු අය. පිටරට මාධ්‍ය මෙම ප්‍රහාර සිංහල බෞද්ධයන් පිටට දමනවා. මෙම බලවේග ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. තව මාස 04යි මෙම ආණ්ඩුවේ කාලය. එන ඕනෑම මැතිවරණයකට අපි ලෑස්තියි.

මැතිවරණ කොමසාරිස් මැතිවරණ කල් දමනවා වගේ උසස් අධ්‍යාපන ඇමතිවරයා විශ්ව විද්‍යාලවලට ළමුන් ගැනීම පමා කරලා යැයි’

මෙම අවස්ථාවට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අළුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, සිසිර ජයකොඩි, පද්ම උදයශාන්ත, තේනුක විදානගමගේ, කාංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ, ජයන්ත සමරවීර, නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද, කලාකරුවන්, විද්වතුන්, වෘත්තියවේදීන් ඇතුළු පිරිසක් එක් විය.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

 

17,964 Viewers

8 Comments to “සියළු ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්..- මහින්ද”

  1. සීගිරි says:

    බටහිර බලවේග වල උත්සාහය මේ රටේ පාලන බලය ජනතාව අතට පත් වන්නට නොදී ලංකා නවයටත් විජිතයේ බලය තව දුරටත් තම ග්‍රහනයේ තබා ගැනීමටයි..
    ඒ සඳහා ප්ලෑන් A,B,C වශයෙන් සැලසුම් ඇත…plan A හැකිතාක් කල් යහපාලන පවත්වාගෙන යාමයි….plan A රැකගැනීමට බැරි වන විට plan B සැලැස්මට මාරැ වී තරමක් අවාසිදායක තත්වයන් යටතේ හෝ යටත් විජිතය රැක ගැනීම ඔවුනගේ උපක්‍රමය වේ…
    plan B වන්නේ රාජපක්ෂලා නැවත බලයට පත් කිරීමයි…
    ජනතා විප්ලවයකින් මේ රටේ බලය ජනතාව අත් වනවාට වඩා රාජපක්ෂලා අතට පත් වනවා දැකීම බටහිරට පිලිගත හැකි විසදුමකි !!!!!

    • ඔව් අපට මතකයි LTTE එක රැකගැනීමේ ප්ලෑන් එකෙත් ප්ලෑන් B එකක් තිබුනා.. ඒකට තමයි බටහිර රටවල් 3ක විදේශ ඇමතිවරු එක දවසෙ (ලෝක වාර්තාවක්ද කොහෙද ) ලංකාවට ආවේ රාජපක්ෂවරුන්ට බලපෑම් කරන්න.. අන්තිමේ කොළඹත් නෙවෙයි හම්බන්තොටටම ගිහිල්ලා ආප්ප කාලා ගෙදර ගියා.. ඒ වගේ තමයි මේ පාරත් …ප්ලෑන් B නෙව්යි තව C D E F ගැහුවත් රාජපක්ෂලා ලව්වා මේ රට නම්මන එක උඹ වගේ දොන් ජුවන් පරම්පරාවෙ එවුන්ට මවාගන්න පුළුවන් බොළඳ සිහිනයක් පමණයි. යුද්දෙ ඉවර කරාට තොපි වගේ ආතක් පාතක් නැති සමනල සිහින දකින එවුනුත් ලක්ෂ ගානක් මේ රටේ ඉන්න නිසා රාජපක්ෂලාට 2/3 බලය තිබුනෙ ඔය හකීම්ලා රාජිතලත් මුක්කු ගහගෙනයි. අන්න ඒ නිසයි පාරෙ ඉඳන් මී. 150ක් හරි තියල ගෙවල් හරි ඉස්ලාම් කොලෙජ් එකක් හරි හදන්න ඉඩ දෙන්න උනේ. පස්සෙ යහපාලනෙතැ පිං සිද්දවෙන්න එව්ව නගර විශ්වවිද්‍යාල උනා. මේ පාරවත් අපි සිංහල ඔක්කොම ඇරෙන්න නිල් රතු පක්සෙකට කතිරෙ ගහල අපේ තනි බලය ගොඩනගමු. බලාපල්ලා උදාහරණ ඉන්දියාවෙ මෝදි ගියපාර සද්ද නැතුව මුක්කු ගහං හිටියා. මේ පාර උඩින්ම දිනුම් ආයෙ මුස්ලිම් විපක්ෂ මුක්කු නෑ.. ඔන්න ඊයෙ SMS 3න් මුස්ලිම් ගෑනු දික්කසාද කිරීම නීතිවිරෝධී කරන්න පනත ගෙනල්ල…

    • උඹට කවුද දවසින් දවස මේවා ලියා දෙන්නේ. උඹට තියෙන්නේ ගෙවන ගානට කප කපා අලවන එකනේද. උඹ ජොබ් එක කරන්නේ පචයා ලගද? එහෙම නැතිනම් ලප කුමාරයා ලගද. උඹ කවුරුද කියන එක උඹේ නමත් එක්කම ඉදිරියේදී හෙළිකරනු ඇත. මේ උඹ හොදින් අදුරන කෙනෙකි.

      හෙළිදරව්ව

  2. sathya says:

    සියළු ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්..- මහින්ද
    Ane me please…………. paaduwe innako

    • ගයා says:

      කවුද දන් රට ආරක්ශා කරන්නෙ , තෝද?

      • මරැසිරා says:

        දැන් කාවද ඔය යෝජනා කරන්නේ කටු කන සුනකයෝ රාජපකසවද?
        2007මැයි ගෝටා-බ්ලේක් ගිවිසුම ගහනකන් බලන් හිටිය නිවට රාජපකෂවද?
        නැගෙනහිර ශරීයා විශ්වවිද්‍යාල දාන්න ඉඩ දුන්න ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට පඩි ගෙවලා ඩබල් ගේම් ගහලා, ඩීල් දාලා හැමදාම බලයේ ඉන්න යන රාජපකෂවද? උන්ගේ කාලය අවසන්.
        රනිල් නිසා තමයි හොරයි හොරාගේ හොර පවුලයි බේරිලා ඉන්නේ..

    • john says:

      I think even the future generations of this guy ‘sathya’ will be cursed !!!! In 2005 – 2009 also MR should have behaved as this guy suggested until the LTTE airforce bomb ‘Sathya’s pacha roof also and bomb is ‘sathya’ family in a bus or road as well. Then today his junda will be there to comment against MR here !!!!!

  3. jagath says:

    Ohoma Balagena Innako………..Kawda ayeth ubalata chande denne.Dawal heena Maharaja ge

Main News